spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කාර්දිනල් හිමිට ගොරවපු අයට එරෙහිව පොඩි දරුවන්ව පාරට ගෙනාවේ කව්ද?

Must read

පිටිපන ලෙල්ලමේ සෙල්ලම දැන් ගමක් බෙදන අර්බුදයක් බවට පත්ව තිබේ.මිගමුවේ පල්ලි ගොඩනැගිමට ධිවරයන්ගේ මහන්සිය තීරාණාත්මක ලෙසින් දායක වි ඇති බවට ඉතිහාසය සාක්ෂි දෙයි.

⁣කෙසේ වෙතත් පිටිපන එක්සත් ධිවර සමිතියට තෑගි ඔප්පුවකින් භාර දි තිබුනේ යැයි කියන ලෙල්ලම පරිපාලනය කරන අන්දම එරෙහිව අධිකරණයට ගොනුකර තිබු නඩුවකට අනුව මේ වන විට එහි පරිපාලන වගකිම් කිසියම් පුද්ගලයෙකු හට පවරා දි තිබේ.

ඔහු දේශපාලන  ගැත්තෙකු යැයිද චෝදනාවක් පවතින බව පිටිපන එක්සත් ධිවර සමිතිය දැනටමත් චෝදනා කර තිබේ.

මේ පසුබිම තුල පසුගිය දිනක එක්සත් ධිවර සමිතියේ පිරිසක් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට විරෝධතාවයක නියැලුණි.

එයට ප්‍රතිචාර දක්වමින් පිටිපන ඇතුලු ඒ ප්‍රදේශයේ පල්ලි කිපයක ජනයා පිටිපන දේවස්ථානය ඉදිරිපිට ට පැමිණ පසුගිය ඉරුදිනක විරෝධතාවයක් සංවිධානය කරන්නට යෙදුණි.

එහිදි මුලික අවධානය යොමුව තිබුනේ කාර්දිනල් හිමිට අපහස කිරිමට එ⁣රෙහිව සිය විරෝධතාවය ප්‍රකාශ කිරිමය.

කෙසේ හො මෙම වි⁣⁣රෝධතාවයට පාසැල් ඇදුමෙන් (සුදු ඇදුමෙන් )සැරසුන පාසැල් දරුවන්ද එක්ව සිටිනු දක්නට ලැබුණි.ඔවුන් අත විරෝධතා පුවරුද විය.මේ දරුවන් එදින පල්ලියේ දහම් පාසැලට පැමිණ සිටි අය වන්නටද පුලුවන.

විවිධ අරගල වලදි මෙන්ම දේශපාලකයන් පිලිගැනිම් සඳහාද පොඩි දරුවන් පාවිච්ච් කිරිම ගැන බරපතල විවේචන   බොහෝ අවස්ථා වල දක්නට ලැබුණි

විරෝධතා පුවරු අතට දි පිටිපන පල්ලිය ඉදිරිපිටට දරුවන් කැදවිමට මුල් වු අයට ආදාලවද ඉහත විවේචනය වලංගු නොවන්නේද?

පිටර් ප්‍රනාන්දු  -දුන්ගාල්පිටිය..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article