spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කපිලගේ නායකත්වයෙන් කෙහෙල් ඇවරිය ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදි !

Must read

kapila 2එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා කෙහෙල් ඇවරිය ලකුණින් මිගමුව නගාරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචනගේ නායකත්වයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරිම සදහා මේ වන විට තීන්දු කර තිබේ.
මේ වෙනුවෙන් නාම යෝජනා සුදානම් කිරිම දිස්ත්‍රික් නායක කපිලගේ නිවසේ මේ වන විට සිදු කෙරෙමින් ඇති බව වාර්ථා වේ.
මෙවර මිගමුව තුල තියුණු ඡන්ද බෙදිමක් සහිත සටනක් අනිවාර්යෙන්ම ඇතිවිමට නියමිත අතර මේ සටනේ දැවැන්තම අවාසිය හිමිවිමට නියමිතව ඇත්තේ පොහොට්ටුවෙන් තරග වදින නිමල් ලංසා හටය.
වැල්ලවිදියේ ප්‍රකට ප්‍රතිපත්තිගරුක වෛද්‍යවරයෙකු සහ මිගමුව එජාප හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන දොස්තර හෙන්රි රොසයිරෝ මෙවර ජන බලවේගයෙන් මිගමුවට තරග වැදිමට නියමිතය.
වැල්ලවිදියේ ප්‍රකට පුද්ගලයෙකු ලෙසත් නිමල් ලංසා පවුලට හිමිවිමට නියමිතව තිබු ඡන්ද විශාල ප්‍රමාණයක් දොස්තර හෙන්රි වෙනුවෙන් අනිවාර්යෙන්ම වැටිමට නියමිතය.
එමෙන්ම පසුගිය සමුපාකාර ඡන්දයකදි නිමල් ලංසා සහ දයාන් ලංසා විසින් දැමු පිළ පරදවිමන් පෙරියමුල්ලේදි කපිලලගේ පිල ජයගෙන තිබුනි.
එවැනි පසුබිමක කපිලද මිගමුෙව්දි සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගැනිමට අනිවාර්යෙන්ම නියමිතය.
මේ ඡන්ද පැහැදිලිව පොහොට්ටුවට වැටිමට ඇති ඡන්ද වුවද කපිලගේ ආගමනයත් සමගින් ඒවා පොහොට්ටුවෙන් කපිලට විතැන් විමට නියමිතය.
එමෙන්ම මුස්ලිම් ඡන්ද මෙවර වැටෙනුයේ ඉතා පැහැදිලිව සමගි ජන බලවේගයෙන් තරග වදින සාෆි රහිම් වෙතය.
ඒ අනුව පසුගිය කාලය තුල මුස්ලිම් ඡන්ද වෙනුවෙන් රවුම් ගිය නිමල් ලංසා තවත් අර්බුදයකට මේ හරහා පත්විමට කිසිවෙකුටවත් දැන් වලකාලිය නොහැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article