spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපු පරිසරය බේරාගැනිමට අරගල කරන ක්‍රියාකාරින්ට නඩු ?

Must read

FB_IMG_1584349613391කලපුව පිරිසිදු කිරීමේ මුවාවෙන් වැලි හාරන්නන්ට නඩු නැත. අවට ගෙවල් දොරවල් පවා අවදානමට ලක් කරමින් ඉවක් බවක් නැතිව හාරනවාට නඩු නැත. හාරන වැල්ල පටෝගත් ටිපර් විශාල සංඛ්‍යාවක් දිනපතා ගෙනයන ජාවාරමට එරෙහිව නඩු නැත. කලපුව දූෂණය කරන කරවල ව්‍යාපාරිකයන්ට නඩු නැත.

වැලි ජාවාරම මගින් කලපුව විනාශ කිරීමට විරුද්ධ වන අයට නඩු දමා ඇත. කළපුව ආශ්‍රිත තීරය දිය රකුසා ගිල ගන්නා දිනය මෙහෙම ගියොත් වැඩි ඈතක නැත.

කලපුව ආශ්‍රිතව ජීවත්වන පිටිපන, දූව, පිටිපනවීදිය, තලාහේන, බසියාවත්ත, දුංගාල්පිටිය, සෙත්තප්පාඩුව, කැපුන්ගොඩ, සරක්කුව ප්‍රදේශ හා ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවෙනි. අධම දේශපාලනය විසින් අපව වෙන්කොට විරසක කරමින් අපේ උරුමය අපෙන් උදුරා ගනිමින් සිටී. ඔවුන් ඒ සඳහා මුදල් හදල් තාන්න මාන්න විසිකරමින් අප නිහඬ කරති. රටේ හා අපේ අවාසනාව දුෂ්ටයන්ගේ දුෂ්‍ට කම නොවේය. හොඳ මිනිසුන්ගේ නිහැඬියාවය.

කලපුව වනසා කරන වැලි ජාවාරමට එරෙහි වූ උද්ඝෝෂණය මගින් එය නැවැත්වීමට පසුගියදා කටයුතු කළායැයි ධීවර නායකයන්ට එරෙහිව දැන් ඔවුන් නඩු පවරා ඇත.

ඉතිං නිහඬ වූවා ඇති. අපේ හඬ රටම ඇසිය යුතුය. 2020. 03.17 අඟහරුවාදා මීගමුව අධිකරන භූමියට එන්න. මීගමු කලපුව අශ්‍රිතව ජීවත්වන සියලු වැසියනි එක්වන්න. සියලුම පරිසර හිතකාමිනී එක්වන්න. එන්න අපි එක්වෙමු.

සටහන අජිත් හැඩ්ලි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article