spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාමච්චෝඩයට   ළමා  හා  මාතෘ සායනයක්    නෑ..

Must read

මෙම ඡායාරෑපය ලිපිය හා සම්බන්ධයක් නොමැත. උපුටාගැනීම අන්තර්ජාලයෙන්
මෙම ඡායාරෑපය ලිපිය හා සම්බන්ධයක් නොමැත. උපුටාගැනීම අන්තර්ජාලයෙන්

කාමච්චෝඩය  ප්‍රදේශයේ   මෙතෙක් තිබුනු   සායන මධ්‍යස්ථානය ඉවත්කිරීම නිසා  එම ප්‍රදේශ‍යේ  පමණක් නොව  ඇලස්පාර , සුරියපාර , මහවීදිය   යන  ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව එමප්‍රදේශවාසීන්  ප්‍රකාශ කරයි .

මේනිසා  ඔවුන්ට   කුඩාපාඩුව ප්‍රදේශයේ  තිබෙන  සායන මධ්‍යස්ථානය වෙත  යාමට සිදුව ඇති අතර තම අවශ්‍යතා සදහා ප්‍රවාහන වියදම් ආදිය  මත මැසිවිළි නැගීමට  සිදුව ඇත. මෙම ප්‍රදේශයේ    පොල අසල පොදු ශාලාවන් තිබේ . පෙරදී මෙම ස්ථානය  පොදුකටයුතු සහා  භාවිතා කළ අතර ළමා සමාජ   විවිධ සමීතිවල  රැස්වීම්  ආදියට  මෙහි ඉඩ කඩක් තිබිණ.   නමුත්  මේ වනවිට  බල්ලන්ට වාසස්ථානයක්   සහ ඕනෑම අනවශ්‍ය   දෙයක් ඉටුකරගතහැකි    තැනක් බවට පත්ව ඇත .    මේ අනුව මෙම ශාලාව හිස්ව තිබෙනවාට වඩා ඉහතකී සායන මධ්‍යස්ථානය සදහා ස්ථානයක්  වෙන්කරගත හැකියැයි   ජනතාව අදහස් පලකරයි

මේ පිළිබදව අවධාණය යොමුකර  ප්‍රාදේශීය  ළේකම් කාර්්‍යාලය  මීගමු මහ නගරසභාව   සහ ප්‍රදේශ‍යේ  දේශපාලනඤයින්   යන සියළු  වගකිවයුත්තන්   මේ සදහා මැදිහත්වී  යම් ක්‍රියා මාර්ගයක් ගතයුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article