spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කපිලව කපන්න යන ලංසාගේ සැලැස්මට සරත්ගේ විරෝධය !

Must read

kapila 10මීගමුවේ ශ්‍රිලනිප ජේෂ්ඨ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන කපිල නන්දසුලෝචනව පෙහොට්ටුවෙ ලයිස්තුවෙන්  කපාදැමිමට මේ මොහොත වනවිට  යහපාලන ඇමති නිමල් ලංසා කුමන්ත්‍රණයක නියැලි සිටින බව අපට වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ඇත.
මීගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට කිසිවෙකුත් ඉදිරිපත් නොවු මොහොතක ඊට පෙරමුණ ගත් එක් ප්‍රධානියෙකු වන්නේ කපිලය.
මීගමුවේ පොහොට්ටුවේ නායකත්වය සිය මලයාට දිමට සියල්ල සැලසුම් කරන ඇමති ලංසා මේ අනුව මීගමුවේ පොහොට්ටුව හැසිරවිමේ බලය සියල මුදල් බලයෙන් සිදුකිරිමට පටන් ගනි.
එහි උච්චතම අවස්ථාව ලෙස දැන් ලංසා විසින් පොහොට්ටුවේ අපේක්ෂක ලයිස්තුව සැකසිම සදහා අනවශ්‍ය ලෙසින් මැදිහත්විමක් කරමින් සිටි.
මේ කුමන්ත්‍රණ දේශපාලනයට නිසිම පිළිතුරු දිමට ඊයේ දිනයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා පියවර ගෙන තිබුණි.
මේ  නිසා මහින්ද රාජපක්ෂ ඉදිරියේදි ඇඩ්ඩ්‍රස් නැති වුන ලංසා දැන් වලිකන්නේ කපිල නන්දසුලෝචන කපාදැමිමටය.
කෙසේ වෙතත් මේ  කුමන්ත්‍රණය ගැන සරත් ගුණරත්නගේද බරපතල විරෝධය මේ වන විට  මතුව තිබේ.
මේ අනුව අප විසින් කලින්ද මතුකරන ලද පරිදි මේ සියළු වර්ධනයන් මත මීගමුවේදි පොහොට්ටුව අවුලෙන් අවුලට යමින් තිබේ.දැන් මතුවෙමින් එන කලු සල්ලි අධිකාරියට එරෙහිව සරත් ගුණරත්න කටයුතු කරන අකාරය ඔහුගේද දේශපාලන ඉරණම තින්දු විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article