spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කරවල නඩුවේදී මධ්‍යම පරිසර අධිකාරියට ගම්වාසීන්ගෙන් චෝදනා !

Must read

dry fishපිටිපන ගම්වාසීන් පීඩාවට පත්කරමින් පවත්වාගෙන යන කරවල වාඩි පිළිබඳ දුන්ගාල්පිටිය පොලීසිය විසින් පවරා ඇති නඩුව පසුගිය (03 ) වනදා විභාගයට ගැනිණ .
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට දුඟද අඩු බවත්, යම් නිසි පිළවෙළක් අනුව කටයුතු සිදුවන බවත් කරුණු දක්වන ලදී .
නමුත් ගම්වාසීන් අදහස් දක්වමින් ප්‍රකාශකළේ එය බොරුවක් බවයි. පසුගිය දිනවල ගඳ නොතිබුණු බව කරවල වාඩි කරුවන් තර්ක කරද්දී ගම්වාසීන් ප්‍රකාශකළේ එක තට්ටුවක හැරෙන්නට අන් සෑම වාඩියකම වේලීමක් සිදු නොකල බවයි.
මේ අනුව දෙපාර්ශවයෙන්ම මේ ගැන කරුණු දක්වන ලදී .
මේ ගඳ ප්‍රශ්ණය මීට පෙරද දිගින් දිගටම මතුවූවකි. මේගැන අදහස් දැක්වූ ගඳත් සමඟ මැස්සන්ගේ කරදරයත් මතුකරමින් ගම්වාසීන්ගෙන් ෂානිකා මහත්මිය තම අදහස පළකළේ මෙසේය .
ගඳ තාම තියෙනවා . මේගොල්ලො කියන්නෙ බොරු . මේ ගොල්ලන්ට නම් යන්න තැන් තියෙනවා . අපට යන්න තැනක් නෑ. අපිට මේක මානසික පීඩනයක්. මුලින් මෙහෙම තත්වයක් තිබුනෙ නෑ. ඉඩම්වල ප්‍රමාණයත් වැඩි කරල මේක දැන් වැඩියෙන් කරගෙන යනවා. අපේ දරුවන්ට කෑම ටිකක් කන්න විදිහක් නෑ. ඇඳුමක් වනන්න බෑ. අපේ දරුවො දුක් විඳිනවා. ඒ ගොල්ලො තමන්ගේ වැඩේ කරගෙන යයි. අපි තමයි දුක් විඳින්නෙ.
ගම්වාසීන්ගේ පැත්තෙන් සුරංග මහතාද මෙකී තත්වය ගැන අදහස් පලකරන ලදී දෙපැත්තේ තර්ක අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව මීලඟ නඩු වාරය ජනවාරි 28 දක්වා කල් තබන ලදී .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article