spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිතු බැතිය පිළිරුවට නගන කලාකරුවා

Must read

IMG_1511සටහන / දිල්ශාන් ක්‍රිෂාන්ත/
කතෝලික ජනයා ජේසුතුමන් හා කතෝලික දහමේ මුනිවරයන්ගේ පිළිරෑ නිර්මාණය කරමින් එම පිළිරුවට ගරු බුහුමන් දක්වන්නේ මහත් භක්තියෙකිනි.
අප දකින එම පිළිරුව ජිවමාන තත්වයකට පත්කළ හැක්කේ එහි නිර්මාණකරුට වේ. වර්තමානයේදී නොයෙක් අමුද්‍රව්‍ය යොදා කරන ප්‍රතිමා, පිළිරු දැක ගත හැක.
නමුත් එම ප්‍රතිමා ජීවමාන ස්වරූපයෙන් දකී නම් ඔබෙත් මගෙත් හිතට නැගෙන්නේ සතුටකි.
මොරටුව රේමන් ප්‍රනාන්දු මහතාද එවැනි නිර්මාණ කිරිමට හැකියාවක් ඇත්තෙකි යැයි මට හැගුනේ එම නිර්මාණ ඇසිනි දුටු නිසාය.තනි දැව කඳකින් රුවක් අඹන්නට ඔහුට හැකියාව ඇත.දැවමය කැටයම් නෙලීමෙදි රේමන් මහතා සුවිශේෂි තැනක් ගන්නේ ශ්‍රි ලංකාවේ කතෝලික දේවස්ථාන බොහෝමයක දැවමය ප්‍රතිමා නිර්මාණ බිහිකිරීමට සමත් වීමයි.

රේමන් ප්‍රනාන්දු මහතා ඡායා - දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා
රේමන් ප්‍රනාන්දු මහතා
ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

1945 ඔක්තොම්බර් මස 21 වන දින මොරටුව ලක්ෂපතිය නම් ගම්මානයේ පාරම්පරික වඩුකාර්මීක පවුලකින් රේමන් ප්‍රනාන්දු මහතා උපත ලබයි.
මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සිප් සතර හැදැරු මෙතුමා තම වෘත්තිය කරගන්නේ පරම්පරාවෙන් උරුම වූ වඩු කර්මාන්තයයි.
මේ වනවිටත් දැව වලින් මෙම නිර්මාණ සිදුකරන රේමන් මහතා මේ වන විට සියවන ප්‍රතිමාව නිර්මාණය කරමින් සිටි. තමා බොහෝ සේ ආගමට ලැදි වන බවත් දෙවියන්ගෙන් ලඳ තලෙන්තුව නිසා මෙම නිර්මාණ කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පැවසුවේය. මෙම නිර්මාණ නිසා ලොකු ආත්ම තෘප්තියක් ලබන බවත් මෙලෙස සිදුකළ  බොහෝ නිර්මාණ වලට කිසිදු මුදලක් අය නොකර  නිර්මාණ බවත් ඔහු සදහන් කළේය.
දැනටත් නිර්මාණ හතරකට පමන තම කාලය කැප කරන බව අප සමග සදහන් කලේය.

මේ වගේ නිර්මාණ කිරීමට අදහසක් පහල වුනේ ඇයි  ?

මම ගොඩාක් ආගම දහමට ලැදි පුද්ගලයෙක්. මම ප්‍රතිමාවක් දැක්කම හිතනවා ගොඩාක් දෙවල්. ඉතින් මම කල්පන කලා ලී වලින් සුරුවමක් නිර්මාණය කරන්න.
ස්වයං සිතුවිල්ලකින් තමා මෙ වගේ නිර්මාණ බිහි වුනේ.

පළවෙනි නිර්මාණය වුනේ කුමක්ද ?  කිනම් වර්ෂයේද ?

1975 දි තමයි මම පළවෙනි නිර්මාණය කරන්නේ.
ඒක දේවමාතා ප්‍රථිමාවක්.මම ඒක මගේ ඥාතියෙක්ට මම පරිත්‍යාග කළා.
දැන් ඒ නිර්මාණයට වසර 40ක් වගේ වෙනවා ඒක මම නැවත අලුත්වැඩියා කළා, මේ ලඟදි.

