spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඩු නිසා මිගමුවටත් දැන් ලොකු ප්‍රසිද්ධියක් ! රු කෝටි ගණක මත්කුඩු මිගමුවෙන් අල්ලයි ! !

Must read

FB_IMG_1519564901712
මත්කුඩුවලට එරෙහිව කතෝලික පල්ලිය පසුගිය පෙබරවාරි මස පැවැත්වු රැළිය
drugs
මෙම රැළිය සදහා දයාන් ලංසා විසින් සකස් කරන ලද පුවරු

drugs rALLY 1

(5.00 pm ) ඊයේ  (21දා)   රාත්‍රි  8.00ට  පමණ   පෝරුතොට  ප්‍රදේශයේ  මත්කුඩු  ප්‍රවාහනය  කරමින්  සිටියදී   තරුණයෙකු  අල්ලා  ගැනීමට  පොලීසිය  සමත්වී  ඇත.  මේ  අනුව  හෙරොයින්  කිලෝ  4  යි ග්‍රෑම්  697ක්ද , හෑෂ්  නම්  වූ  මත්කුඩු  කිලෝ  3  ග්‍රෑම්  655ක්ද  අත්අඩංගුවට  ගෙන  ඇත.  මේවායේ  වෙළද පල වටිනාකම  රු.  කෝටි  8 ත් 10 ත්   පමණ  වන  බව  පොලීසිය  සඳහන්  කරයි.

සෙයිදීන්  ආබ්දීන්  මොහොමඩ්  රිපාඩ්  නම්වූ  මෙම  තරුණයා  පෝරුතොට   වාසය  කරන්නෙකු  වුවද   පසුව  ඔහු  ගම්පහ  කුලී   නිවෙසක  පදිංචිවී   සිටිබව  පොලිස්  සැරයන්  ජයකොඩි  මහතා  අප  සමඟ  පැවසීය.  මෙම  තරුණයාගේ  ගම්පහ  පදිංචි  නිවසේ   ලිපිනය  වූයේ  8/  14 B  ,කන්තොට  ,  පොල්හේන,  තිහාරිය  යනුවෙනි. කලක්  තිස්සේ   මෙම  ජාවාරම  කරගෙන  ගොස්  ඇති  අතර  මේ  ගැන  මාසයක ට  පෙර  ලැබුනු  තොරතුරකට  අනුව  පරීක්ෂණ  කටයුතු  වල  යෙදී  ඇත.

අත්අඩංගුවට  ගත්  තරුණයා  මත්කුඩු  ප්‍රවාහණය  සඳහා  යොදාගෙන  ඇත්තේ   W P  6413  අංකය  සහිත  කළු පැහැති  වෙසල්  වර්ගයේ  වාහනයකි.  එමෙන්ම  එය  කුලී  වාහනයක්  වූ  අතර  වාහන  අයිතිකරු  මේ  ගැන  දැන  නොසිටි  බව  ජයකොඩි  මහතා  පවසයි.  අත්අඩංගුවට  ගත්  අවස්ථාවේ  මෙම  වාහනයේ  තිබී  ඇත්තේ  මත්කුඩු  කිලෝ 1යි  ග්‍රෑම්  32  ක්  පමණි.  ඉතිරි  සියළුම  මත්කුඩු  ලබාගෙන   ඇත්තේ  ගම්පහදීය.

මෙම මෙහෙයුම  සඳහා  මගපෙන්වීම   සහ  උපදෙස්   ලැබෙන්නේ  නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්දු  තෙන්නකෝන්  මහතා  සහ මීගමුව  කොට්ඨාශ  භාර  ජේෂ්ඨ  පොලිස්  අධිකාරී  චන්දන  අතුකෝරල  යන  මහත්වරුන්ගේ  මැදිහත්වීම  තුළය.  එසේම  මේ  සඳහා  සහභාගී වී  ඇති  අනෙක්  පොලිස්  නිලධාරීන්  පිළිවෙලින්  මෙසේය.

  • මීගමුව  කොට්ඨාශ  අපරාධ  විමර්ශන  අංශයේ   ස්ථානාධිපති  දිසානායක  මහතා

* පොලිස්  සැරයන් ( 52609)   ජයකොඩි  මහතා

*පොලිස්  කොස්තාපල්  ( 82442)   ප්‍රභාත්  මහතා

*           “                 (   82756 )     ගයාන්  මහතා

*            “               (    88441   )   හපුවිට  මහතා

*             “               (  37928  ) වන්නිනායක    මහතා

*             “                (   31877)    චතුරංග      මහතා

මේ  වනවිට  මෙම  සිදුවීම  පිළිබඳව  අධිකරණ  කටයුතු  සිදුකෙරෙමින්  පවතින  බව  ජයකොඩි  මහතා  අප  සමඟ  පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article