spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කරදියෙන් මතුවූ ව්‍යාපාරික අංකුරය සංගීත්

Must read

DSC_1422-1ඔහු  නමින්  නානායක්කාර  වර්ණකුල  පටබැඳිගේ  ටෙනිරාන්  සංගීත්  පෙරේරාය. මීගමුව  මහ  නගරසභාවේ  නාගරික  මන්ත්‍රීවරයෙකි. එමෙන්ම  ධීවර  කේෂේත්‍රය  තුළ  තම  ව්‍යාපාරික  කටයුතු  කරයි.  සියළුම  උත්සව  අවස්ථාවන්  සඳහා  මතස්‍ය  ආහාර  එනම්  ඉස්ස,  කකුළුව  ,  දැල්ල ,  තෝර,  පරව,  මෝර  ආදී  වශයෙන් වූ  ඕනෑම  මාළු  වර්ගයකින්  භෝජනශාලා,  ආපනශාලා(  රෙස්ටුරන්ට්,  හොටෙල්)  ආදී  ඔනෑම  ආයතනයක  අවශ්‍යතාවන්  සැපිරීම  ඔහුගේ   ව්‍යාපාරයේ  ප්‍රධාන  කටයුත්ත  ලෙස  ක්‍රියාත්මකය. එමෙන්ම   දූව  ජනතාව  සමඟ විවිධ  සමාජ  කටයුතු  වල  නියැලෙන  සමාජ  ක්‍රියාධරයෙකු  වන  සංගීත්  විවිධ  පැතිවලින්  දක්ෂතා  පෙන්වූ  ක්‍රීඩකයෙකි.    සංගීත්  යනු  විවිධ  හැකියාවන්  සහිත  අයෙකු  වූ  අතර  සියළු  දෑ  අතරින්  කැපීපෙනෙන  මනා පෞරුෂයකින්  හෙබි  චරිතයකි.   අප  ව්‍යාපාරිකයින්  සමඟ  කරන  සාකච්ඡාවට  එකතුකර  ගත්  මීලඟ  පුද්ගලයා  සංගීත්  විය.  ඒ  අනුව  ඔහුගේ  රැකියාව  කරන  ස්ථානය  වූ  පිටිපන  මහ  ලෙල්ලම  තුළදීම  ඔහු සමඟ  ‍කෙටි  කථාබහකට  යොමුවූයේ  මෙසේය.

ඔබ  මෙම  ව්‍යාපාරික  කටයුතු  සඳහා  යොමුවීම  ගැන  යමක්  කිව  හැකිද?

අපේ  තාත්ත  මුළින්ම  ධීවර  අංශයෙන්  තමයි  සුළුවෙන්  මේ  ව්‍යාපාරික  කටයුතු  පටන් ගත්තෙ. අපි  පාසැල්  යන  කාලෙ  ඉඳලම  තාත්තගෙ  වැඩ වලට  උදව්වුනා.  අපි  අද  මේ  ව්‍යාපාරික  කටයුතු  වලත්,  සමාජ  කටයුතු  වලත්  ඉඳගෙන යමක්  කරනවනම්  ඒ  තාත්තගෙන්  ලැබුනු  ආදර්ශයෙන්  තමයි  ඒ  සියල්ලට  අදාල  ශක්තිය  ලැබුවෙ.   අපේ  තාත්ත  සමාජෙත්  එක්ක  නිවැරදි  ගමනක්  ගියා.  මම  අදහන  පළමු  දෙවියා  ඔහුයි.DSC_1423

ඔබේ  ව්‍යාපාරය  කොහොමද  හඳුන්වන්නෙ?

මගෙ  ව්‍යාපාරය  C  V  P  group  කියල  තමයි  හඳුන්වන්නෙ.  තාත්තගෙ  නම  තමයි  අපේ  ගෙදර  සියළු  දෙනාම  තමන්ගෙ  ව්‍යාපාර  කටයුතු  සඳහා  යොදා ගත්තෙ.  මගෙ  ලොකු  අක්ක  කරන්නෙ  මල් සැකසුම්  අංශයේ  ව්‍යාපාරයක් (  විවිධ උත්සව  කටයුතු  සඳහා  සහ  පල්ලි  සැරසිලි  ආදී)  පොඩිඅක්ක  කරන්නෙ  රූපලාවන්‍ය  කටයුතු,  නංගි  මනාලියන්ගේ  ඇඳුම්  සම්බන්ධ  ව්‍යාපාරයක්.  අපි  හැමෝම C  V  P Group කියල  යොදාගත්තෙ  ඒකයි.

කොහොමද  මේ  කටයුතු  වලදි  ඔබේ  අත්දැකීම ?

මගෙ  වැඩවල  යෙදිල   දැනට  සේවය  කරනව  හත්  දෙනෙක්  විතර.  මේ  රස්සාවෙදි  ගොඩක්  කපටි  වැඩ  සිදුවෙනවා.   මාළු  හැමෝම  අඳුරන්නෙ නෑනෙ.   සමහරු  තවර  කියන  මාළුව  කපල  විකුණනව  තෝර  කියල,  කොප්පරාව  කපල  විකුණනව  තලපත්  කියල. යක්  සාලය  විකුණනව  හුරුල්ල  කියල.   මම  මගෙ  ගෙදර  සියළුම  මාළු  පිළිබඳව  නම්  ලියල  අදාල  මාළුවව  හැඳින්වීමේ ක්‍රමයක්  අනුලමනය  කරනව.  අපි  මිනිස්සුන්ට  හොඳම  ‍මාළු  දියයුතුයි.  නමුත්  හොඳම  මාළු  සහ  අංක  එකේ  මාළු  කියන්නෙ  මාදැල්  මාළුයි.  ඊලඟට  බිලීබාල  අල්ලන  මාළු. දැල් වලින්  අල්ලන  මාළුවා  එන්නෙ  අන්තිමටයි.  මොකද  ඒ  මාළුවා  අල්ලන  කොට  දැඩි  පීඩනයකට  ලක් වෙනව, කටින්  වමනෙ  දානවා. ඒ  අනුව  තමයි  මාළුවගෙ  ගුනාත්මක  බව  තීරණය  වෙන්නෙ.

sangeeth viber image 2019-04-11 , 18.27.37

ධීවර  ‍කේෂ්ත්‍රය  පිළිබඳව  සංගීත්ට  ඇත්තේ  ඉහළ  දැනුමකි.  එමෙන්ම  දේශපාලන  කටයුතු වලදීද     දැනුම  සහ  අවබෝධය   පමණක්  නොව  යහපත්  මානව  ගුනාංග    නිසාම  ඕනෑම  තැනක  තම  පෞරුෂය  රැක  ගනිමින්  කටයුතු  කිරීමේ  හැකියාවක්  ඔහු  සතුව  ඇත. එබැවින්  යහපත්  ලෙස  තම  කටයුතු  ඉටුකර  ගනිමින්  ඉදිරියට  යාමට  අපි  ඔහුට  ශක්තිය  සහ  ධෛර්්‍ය  පතමු.
සංගීත් – 0718351812


සටහන – සැම්සන් ඥානසිරි
gnanasirisamson@gmail.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article