spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාර්දිනල්තුමා ඇගිල්ල දිගු කළ යුත්තේ ආරක්ෂාව භාරව සිටි සියළු ලොක්කන් වෙතය !

Must read

cardinal

අද දින විකාශය වු ප්‍රවෘත්ති වලින් කියවුනේ කාර්දිනල්තුමා සිදුව ඇති විනාශය ගැන ඇගිල්ල දිගුකර සිටියේ ඇමතිවරයෙකු විසින් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබදවය.

dav

රටේ ආරක්ෂාව භාර සිටින ප්‍රධාන තැනැත්තා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඔහුගේ අණ පරිද රටේ සාමය හා ක්‍රමවත් භාවය පවත්වාගෙන යාමේ ප්‍රධාන වගකිම භාරව ඇත්තේ පොලිස්පති වෙතය.
අද පැවැති මාධ්‍ය හමුවකදි ඇමති රාජිත සේනාරත්න විසින් කියා තිබුනේ විදෙස් බුද්ධි අංශ විසින් අප්‍රෙල් මස 04 වෙනිදා කිසියම් අනතුරු ඇගවිමක් සිදුකර තිබුණ බවය .මේ ගැන ක්‍රියාත්මක නොවු පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු යැයිද ඔහු එහිදි ආවධාරණය කර තිබුණි.
එපමණක් නොව ආරක්ෂක කවුන්සිලියේ රැස්විමට පසුගිය මාස 5 ක පමණ කාලයක් අගමැතිවරයාට පවා ඇරයුමක් නොතිබුණ බවද මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
තතු එසේව පැවතියේදි කාර්දිනල් වරයා මාධ්‍ය හමුවේ කියන ඇමතිවරයෙකු පිළිබද චෝදනා කථාව කුමක්ද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article