spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘කාලෝ ඉවත් කරන්නේ නැහැ’ – රාජිත

Must read

රාජිත

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැතැයි කැබිනට් සම ප්‍රකාශක හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මාලඹේ සයිටම් ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය කිසිසේත්ම පිළිනොගන්නා බවත්, එම නියෝගය ක්‍රියාත්මක කරන්නට නම් ආණ්ඩුවට තමන් තනතුරෙන් ඉවත් කරන්නට සිදු වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ‘රාවය’ පුවත්පතට කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී අමාත්‍යවරයා එබව පැවසිය.

කාලෝ ෆොන්සේකා මහතාට මේ වසරේ ජනවාරි සිට තවත් මාස හයක් සේවා දිගුවක් ලබාදුන් බවද සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රශ්ණගත සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා මහතා විරෝධය දක්වන අතර ඇමති රාජිත සේනාරත්න මහතා සයිටම් උපාධිය අනුමත කරන ස්ථාවරයක් පසුවේ.

එවන් තත්වයකදී ඇමතිවරයා විසින්ම 84 හැවිරිදි කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීම විශේෂය.

‘හිරේ ගියත් පිළිගන්නේ නෑ’ 

කෙසේවුවද, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසන්නේ, උසාවි නියෝගය තමා ප්‍රතික්ෂේප කරන බවත්, එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමා අත්අඩංගුවට ගත්තත් තම ස්ථාවරය වෙනස් නොකරන බවත් ය.

කිනම් ආයතනය කිනම් තීන්දුවක් ලබා දුන්නත් එය පිළිනොගන්නා බව ද කාලේ ෆොන්සේකා මහතා පවසයි.

සයිටම් ආයතනය ගැන සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එළැඹෙන 17 වනදා රැස්වීමට නියමිතය.
www.srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article