spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කප්පම් කල්ලියක් විසින් පාලනය කරන වෙරළ තිරයක හෙට පැවැත්වෙන ජාතික සරුංගල් උත්සවය?

Must read

kite fest1නිල් අහසේ වසන්තය නමින් දැවැන්ත ප්‍රචාරයක් කරමින් 2016 අගොස්තු 28 වෙනිදා පැවැත්විමට නියමිත ජාතික සරුංගල් උත්සවය පැවැත්වෙන්නේ මීගමුවේ කප්පම් කල්ලියක් විසින් මුහුදු වෙරළේ කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන පවත්වාගෙන යනු ලබන තිරයක බව මෙය සංවිධානය කරනු ලබන අය හෝ හෙට දිනයේ මේ කරා ඇදිමට නියමිත දහස් ගණන් ජනයා නොදනි.
වසරකට ලක්ෂ 12 ක තරම් සෝච්චම් මුදලකට නගර සභාව විසින් මේ වෙරළ උද්‍යානයේ වැසිකිලි පද්ධතිය සහ රථ ගාල කිසියම් අයෙකු වෙත බදු දි ඇත.
ඇමති නිමල් ලංසා පියා වෙනුවෙන් වෙනත් අයෙකු විසින් බදු ගෙන ඇත්තේ මේ වැසිකිලි පද්ධතිය සහ රථ ගාලයි.
එහෙත් දැන් මේ කප්පම් කල්ලිය විසින් මෙහි පැවැත්වෙන් සියළු සංගිත සංදර්ශන ඇතුළු සියලු විනෝද ක්‍රිඩා වෙනුවෙන් මේ වෙරළ තිරය බදු දෙමින්ද ඒහි වන අයිස්ක්‍රිම් වෙළද සැල්වල සිට දුප්පත් කඩල කරත්තකරුවාගෙන්ද විශාල මුදලක් කප්පම් ලෙසින් ගෙන මඩිය තර කර ගනිති.
මේ අනුව හෙට දිනයේ මේ ජාතික සරුංගල් උත්සවය පැවැත්වෙනුයේ කප්පම් කල්ලියක් විසින් බලහත්කාරයෙන් අල්ලාෙගන පාලනය කරනු ලබන වෙරළ තිරකය.
ගෙවුණු දශකය පුරාවට ක්‍රියාත්මක මේ කප්පම් පාලනය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යහපාලන රජයටද නවතා ලන්නට බැරි තරමේ බලසම්පන්න කප්පම් ව්‍යාපාරයකි.නිල් අහසේ වසන්නතයට යටින් යහපාලනයටත් පාලනය කරගත නොහැකිව ඇති කප්පම් පාලනයේ රහ හොදින් අත්විදින්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article