spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘‘මාධ්‍යවේදීන් බිය ගන්වන්න එපා‘‘ – RSF ජනපතිට කියයි

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සති දෙකක කාලයක් ඇතුළතදී ලංකාවේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් දියත් කළ සොයාබැලීම්, ප්‍රශ්න කිරීම් හා බිය ගැන්වීම් ගැන මාධ්‍යවේදීන් බියට පත්වී තිබෙන බව සඳහන් කරමින් Reporters Without Borders (RSF) ඊයේ (දෙසැම්බර් 03) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.2018 දෙසැම්බර් 12 දින නිකුත් කරන ලද අවලංගු වූ වරෙන්තුවක් භාවිත කරමින් newshub.lkවෙබ් අඩවි කාර්යාලයේ සිදුකළ සෝදිසි කිරීම, ‘තින්නපුවල්‘ දමිළ පුවත්පතේ සංස්කාරක ශක්තිවේලෛයි ප්‍රකාශ් පසුගිය නොවැම්බර් 25 වැනිදා වව්නියාව පොලීසිය මගින් ප්‍රශ්න කිරීම, theleader.lk නීතිඥ සංජය ධනුෂ්ක මාධ්‍යවේදියා හා voicetube.lkඅඩවියේ තුෂාරා විතාරණ රහස් පොලිසිය මගින් ප්‍රශ්න කිරීම ආදිය මෙහිලා උදාහරණ සේ දක්වයි.

RSF හි ආසියා පැසිෆික් කලාප ප්‍රධානී ඩැනියෙල් බස්ඩර්ඩ් පවසන්නේ, ප්‍රවෘත්ති සපයන ස්වාධීන ආයතන සම්බන්ධයෙන් කරන ලද මෙම වැටලීම් නිසා ගෝඨාභය රාජපක්ෂගේ පාලනයක් තුළ මාධ්‍ය නිදහසට කෙලෙස ගරු කරනු ඇත්දැයි යන්න ගැන පූර්ව ඉඟි ලබාදෙන බවයි.

‘මාධ්‍යවේදීන් බිය ගැන්වීම් වලට යටත් නොවී ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩදෙන ලෙස පොලීසියට පැහැදිලි නියෝග නිකුත් කරන ලෙස අපි නව රජයෙන් ඉල්ලා සිටිමු‘ යන්න ඔහු වැඩිදුරටත් කියා සිටියි.
theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article