spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාර්දිනල්තුමා සහ ආරක්ෂක ලේකම් ගේ කෑලෑ ගමන නැවතුනාද..?

Must read

Negombo -News 2007 සිට පුරා වසර පහක කාලයක් තිස්සේ තමන් විඳි අපමණ දුක් ගැහැට, පිඩාවන් වලට නැවතීමේ තිත තබමින්, තමන්ගේ මුලික අයිතිවාසිකම වන සිය මුල්ලිකුලම ගමට යන්නට අවශ්‍යකරන පසුබිම සකසා දෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් ඇතැයි දැනට මරිච්චිකට්ටු කැලෑවේ දිවි ගෙවන මුල්ලිකුලම් හි අවතැන්වු ජනතාව සතුටින් ප්‍රකාශ කර තිබුනේ  පසුගිය නොවැම්බර් මාසයේදිය.

ඒ  රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා සමඟින් කතෝලික සභාවේ එඩේරාණන් වන අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ඉතාම ඉක්මනින් ඔවුන් හමුවීමට මරිච්චිකට්ටු ඝන කැලෑවට පැමිණෙන බව ඔවුන් ට සැලව තිබුනු නිසාය.

ඒ ගැන අපිට හරිම සන්තෝෂයි. කාදිනල් හිමිපාණන් අපි වෙනුවෙන් මැදිහත් වෙලා අපගේ ජිවිතවලට සිදුවී තිඛෙන පීඩාව, අවමානය හා හිරිහැර සම්බන්ධයෙන් ගරු ගෝඨාභය මැතිතුමාව දැනුවත් කරලා හැකි ඉක්මනින් අපේ මුල් ගම වන මුල්ලිකුලම ගමට යන්නට අපිට සහය වෙනවා කියලා අපිට විශ්වාසයි.˜ යනුවෙන් කාදිනල් හිමිපාණන් ගැන මහත් වු බලාපොරොත්තුවකින් යුතුව එදා ඔවුන් ප්‍රකාශ කළේය.
1990 වසරේ දි පළමු වරට ද, 2007 වසරේදි අවසන් වරට ද මුල්ලිකුලම ගමේ ජනතාවට අවතැන්වන්නට සිදුවිය. මුල්ලිකුලම ගම, මුළුමනින්ම දමිළ කතෝලික, ධීවර සහ ගොවි පවුල් 300ක ගෙන් සමන්විත වු මුහුදින් ද, ගොඩ මඩ ඉඩම්වලින්ද ,ස්වයංපෝෂිත ජලාශ 08කින් ද සමන්විත වු ඉතාම සස්ශ්‍රීක ගම්මානයකි.
2007 ට හා 1990 ට පෙර ධීවර රැකියාවෙන් ද ගොඩ-මඩ වැවිලි කර්මාන්තයන් තුළින් ද සත්ව කර්මාන්තයන් තුළින් ද ඔවුන් සමෘද්ධිමත්, සුව පහසු, සාර්ථක ජීවිත ගත කළමුත් වර්ථමානයේදි සිය මුල් ගම වන මුල්ලිකුලමට යන්නට අවසර නොලැබීම මත, විෂකුරු සර්පයින්, අලි ඇතුලූ කැලෑ සතුන්ගෙන් පීඩා ලබමින්ද, රැකී රඬා නොමැතිව ද, කුසට නිසි ආහාරයක් නොමැතිව ද, වර්ෂාවෙන් ද තදබල ලෙසට පිඩා විඳිමින්  දැඩි චිත්ත වේදනාවලින් යුතුව ඔවුන් මරිච්චිකට්ටු කැලෑවේ අති දුෂ්කර ජීවිත ගතකරති. මෙසේ ජීවත්වන සම්පුර්ණ පවුල් ගණන 212 කි.
—අපේ මුල්ලිකුලම ගමේ අපිට ජිවත් වෙන්න අවශ්‍ය සියලූම දේ තියෙනවා. ගමට යන්න අවසර දුන්නානම්, අපිට කාටවත් කරදර කරන්න ඕනේ නැහැ. මෙහෙම කුසිගිනි උහුලන්න සිදුවෙන්නෙ නැහැ. කවුරුත් අපිට කන්න ගෙනත් දෙනකම් බලාගෙන ඉන්න ඕනෙ නැහැ. අපේ ගෙවල් ගමේ තියාගෙන….. කැලයට වෙලා මේ පොල්අතු පැලවල්වල හාමතේ ගින්දර උහුලන්න සිද්ධවෙලා තියෙනවා. නමුත්, මැල්කම් රන්ජිත් හිමිපාණන් අපිව මේ දුකෙන් ඉක්මනින් මුදවා ගනීවී කියලා අපිට විශ්වාසයි.˜

එහෙත් මේ සියළු බලාපොෙරාත්තු දැන් කඩව ගොස් ඇත්තේ කාර්දිනල් තුමන්ගේ සහ ආරක්ෂක ලේකම්ගේ ගමන දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති බැවිනි.

පසගිය මස 20 වෙනිදාට මේ ගමන යෙදි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article