දේවස්ථාන ප්‍රතිමා නිර්මාණයට මුල පිරුවේ කෙසේද ?

මගේ හතරවන නිර්මාණය – මම පරිත්‍යාග කළා  විල්ලොරවත්ත දේවස්ථානයට .
1974 දි මම විවාහ වුනේ .අපේ විවාහයේ දිව්‍ය පුජාව මෙහෙයවීම කලේ ගරු ටියුඩර් වනිගසේකර පියතුමා. ඉතින් මගේ දුවගේ ක්‍රිස්තියානියත් කලේ එතුමා තමා.
මගේ හතරවන නිර්මාණය මම එතුමාට පරිත්‍යාග කළා.

1996දි භාග්‍යවත් ජුසේ වාස් මුනිතුමාගේ අඩි හතරක ප්‍රතිමාවක් නිර්මාණය කළා.
ඒක මෝදර ජුසේ වාස් දේවස්ථානයේ වීදි ගෙනයන සුරුවමයි.

දැනට කොපමන නිර්මාණ ප්‍රමාණයක් බිහි කරලා තියනවාද? 

මේ දවස් වල මම මදු දේව මැනියන්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා ඒක තමා මගේ සියවන ප්‍රතිමාව.

මෙම නිර්මාණ කිරීමේදි යොදාගන්නා දැව ගැන සදහන් කලොත්?

මගේ ගොඩාක් නිර්මාණ කරලා තියෙන්නේ මහෝගනී ලීයේන්. තව සුදු හදුන් ලීයේන් කරපු නිර්මාණත් තියනවා.

2000 දි මොරටුව කඩලාන සාන්ත අන්තෝනි දේවස්ථානයට ශු.අන්තෝනි මුනිතුමාගේ ජිවමාන ප්‍රමාණයේ සුරුවමක් නිර්මාණය කරනවා. ඒක මහෝගනි කඳකින් තමා කරන්නේ.
ඒ  කදෙන්මවෙනත් කොටස් වලින් 2010 සොයිසාපුර දේවස්ථානයට ශු.අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාවක් අගල 20 ක මොරටුව මෝදර පල්ලියේ අඩි 4 ජේසුගේ ප්‍රතිමාවක්, එම පල්ලියේම අල්තාරය ඉදිරිපිට ජෙසු හා පෙදුරු, පාවුලු අය ඉන්න නිර්මාණය,අගල් 18ක ජුසේවාස් සුරුවම,රවතාවත්ත මොරටුව අගල් 20 ක දේවමාතා ප්‍රතිමාව.සොයිසාපුර අගල් 18 ආශිර්වාද සුරුවම ඒ නිර්මාණ ඔක්කම කලේ එකම මහොඟනි කඳකින්.

මොරටුවෙන් පිට දේවස්ථාන වලට නිර්මාණ කරලා තියනවාද?

ඔව්..මන්නාරම රදගුරු නිවස ඉදිරිපිට අගල් 42 උස භාග්‍යවත් ජුසේ මුනිදුන්ගේ ප්‍රතිමාව.තලෙයි මන්නාරමේ ශාන්ත ලොරන්ස් දේවස්ථානයේ අගල් 42 ක වීදී ගෙනයන සුරුවම. අගල 20ක ආශිර්වාද සුරුවම.

අම්පිටිය ජාතික දේව්සත්හලේ ගල් පල්ලියේ සුරුවමත් මගේ නිර්මාණයක්.

බන්ඩාරවෙල බල්ලකොටුව ශාන්ත ජුසේ මුනිදුනේ ප්‍රතිමාව, වාද්දුව ශු.ත්‍රිත්ව දේවස්ථානයේ අගල් 48 උස ජේසුතුමගෙ කුරුසියේ සුරුවම.තව ජා ඇල ,පුත්තලම ,කට්ටුව දේවස්ථාන වල මගේ නිර්මාණ තියනවා.IMG_1582IMG_1544 IMG_1577 IMG_1518

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article