spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුහරය තුල සිරවි සිහිමඳගතියෙන් සිටි දරුවා මිය යයි !

Must read

Sujithපසුගිය දින කිපය තුල මුලු ලෝකයේම කථාබහට ලක්වු අනුවේදිනීය පුවතක් වි තිබුනේ ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ වගා ළිඳකට වැටි තිබුණ සජිත් නැමැති දරුවා පිළිබදවය.
මිට සුළු මොහොතකට පෙර ඩේලිමිරර් කෙටිපුවත් පණිවිඩ සේවය සටහන් කොට තිබුනේ පැය 60 ක් පමණ කාලයක් මේ කුහරයේ සිරවි සිටි දරුවා මිය ගිය බව මේ වන විට  නිල වශයෙන් ප්‍රකාශකොට ඇති බවය.
 1572311288-Trapped-In-Tamil-Nadu-Borew

මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී ඇත. සෙල්ලම් කරමින් සිටින අතර අඩි 30ක ගැඹුරක් ඇති වගා ළිඳකට මොහු ඇද වැටී ඇත. කලකට පෙර බඩඉරිඟු වගාවකට ජලය සපයා ගත් බව කියවෙන මෙම ළිඳ අතිශය පටු කුහරයකි.

එහි ගැඹුර අඩි 30ක් පමණ වුව ද දරුවා මේ වන විට අඩි 100ක පමණ පහළින් සිර වී සිටින බව කියවේ. ළිඳට යාබදව උමඟක් හාරා ඔහුව මුදවා ගැනීමට උත්සාහ දැරුව ද අවට පිහිටි පාෂාණ ස්තරයක් එයට බාධාවක් වී තිබුණි. ඉන්දීය මාධ්‍ය පවසන පරිදි එරට ප්‍රසිද්ධ ගෑස් සමාගමක් දරුවා මුදවා ගැනීම සඳහා කැනීම් යන්ත්‍රයක් සපයා දිමටද කටයුතු කළේය..
දින 4ක් තිස්සේ නිරාහාරව එකම ඉරියව්වකින් සිටින මෙම දරුවාට නොකඩවා ඔක්සිජන් සැපයුමක් සැපයෙන බව ඊයේ දිනයේත් මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි. ඇද හැලෙන අධික වර්ෂාව ද නොතකමින් දරුවා මුදවා ගැනීමට සියලු දෙනා උපරිමයෙන් ක්‍රියා කරන බව අදාල බලධාරින් ඊයේ දිනයේදි මාධ්‍ය වෙත දන්වා තිබේ.
සුජිත් නැමැති දරුවා සිර වී සිටින කුහරයට ජලය ගලා යාම වැළක්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමටද පියවර ගෙන තිබුණි.
ඉන්දියාවේ ප්‍රාන්තයක සිදු වූ මේ සිදුවීම මේ වන විට ජාතික මට්ටමේ මෙන් ම ගෝලීය මට්ටමේ ගැටලුවක් බවට පත් වී ඇති අතර මුළු ලොවම නිරුපද්‍රිතව ඔහු දැකීමේ බලාපොරොත්තුවෙන් දෑස් දල්වා බලා සිටියද හද ඒ සැමගේ බලාපොරොත්තු සුන්කරවමින් සජිත් දරුවා මේ වන විට සදහටම දෙනෙත් පියාගෙන හමාරය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article