spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිරිමැටියානේ මැටිවළං කර්මාන්තය විනාශමුඛයේ -මැටි මිළ ඉහළට -වළං මිළ පහළට

Must read

1550,0,1,0,287,256,469,1,0,105,48,0,0,100,0,1956,1949,2158,226458

1550,0,1,0,269,256,493,1,0,39,52,0,0,100,0,1955,1949,2158,859731

1550,0,1,0,296,256,446,1,0,36,35,1,0,100,0,1965,1949,2158,905146

1550,0,1,0,283,256,445,1,0,94,49,0,0,100,0,1956,1949,2158,502277

වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ජනතාවගෙන් වැඩි පිරිසක් නිරතව සිටින පාරම්පරික මැටි වළ කර්මාන්තය අද විනාශමුඛයට ගොස් තිබේ-
වගකිවයුතු අය මෙම කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා කිසිදු වැඩපිළිවෙලක් සකස්කර නැතැයි එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති-
මුල් වකවානුව තුල කිරිමැටියාන ගමෙන්ම අවශ්‍ය මැටි ලබාගත්තද මේවනවිට බිංගිරිය දුම්මලසූරිය වැනි ඈත පෙදෙස්වලින් විශාල මුදලක් ගෙවා ඒවා ලබාගන්නා අතර ප්‍රවාහන කටයුතුවලදීද ආරක්ෂක අංශයන්ගෙන් සිදුවන බාධක දුෂ්කරතාවල අඩුවක් දක්නට නැතැයි කියති-විශාල මුදලක් වැයකොට මැටි ලබාගෙන වළං නිෂ්පාදනය කිරීමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවද ඔවුහු කියා සිටිති-
මේදිනවල ප්ලාස්ටික් හා ඇලුමිනියම් වැනි ආදේශක භාණ්ඩ වෙළදපොලේ පිරී පවතින හෙයින් තමන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතත් මිනිස් සිරුරට එම ආදේශක භාණ්ඩවලින් සිදුවන පීඩා සම්බන්ධව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට බලධාරින් පියවර ගෙන නැතැයිද ඔවුන් පෙන්වා දෙයි-
මෙම කර්මාන්තකරුවන්ගෙන් වැඩිදෙනා බැංකුවලින් ණය ලබාගත් අය වන අතර එම ණය පියවා ගැන්මටවත් තමන්ට ශක්තියක් නොමැති මොහොතක තම නිෂ්පාදන අලෙවි කර ගැන්මට රජය මැදිහත් නොවීම වරදක් බව කියන එම පිරිස් වසර 10 කට පමණ පෙර රුපියල් 50/- අලෙවිකල මැටි වලද අදද එම මිළේම පවතින නමුත් මැටි මිළ අහස උසට නැග ඇතිනම් මෙම කර්මාත්තය තවදුරටත් කරගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටිති
මැද කිරිමැටියානේ රනිල් පෙරේ මහතා කියා සිටියේ අද මෙම රැකියාව තමන්ට එපාවී ඇතත් වෙනත් කරන්නට දෙයක් නොමැති නිසා තවදුරටත් පාඩුපිට හෝ කරගෙන යන බවකි-
ඉදුරුගේ ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා කීවේ-අපට උරුමව ඇති මෙම කර්මාන්තය හොදින් කරගෙන දරුවන් සමග සතුටින් ජීවත්වීමට කැමති නමුත් අලෙවිය පහත වැටී තමන් හා ප්‍රදේශවාසින් අන්ත අසරණව මානසික පීඩාවට ලක්ව ඇති බවකි-
ඉදුරුගේ චන්දිමා මහත්මිය පවසා සිටියේ මුල් වකවානුව තුල උණු කැවුම් ලෙස අලෙවිවූ තමන්ගේ මැටිවළං අලෙවිකරගත නොහැකිව තබන් කබලෙන් ලිපට වැටී ඇතත් අදාල බලධාරින් හා දේශපාලන බලධාරින් ගමට එන්නේ මැතිවරණයක් අතලග පවතින මොහොතක පමනක් බවයි-
මෙම කර්මාන්තකරුවන් නගා සිටුවීමට රජයේ බලධාරින් වහා පියවර ගැන්ම තවදුරටත් ප්‍රමාද නොකලයුතු බව නොකියා බැරි තරම්ය-
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article