spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හකීම්ට බනින ලංසා රිෂාඩ් ගැන නිහඩ ඇයි ?

Must read

NImal lansa denguදේශපාලන ක්ෂේත්‍රය තුල  වේගයෙන් අවලංගු වෙමින් සිටින නිමල් ලංසා දැන් කල්පනා කරන්නේ පාස්කු ප්‍රහාරයේ මුවාවෙන් කතෝලිකයන් ගැන කිඹුල් කඳුළු හෙලා ඡන්ද කඩා ගැනිමටය.එබැවින් මේ දිනවල ලංසා කොතනද පාස්කු බෝම්බය එතනය.
ගෝඨාබය ගොඩදැමිමටත් වඩා මේ දිනවල ලංසාට ඇති භිතය වන්නේ එළඹෙන මහමැතිවරණයේදි පාර්ලිමේන්තුවට යාමට ඉඩක් හදාගැනිම පිළිබදවය. කෙසේ වෙතත් විධිමත් ලෙස හැදැරිමක් තුල කරුණු දැක්විමට නොදන්නා නිමල් ලංසාගේ පසුගියදා පැවැති පාර්ලිමේන්තුව කථාව මුහුණු පොතේ විහිළු නිර්මාණ කරවිමට තරම් වු එකක් විය.
මෙවර ඔහු හකිම් අල්ලාගෙන ඔහුට එරෙහිව බෙරිහන් දුන්නේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදි සිංහලෙන් පමණක් නොව දෙමළෙන්ද බෙරිහන් දුන් නිමල් ලංසා මේ කිසි දවසක රිෂාඩ් බදුර්දින් හට කිසිදු චෝදනාවක් එල්ල කොට තිබුනේ නැත.
පාර්ලිමේන්තුවේදි පමණක් නොව කිසිදු දිනයක රිෂාඩ්ට හබනිනවා කිසිවෙකුත් අසා නැත.
ලංසාගේ දෙබිඩිකම ගැන ඇත්ත හෙළිවන්නේ රිෂාඩ් බනින්නේ නැති හේතුව හෙළිවු විටය.
සැබැවින්ම ලංසා පවුලේ ආර්ථිකය ගොඩනගන කප්පම් තිප්පොල වන්නේ මිගමුවේ මහනගර සභාවයි.මල්ලි එහි නගරාධිපතිය. ඒ යන්තම් නගරාධිපතිකම ගන්නේ රිෂාඩ් සමගින් ඇතිකරගෙන ඇති ඩිල් එකක් මතය.
නිමල් ලංසාගේ සහෝදරා වන දයාන් ලංසා නගරාධිපතිකම ඇතුළු පොහොට්ටු පාලනය අද රදා පවතින්නේ රිෂාඩ්ගේ පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රිවරයාගේද සහය මතය.
මේ පසුබිම තුල ලංසා යනු දවල් මිගෙල් රෑ දනියෙල්මය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article