spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුමන්ත්‍රණ අගමැතිගේ පැණිබීම බද්ද අහෝසියි !

Must read

Minister-Rajitha-Senarathna-640x328පැණි බීම සදහා පණවා තිබූ බදු හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අඩු කලත් එය වහා ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ ඇමති ධුරයේ කටයුතු ආරම්භ කරමින් පැමිණ සිටි පිරිස අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

“…. මහින්ද රාජපක්‍ෂ මහතා ඊනියා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු පැණි බීම බදු අඩු කලා.
පැණි බීම බදු වැඩි කලේ ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමටයි.
එම අඩු කල බදු මම වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කරනවා.

ජනාධිපතිවරයාටත් මේ පිළිබදව දැනුම් දුන්නා.
ඔහු ප්‍රකාශ කලා දන්නේ නැහැ කියලා.
නමුත් මේවාට විරුද්ධව මම කටයුතු කරනවා.
මෙම වැඩපිළිවෙල නතර වෙලා තිබුනේ.

ඖෂධ හිගයක් අද රට පුරා නිර්මාණය වෙලා.
මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ ඖෂධ හිගයක් තිබුනේ නෑ.
සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් සැත්කම් සදහා මුදල් ලබා දුන්නා.
ඒ පිළිබදව විගණකාධිපති පරික්‍ෂණ පවා ආරම්භ වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ කඩිනමින් ලබාගත යුතුයි.
මනුස්සකම තිබිය යුතුයි.
විගණකාධිපතිවරයාට මම පෙන්වා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ ඉතා කඩිනමින් ලබාගන්න අවශ්‍ය බව.
මේ මට්ටමින් තමයි අප දේශපාලනය කරන්නේ..

පහුගිය දින 53ක කාලය තුල මගේ දූෂණ,වංචා,හොරකම් සොයන්න කියා පරීක්‍ෂණ ආරම්භ කලා.
මම ඒවට බය නැහැ. ඕනෑම පරීක්‍ෂණයක් ආරම්භ කරන්න.
මම හොරකම් කරලා නැහැ.
පසුගිය කාලය තුල මම සිදු කලේ අහිංසක රෝගී ජනතාව වෙනුවෙන් සේවය කිරීම පමණයි.
මම කීවා මෙය පොඩි විවේකයක් කියලා.
ඒ විවේක කාලයෙන් පස්සේ රජයක් එනවා කියලා කීවා.
ඔබලා මට උදව් කලා.
නමුත් මම ආරම්භ කල වැඩපිලිවෙල මේ වන විට කඩාකප්පල් වී තිබෙනවා.

පසු ගිය දින 53 ක කාලය තුල සිදු වූ පාඩුව විගණනය කල යුතුයි.
ඖෂධ ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කලේ නෑ කියලා කියනවා.
මම හිටියානම් ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය ඖෂධ ලංකාවට ගෙන එනවා.
පසුගිය දින 53 ක කාලය තුල වසර දෙකක පාඩුවක් සිදු වුනා.
මා එය මාස දෙදකකින් ස්ථාපනය කර අසරණ රෝගීන් වෙනුවෙන් සෙත සලසනවා.

වත්මන් රජය ජනතාව වෙනුවෙන් මුදල් වැය කිරිමට සූදානම්.
ජනතාවට සෙත සලසන තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා.

අපි 2020 මැතිවරණයත් ජයග්‍රහනය කරනවා.
මම අත ගහපු දෙයක් වැරදිලා නැහැ.
මේ රජය පරදවන්න නම් ජනාධිපතිවරයා දැන ගන්න ඕන මම ඉන්න ඕන කියලා.
නමුත් ජනාධිපතිවරයා තනියම තීන්දු තීරණ ගන්න ගිය නිසා තමයි මෙවැනි තත්වයක් නිර්මාණය වුනේ.
නමුත් අවසානයේ ජනාධිපතිවරයා පරාජයට පත් වුනා.
නැවත අපේ රජය ස්ථාපිත කලා.
මොන තහංචි දැම්මත් තවත් අය ඒ පැත්තේ ඉදලා මේ පැත්තට එනවා.

අපේ රජයේ අඩුපාඩු අප හදුනාගෙන තිබෙනවා.
ජනතාවට සෙත සලසන නව වැඩපිළිවෙලක් කෙටුම්පත් කරලා තියෙනවා.
බලාපොරොත්තු නොවුන තරම් සහන ලබා දෙනවා.
මේ සටනේ දී ලෝකය අපිත් සමග හිටියා.
අධිකරණය ස්වාධිනව හිටියා.
ජනාධිපතිරයාගේ තීන්දු තීරණ අහෝසි කලා.
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අධිකරණය විසින් තහනම් කලා.
නමුත් ඇතැම් අය සිතුවා අධිකරණයේ තීන්දු තීරණ දුරකථන ඇමතුමකින් වෙනස් කරන්න පුළුවන් කියලා.
විනිසුරුවරුන් බය කරන්න පුලුවන් කියලා.
නමුත් එවැනි තත්වයක් සිදු කිරිමට නොහැකි වුනේ යහපාලනය ස්ථාපිත කර තිබූ බැවින්.

