spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැල්ටන් කියන්නේ යාළුවෝ හම්බවෙන්න නම් කියාපුම තැනක් !

Must read

calton 1හුග කාලෙකින් පාසල් කාලයේ අපි දෙන්නගෙම ඒ කියන්නේ මගෙයි වයිෆ්ගෙයි හොදම යාළුවෙක්ගේ දුරකථන අංකයකින් මගේ දුරකථනයට අැමතුමක් එනවා.

වෙන්න බෑනේ , මිනිහ දැන් ඉන්නේ ඩුබායි වලනේ ???..
ඒ කියන්නේ මිනිහ ලංකාවට ඇවිල්ලවත්ද??

මේ දේවල් කල්පනා කරන ගමන් මම Phone එක answer කරා.

අම්මේ ඉතින්, අවුරුදු ගානකින් යාළුවෝ දෙන්නෙක් කථා කරද්දි වෙන දේවල් විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒ කථා බහෙන් පස්සේ මගේ යාළුවා කිවුවා එයා හවස් වෙනකොට මීගමුව පැත්තට එනවා හවස හමුබවෙමු කියලා.

ඉතින් ඊට පස්සේ මගෙයි වයිෆ්ගෙයි ප්‍රශ්ණේ වුනේ යාළුව මීට් වෙන්න තැනක් ලෑස්ති කරගන්න එක. නිදහසේ ඉන්න, හොදට ඉඩකඩ තියෙන, දාඩිය දාන්නේ නැති , කෑම වල variations තියෙන තැනක් ගැන තමයි අපි බැලුවේ

පොකට් එකට දරාගන්න පුළුවන් වෙන්නත් එපැයි. යාළුව ඩුබායි වුණාට අපි ලංකාවෙනේ.

ඔහොම කල්පනා කර කර ඉද්දී අපේ වයිෆ් අහම්බෙන් වගේ මීගමුව Calton එකේ fb page එක දැකල තිබුණා. fb page එක දැක්කහම තේරුණා මෙතන ගොඩක් කෑම ජාති තියෙනවා කියල. අනිත් restaurant  වලට වඩා හොදට ඉඩත් තියෙනවා. මීගමුවේ town එකේම තියෙන Calton එකට වඩා මෙතන වටපිටාව වෙනස්.

පස්සේ අපි දෙන්නා තීරණය කරා යාළුවත් එක්ක Calton එකට යනවා කියල. යාළුවට ලොකේෂන් යවන්නත් ලේසීයි. ප්‍රධාන පාර අයිනෙමනේ Calton එක තියෙන්නේ.

කොහොමහරි හවහ 5.00 ට වගේ අපි තෙල්වත්තහන්දිය Calton එකේදී හමුවණා. මං හිතන්නේ අවුරුදු 10කට විතර පස්සේ.

ඇතුලට ගියායින් පස්සේ විවිධාකාරයේ කෑම ජාති, කේක් වර්ග, පැණි රස කෑම, muffins, ප්‍රේස්ට්‍රි වර්ග, විවිධ බනිස් වර්ග, fruit juice , Iced coffee, milk shake, තේ, නැති දෙයක් නැහැ. මටයි වයිෆ්ටයි තේරුණා අපි හොදම තැන තමයි තෝරගෙන තියෙන්නේ කියල. කෑම ජාති වැඩි මිලකුත් නැහැ.

කොහොමහරි විවිධ ආකාරයේ කෑම ජාති වලින් කිහිපයක් තෝරගෙන බොන්නත් දේවල් අරගෙන අපි ගිහින් වාඩි වුනේ ටිකක් ඈතින් තියන මේසෙක.කිසි කරදරයක් නැහැනේ. මෙතන ලොකු space එකක් තියන නිසා ලොකු crowd එකක් ආවත් අපේ නිදහසට බාධාවක් වෙන්නේ නැහැ.

ඉතින් අවුරුදු ගාණක කතා,පාසල් කාලේ සුන්දර මතකයන් එක්ක අපි පැයක් එකහමාරක් වගේ කියව කියව හිටියා.

ඔන්න එතකොට වටපිට බලපු මම දැක්කා අපිට මේස දෙකක් වගේ එහා මෙසේ හිටපු family එකේ මෙසේ උඩ තියෙන්නේ රොටි,පරාට, වගේ දෙවල්.. ඒ කියන්නේ ඒවත් මෙකේ තියෙනවද මරුනේ.

මම අතකින් මගේ වයිෆ්ට ඇනල, ඒක පෙන්නන ගමන් කිව්වේ යන ගමන් රෑ කැමත් මෙහෙන්ම අරන් යං කියල.

කොහොමහරි මගේ යාළුවත් එයාගේ ගෙදර අයගේ රෑ කෑම එක් අරන් ගියේ Calton එකෙන්, සවස 4.00න් පස්සේ ඒ විදියේ කෑම තියෙන stall එක ඒ අය open කරනවලු. ඒක නිසා කිසිම අපහසුවක් නැතිව අපිට අවශ්‍ය කෑම ඕනෑම ජාතියකින් අරන් යන්න පුළුවන්. මිලත් අතිශයින්ම සාධාරණයි.

අපි ඕඩර් කරපු කෑම ටික අපට ලැබෙනකන් අපි Calton ආයතනයේ සේවක මහත්මයෙක් සමග කථාවට එකතු වුනේ ඒ අයගේ සේවය අගයන්නත් එක්කමයි. මොකද හරිම සුහදශීලී සේවාවක් අපිට ලැබුණා. එතනදී අපට දැනගන්න ලැබුනා Calton එක රාත්‍රී 12 වනතුරු විවෘතයි කියලත්.

ඇත්ත වශයෙන්ම Calton  කියන්නේ මීගමුවේ වසර ගණනාවක් තිස්සේ පවතින බේකරි නිශ්පාදන ජාලයක්. මීගමුව හා අවට ප්‍රදේශ වලත්, කොළඹ ශැන්ග්‍රිලා හෝටලේත් මෙහි ශාඛාවක් තියෙනවා. ඒ නිසා කිසිම බයක් සැකක් නැතිව පොඩි දරුවන්ට වුණත් කෑම අරගෙන දෙන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් තමයි Calton  කියන්නේ.

ඒ අතරිනුත් මීගමුව තෙල්වත්ත හන්දියේ Calton  එක විශේෂයි. විවිධ වර්ග වල කෑම බීමත් එක්කම නිදහසේ කථා බහ කරමින් ආහාර වල රසවිදින්න කියාපු තැනක්.
කාලෙකින් හමුනොවුන මිතුරන් හමුවෙන්න
dinner out/ lunch out වලට
බිස්නස් මීටින්ස් වලට වගේ දේවල් වලට
හවසට තේ එකක් බොන්න මේක කියාපු තැනක්. පොකට් එකට කරදරයකුත් නැහැ.

ඒ නිසා ඔයාලත් හොයන්නේ ඒ වගේ තැනක්නම් Calton එක බය නැතුව recommend කරන්න පුළුවන්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article