spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෘහස්ත ක්‍රීඩාංගනයට ආධාර පිණිස ජෝශප් වාස් විද්‍යාලීය පා ගමන

Must read

2016  සැප්තැම්බර්  10 වනදා පැවැත්වීමට නියමිත වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලීය පා ගමන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (27 ) වනදා පැවැත්විණි. මේ වන විටත් ඉදිවෙමින් පවතින වෙන්/ශා. ජෝශප්වාස් විද්‍යාලයේ නව ගෘහස්ත ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු අවසන් කර ගැනීම වෙනුවෙන්  අරමුදල්  සම්පාදනය කරගැනීම සඳහා මෙම පාගමන සංවිධානය කිරීමේ අරමුණ වී තිබේ. වෙන්නප්පුව ශා.  ශෝශප් වාස් විද්‍යාලය ඉදිරිපිටින් පෙ.ව. 8.30 පමණ ආරම්භ වන මෙම පාගමන කටුනේරිය දේවස්ථානය අසලින් නැවත හැරී  නැවත ශා.ජෝශප්වාස් විද්‍යාලයට පැමිණීමට නියමිතය.
මෙම පා ගමනට සමගාමීව සැප්තැම්බර් මස  03 වනදා මෝටර් රථ රැළියක් සහ සංගීත සංදර්ශනයක් වෙන්නප්පුවේදී පැවැත්විමට කටයුතු යොදා තිබේ.
මෙම මාධ්‍ය හමුව සඳහා ශා.ජෝශප්වාස් විද්‍යාලයේ විදුහල්පති ගරු ප්‍රියන්ජිව ගුණරත්න පියතුමා සහ වෙන්නප්පුව දිසාවේ ක්‍රිස්තියානි අධ්‍යන කටයුතු භාරව ගරු කුවින්ටස් පියතුමා ඇතුළු ශා/ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ද සහභාගී වී සිටියහ.

ඡායාරූප – තුෂාර රොහාන්IMG_1140 IMG_1134

 

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article