spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කළු විරෝධය මීගමුවේදි කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණයක් ?

Must read

දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වු පාස්කු දින ප්‍රහාරය ගැන වත්මන් රජය දැන් සිටින්නේ මර නින්දකය.මහමොළකරුවන් අල්ලනවා යැයි බෙරිහන් දුන් රජය දැන් මික් නැත.පාස්කු ප්‍රහාරය ගැන හොටු පෙරමින් කථා කළ ලංසාද දැන් මීක් නැත.
එහෙත් ලංසා පවුල කතෝලික සභාවේ අගොස්තු 21 කළු හර්තාලයක කඩාකප්පල් කිරිම සදහා සියුම් ලෙසින් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටි බව දැන් පැහැදිලිය.
ඒයට ප්‍රධාන හේතුව වන්නේ මිගමුවේ කඩ වැස්සවිමට මිගමුව නගරාධිපතිවරයා පැහැදිලි ලෙසින්ම මැදිහත් වෙමින් කටයුතු කර තිබිම නිසාය.
වෙනත් නගර වලදි ව්‍යාපාරික ප්‍රජාව සිය කැමැත්තෙන් සතියක කාලයකට කඩ වැසිමට තින්දු ගනිද්දි මිගමුවේ කඩ වැස්සවිමේ තින්දුව ගනු ලැබ තිබුනේ මිගමුව මහනගර සභාවේදි නගරාධිපති දායාන් ලංසාගේ සහභාගිත්වයෙන් පැවැති රැස්විමකදිය.
පුංචි රෝමය ලෙසින් නම් දරු මිගමුව තුල දැවැන්ත කළු විරෝධයක් වෙනුවෙන් කතෝලික පල්ලිය පෙළ ගැසෙමින් සිටියේ අගොස්තු 21 වනදා කඩ සාප්පු සියල්ල පැය කිපයකට වසා දමා දැවැන්ත හර්තාලයක් ක්‍රියාත්මක කිරිමටය.මෙම කළු හර්තාලයට මිගමුවේ මුස්ලිම් පල්ලයද එක්විමට නියමිතව තිබේ.
අනෙකුත් ආගමික කොටස්වලින් මේ වන විටත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් ඇතැයි මිගමුව පුරවැසි කමිටුව කියා සිටි.මෙවන් දැවැන්ත විරෝධයක් වෙනුවෙන් කතෝලික පල්ලිය ප්‍රමුඛ විවිධ ආගමික කොටස් පෙළගැසෙමින් සිටිද්දි මිගමුවේ කඩ සාප්පු අද සිට මේ අනුව වසා දැමෙන්නේ නගරාධිපතිගේ මුලිකත්වයෙන් පැවති රැස්විමකින් පසුවය.
මිගමුවේ ව්‍යාපාරික ප්‍රජාව රටේ පවතින තත්වය ගැන සලකා නගරයේ කඩ වැසිම පිළිබදව සාකච්ජා කරමින් සිටිය පසුබිමකදි එ සදහා මිගමුව නගරාධිපතිවරයා අගොස්තු 19 වෙනිදා සිට කඩ වැසිමට මැදිහත්විම තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article