spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු පත්කරයි : රවිනාත් ඉවතට -විදේශ අමාත්‍යංශයට අද්මිරාල් කොළඹගේ

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කැබිනට් අමාත්‍යාංශ 26ක් සඳහා ලේකම්වරු පත්කර ඇති අතර

අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රදානය කළේය.

එහිදී එස්. ආර්. ආටිගල මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙසද, අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙසද පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද, මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද පත්කර ඇත.

ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇත්තේ ප්‍රියත් බන්දු වික්‍රමයි.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01 – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න – ආරක්ෂක අමාත්‍යාංශය

02 – මේජර් ජනරාල් සංජීව මුණසිංහ- සෞඛ්‍ය අමාත්‍යාංශය

03 – මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා – කෘෂිකර්ම අමාත්‍යාංශය

04 – අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ  – විදේශ අමාත්‍යාංශය

05 – ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම්

06 – ආර්.ඩබ්.ආර්. පේමසිරි  – මහාමාර්ග අමාත්‍යාංශය

07 – එස්.ආර්. ආටිගල – මුදල් අමාත්‍යාංශය

08 – ජේ.ජේ. රත්නසිරි – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

09 – ජගත් පී.විජේවීර  – ජනමාධ්‍ය අමාත්‍යාංශය

10- රවින්ද්‍ර හේවාවිතාරණ  – වැවිලි අමාත්‍යාංශය

11- අනුර දිසානායක  – වාරිමාර්ග අමාත්‍යාංශය

12 – ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා  – කර්මාන්ත අමාත්‍යාංශය

13 – වසන්තා පෙරේරා – විදුලිබල අමාත්‍යාංශය

14 – එස්. හෙට්ටිආරච්චි  – සංචාරක අමාත්‍යාංශය

15 – ආර්.ඒ.ඒ.කේ. රණවක – ඉඩම් අමාත්‍යාංශය

16 – එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ  – කම්කරු අමාත්‍යාංශය

17 – ආර්.එම්.අයි. රත්නායක මහත්මිය  – ධීවර අමාත්‍යාංශය

18 – එම්.කේ.බී. හරිස්චන්ද්‍ර – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය

19 – එන්.බී. මොන්ටි රණතුංග – ප්‍රවාහන අමාත්‍යාංශය

20 – ප්‍රියත් බන්දු වික්‍රම – ජලසම්පාදන අමාත්‍යාංශය

21 – ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය

22- අනුරාධ විජේකෝන්  – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

23 – කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය

24- වෛද්‍ය අනිල් ජාසිංහ  – පරිසර අමාත්‍යාංශය

25- මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශය

26- සිරිනිමල් පෙරේරා  – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය
(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article