මන්ත්‍රිවරුන් දූෂිතයි ඔවුන් මුදල් ලබා දීලා බා ගන්න පුළුවන් කියලා කිවා නමුත් කිසිදු මන්ත්‍රිවරයෙක් මුදලට යට වුනේ නැහැ.
ගිය අයත් ආපහු ආවා.
සල්ලි වලට යට වුනේ මාධ්‍යයයි.
අනිත් පැත්තේ සිටින සමහරු දැන් එන්න කැමති වුනත් අපි ගන්නේ නැහැ.
මාධ්‍ය පෙනි සිටියේ රාජපක්‍ෂලා වෙනුවෙන්.
හොරකම්, මිනීමැරුම්, දූෂණ,වංචා සොයන්න එපා කියලා තමයි මාධ්‍ය පෙනී හිටියේ.
සමාජ මාධ්‍ය අපිත් සමග හිටියා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරය කල දේවල් පරාජය කරමින් සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියා කල බැවින් දහස් සංඛ්‍යාත ජනකායක් ගාළුමුවදොර ක්‍රීඩාංගනයට පැමිණියා.
සමාජ මාධ්‍ය මගින් මෙම සටන දිනුවා.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ලැජ්ජා විය යුතුයි.
මෙි රටේ ජනතාව එවුන් ප්‍රකාශ කල දේවල් ඇහුවේ නැහැ.
අපිත් සමග ඇත්තටම සිටින්නේ කවුද කියලා අපි දැනගත්තා.

සමහරු ඊනියා ඇමති මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු වැඩේ හරි කියලා ඒ පැත්තට පැනලා ගියා.
ටයි පටි මාරු කලා.
සතුරා හදුනා ගැනිම ඉතාම වැදගත්.
එතකොට වැඩ කරන්න පහසුයි.
ජනතාවට රජය ගැන විශ්වාසයි.

මම සමාව ඉල්ලනවා පහුගිය දින 53ක කාලය තුල කිසියම් රෝගියෙකු මිය ගියානම්.
රෝගි තත්වයන්ට අවශ්‍ය බේත් ටික ලබා ගන්න බැරි වුනානම් මම සමාව ඉල්ලනවා මේ පාදඩ දේශපාලනය වෙනුවෙන්.
මේ පාදඩ දේශපාලනය නිසා තමයි මේ අසරණ රෝගී ජිවිත විනාශ වුනේ.
නමුත් මම අද පටන් මේ නතර වූ තැන සිට වැඩ ආරම්භ කරනවා.
අහිංසක රෝගි ජීවිත බේරා ගන්නට කැප වී කටයුතු කරනවා.

එදා ලෝක සෞඛ්‍ය සංවිධා‍නය ප්‍රකාශ කලේ අපේ මේ සෞඛ්‍ය පිළිවෙත 2035 වන තෙක් ස්ථාපිතව තිබෙනවා කියලා.
නමුත් මේ කටයුතු සියල්ල පසුගිය දින 53 ක කාලය තුල අකර්මන්‍ය වුනා.

මහරගම අපේක්ෂා රෝහලට අද සිට රෝගීන් ඇතුලත් කර ගන්නේ නෑ. ඖෂධ හිග නිසා.
මිනිස්සු මැරුණට පස්සේ මම ඇමති වෙලා වැඩක් නෑ.
පිළිකා රෝගීන්ට නිරන්තරයෙන් ඖෂධ අවශයි.
ඔවුන් මිය ගියාට පසුව මම ඇමති වෙලා වැඩක් නෑ.
පසුගිය දින තුල සිදු වූ ඛේදවාචකය නිසා තමයි අහිංසක ජිවිත විනාශ වුනේ.

ආරෝග්‍යා පරමා ලාභා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ.
ජනතාවට උපරිම සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.
දේශපාලන සදාචාරය ඉතාම වැදගත්.
මේ සදාචාරය මට ලැබුනේ වමේ ව්‍යාපාරයෙන්.
තීන්දු තීරණ ගන්න පුළුවන් මනුෂ්‍යත්වයක් තිබිය යුතුයි.
එහි දි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි…..”

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විෂේශඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, හිටපු ලේකම් බී.ජී.එස්.ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විෂේශඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරි මණ්ඩලය සහ විශාල පිරිසක් එක්ව සිටියා.
www.news24.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article