spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැලිසන් ජයකොඩිගේ කැබ් ගමනින් හෙළිවන මිගමු දේශපාලනයේ නිරුවත !

Must read

kali 2මිගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රි කැලිසන් ජයකොඩි යනු මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කරනු ලබන අයෙකි.
පසුගිය දා අත්තනගල්ලේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්විමට යෑම සදහා කැලිසන් ජයකොඩි හට මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ අනුග්‍රහයෙන් මහනගර සභාවේ කොළපාට කැබ් රථය ලැබි තිබුණි.මේ ගමනට සම්බන්ධව සිටි අනෙක් නාගරික මන්ත්‍රිවරයා වුයේ පළාත් පාලන ඡන්දයෙන් පසුව පැවති පළමු රැස්විම ලංසා පවුලේ ඉල්ලිම මත මගහැර  නිව්මන් නැමැති එජාප නාගරික මන්ත්‍රිවරයාය.
පොහොට්ටුවේ. ජනපති අපෙක්ෂක ගෝඨාට එරෙහිව රටපුරාම එජාප ක්‍රියාකාරින් මේ වන විට මහත් උද්යෝගයකින් යුතුව පෙළගැසෙමින් සිටිති.
එහෙත් මීගමුවේදි එජාප නාගරික මන්ත්‍රිලා බහුතරයක් ගෝඨාගේ ප්‍රධාන ඡන්ද සටන ගෙනියන්නට සිටින ලංසා පවුල සමගින්  හාදවෙලා යමන් පනේ යැයි කියමින් අලුත් දිගෙක ගොස් සිටිති.
මුදල් කාරක සභාවේ එජාප නාගරික මන්ත්‍රි නියෝජිතයා මේ වන විට සිටින්නේ දයාන් ලංසාගේ ඔඩොක්කුවේ නම් ලංසා පවුල විසින් කරනු ලබන ඕනෑම අකටයුත්තකට එරෙහි නොවන බව දැන් තවත් පැහැදිලිය.
අප පසුගිය කාලය පුරාම හෙළිකරන්නට යෙදුන මුදල් අවභාවිතයන් ගැන කැලිසන් ජයකොඩිලා මුදල් කාරක සභාවේදි එරෙහිව ගොස් තිබුනේ නැත.
මහජන බදු මුදල් ලක්ෂ 9 ක්  කොමසාරිස්තුමියගේ රථගාය වෙනුවෙන් අවභාවිතයේ යෙදෙද්දි කැලිසන්ලා නිහඩ වෙන හේතුව දැන් තවත් හොදින් පැහැදිලි වෙමින් තිබේ.
මින් කියැවෙන්නේ කුමක්දන්?
අප විසින් කාවින්ද ජයවර්ධනගේ පැරිෂුට් ආගමනයත් සමගින්  කරන ලද හෙළිකිරිම් යළි යළිත් තහවුරු වීමක් නොවේද ?
මෙවන් පසුබිමක් තිබියදි ගෝඨාගේ ජනපති සිහිනය පරාජය කිරිම සදහා මීගමුව ආසනය දිනවිමට කාවින්දලාට නොහැකි වන්නේ ඇයිද යන්න දැන් සක්සුදක් සේ පැහැදිලි වෙමින් තිබේ.
පසුගිය පලාත් පාලන මැතිවරණය තුලින් ලංසා පවුලේ දේශපාලනය අතුගා දමා ලබාගත් ජයග්‍රහණය දැන් ඇස්පනා පිටම පාවාදෙන්නට කාවින්දල කැලිසන්ලා කටයුතු කරමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article