spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිරිකුරුස පාලම බේරා ගැනීමේ සටන අද ඇරඹේ.

Must read

IMG-20190818-WA0049IMG-20190818-WA0050IMG-20190818-WA0047මීගමුව , මුන්නක්රය සහ සිරිවර්ධන පෙදෙස යන ගම් දෙක යා කරන කුරුස පාලම මේ වනවිට ඉතා බරපතල අයුරින් අබලන්ව ඇති බැවින් එය මුන්නක්රයේ ජීවත්වන සියළු ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්ණයක් බවට පත්වී ඇත . ඒ අනුව කාලයක් තිස්සේ සාකච්ඡාවට භාජනයවී ඇති කුරුස පාලම පිළිබඳ ප්‍රශ්ණය ගැන දැනුවත් කිරීමේ අටියෙන් සූදානම් කළ උද්ගෝෂණයක් අද ප. ව. 3.00ට සිරිකුරුස පාලම අසලදී පැවැත්විණි .IMG-20190818-WA0048IMG-20190818-WA0045
මෙම උද්ගෝෂණය සූදානම් කරන ලද්දේ මුන්නක්කරය ස.න.ස. සමීති සංවිධාන වල මෙහෙයවීමෙනි. මෙහිදී සියළු මාධ්‍ය ආයතනයන්ට දැනුම් දුන්නද මාධ්‍ය සහභාගීත්වය පිළිබඳ ප්‍රශ්ණයක් තිබින . එසේම මේ පිළිබඳව සංවිධායක වරු කලකිරීමට පත්වූ බව ප්‍රකාශ කරන ලදී .පාලම ගැන කරුණු සඳහන් කළ උද්ගෝෂණයේ සංවිධායකවරු ප්‍රකාශකළේ සියළු දේශපාලන පක්ෂ සහ සංවිධාන පැමිණ පාලම හදන බවට පොරොන්දු වී ගිය නමුත් තවමත් එය පොරොන්දුවක් පමණක් වූ බවයි.
සියළු රාජ්‍ය ආයතන සහ මහ නගරසභාව මේ සම්බන්ධව කිසිදු කථාවක් නැතිබව ඔවුන් පවසන ලදී .වගකිවයුතු සියළු දෙනා දක්වන ප්‍රතිචාර කෙසේ වුනත් මෙම කාර්‍ය ඉටුකරගන්නාතුරු තමන් මේ අරගලය ඉදිරියටම කරගෙන යන බව සංවිධායක වරු තවදුරටත් පැවසීය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article