spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොකේන් කිලෝ 2ක් රැගෙන ආ කතක් කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට..

Must read

ජාත්‍යන්තර ප්‍රධාන පෙලේ මත් කුඩු ජාවාරම්කාර බොලීවියානු ජාතික කාන්තාවක් කොකේන් වර්ගයට අයත් මත් කුඩු කිලෝ 2යි ග්‍රෑම් 6 සමග කටුනායක ගුවන්තොටුපොදී රේගු අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රසීලයේ සිට ඉතියොපියාව හරහා ඉන්දියාවේ දිල්ලි ගුවන්නොටුපොලින්  එයාර් ඉන්දියා ගුවන් යානයක් වන 281 ගුවන් යානයෙන් මෙරටට පැමිනි 48 හැවිරදි කාන්තාවකි.
පෙරේදා 12 දින සවස 4 පමණ කටුනායක ගුවන්තෙටුපොලට සංචාරක කාන්තාවක් ලෙස මෙම කාන්තාව  පැමිණ ඇති අතර ඇයගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම කොකින් වර්ගයට අයත් මත් කුඩු තොගය සගවා ග්‍රීස් හා සුවද හමන බාම් වර්ගයක් ආලේප කර අවර්ණය කර තිබු බව රේගුව පැවසීය.ශ්‍රී ලංකාවට පලමු වතාවට පැමිණ ඇති මෙම කාන්තාව දකුණු අප්‍රිකාවේදී මත් ද්‍රව්‍ය බෙදා හැරිම සම්බන්දයෙන් වසර පහක් එහි සිර දඩුවම් ලබා ඇති බව දැනට කරණ ලද පරික්ෂණ වලදී හෙලිවි ඇති බව කටුනායක ගුවන්තොටුපොල මත් ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ උසස් නිළධාරි වරයෙකු පැවසීය.
මෙම කාන්තාව කටුනායක ගුවන්නොටුපොලට පැමිණ කොල්ලුපිටිය ප්‍රදේශයේ සංචාරක හෝලයක ලැගුම් ගැනීමට නියමිතව තිබු බවත් එහිදී ලංකාවේ ගැණුම්කරු එම ස්ථානයට පැමිණ මෙම මත් කුඩු තොගය ලබා ගැනීමට තිබු බවත් දැනට කරණ ලද පරික්ෂන වලදී හෙලිවි ඇත.
තව දූරටත් රදවාගෙන පරික්ෂණ කිරිම සදහා ඊයේ 13 මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 19 දින දක්වා රදවාගෙන පරික්ෂන මෙහෙය වන ලෙසට මිගමුව අතිරේක මහෙස්ත්‍රාත් දූෂ්ශන්ත එපිටවල මහතා නියොග කලේය.

සීල් තබනලද මත්කුඩු පාර්සලය
සීල් තබනලද මත්කුඩු පාර්සලය

 

2 සැකකාර කාන්තාව අධිකරණ භුමිය තුල ආරක්ෂක නිළධාරිනියක සමක වාඩිවි සිටින අයුරු
සැකකාර කාන්තාව අධිකරණ භුමිය තුල ආරක්ෂක නිළධාරිනියක සමක වාඩිවි සිටින අයුරු

 

කාන්තාව අධිරණයට රැගෙන එන අයුරු
කාන්තාව අධිරණයට රැගෙන එන අයුරු

 

 

 

මිගමුව ප්‍රියපේම මානික්ක රත්න         206-09-13

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article