spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රජයේ පාසැල් පාලනය කරන්න කතෝලික පල්ලියේ පියතුමන්ලාට පුළුවන්ද ?

Must read

students 3_CIදැන් පවතින්නේ අළුත් පාලනයකි. එය හදුන්වන්නේ යහපාලනය නමිනි.ඒ තුල ක්‍රියාත්මත්මක විය යුතුව ඇත්තේ රාජ්‍ය යේ පාලනයයි.එය පදනම් වන්නේ පාර්ලිමේන්තු පණත් වලින් සම්මත වු පණත් සහ අනෙකුත් රෙගුලාසි විසිනි.එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මේ සියල්ල පාලනයේදි රාජ්‍ය වැඩපිළිවෙලට එහා යමින් දේශපාලනයත් ඇතැම් තැන්වලදි ආගමත් ආගමික නායකයිනුත් ඒ අයගේ අණසක පතුවන්නට විය.
බොදු බලයේ ඥානසාර ස්වාමින්වහන්සේ පොලිසිය බල්ලට දමා වැඩකළේත් මීගමුවේ හිටුප නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා මහනගර සභාවේ උසස් නිළධාරියන් හට කුණහරුපයෙන් බණින්නේද රාජපක්ෂ පාලනය  රාජ්‍ය පාලනය දෙවනි කොට තැකු හෙයිනි.
එපමණක් නොව මීගමුවේදි මෙය වඩාත් අන්තයට යමින්  කතෝලික පල්ලිය කටයුතු කළ අවස්ථා ගණනාවකි.
රාජ්‍ය වියදමින් තැනු මාළු වෙළද සංකිර්ණයක් පාලනය කළ යුත්තේ රාජ්‍ය නිතිය අනුවම අදාල පළාත් පාලන ආයතනය විසින් වුවත් මීගමුවේත් එහි පාලනය පවරාගෙන තිබුනේ වැල්ලිවිදියේ පල්ලිය විසිනි.
එය පැහැදිලිව නීති විරෝධිය.එපමණක් නොව මහා මාර්ග අධිකාරියට අයත් පාරක රථගාලක් පවත්වාගෙන යමින් නිති විරෝධි කප්පම් ක්‍රියාවලියට ආවරණය සපයා තිබුනේද වැල්ලවිදිය පල්ලිය විසින්මය.
මෙය ඇත්තට ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රතිපත්තිවලට පැහැලිව එරෙහිව යන්නකි.පාප්තුමන් වරෙක පැහැදිලිව පවසා තිබුනේ කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ මුදල් කිසිවිටකත් පල්ලියේ කටයුතු සදහා යොදවා නොගත යුතු බවය.
එහෙත් මීගමුවේ  කිතුණු පියවරුන් බොහොමයක් දෙනා කටයුතු කර ඇත්තේ පාප්තුමන්ගේ මේ ප්‍රතිපත්තියට පැහැදිලිව පිටුපා යමිනි.
අපට ඕනැතරම් උදාහරණ ඇත.මීගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ මුදුනත දේවමැණියන්ගේ පිළිරුවක් ඉදිකරන්නේ පැහැදිලිවම කළු සල්ලිවල දායකත්වයෙනි.
තතු එසේ වුවද ඒවා මිගමුවේදි සිදුවිය.
මීගමුවේ පල්ලිය ඇතැම් පියතුමන්ලා ලංසාලාගේ කළු සල්ලිවලට වහවැටි කිතු දහමත් ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රතිපත්ති ගරුක ආදර්ශමත් ජිවිතයත් බල්ලට දමමින් කටයුතු කරගෙන යති.
අප මේ රටට යහපානය කැදවාගෙන එන්නේ ඒ සියල්ල වෙනස් කොට රාජ්‍ය පාලනයත් යහපානයත් ඔසවා තබන්නටය.
එහෙත් මීගමුවේදි තවදුරටත් කතෝලික පල්ලියේ ඇතැම් පියතුමන්ලා හැසිරෙන්නේ  පිස්සනට හැතැම්ම නැති ගානටය.
ඇතැම් පියතුමන්ලා රජයේ පාසැල් පාලනයටද අතපොවන්නට තරම්  චණ්ඩියන් බවට පත්ව සිටිති.මෙය භායනක තත්වයකි.බොදුබලේ ඥාානසාරලාට මෙන්ම රාජ්‍ය පාලනය පාසැල් පාලනය බල්ලට දමා චණ්ඩියන් වෙන්නට දගලන ඇතැම් පියතුමන්ලාවද අපි ඥාානසාරලා පිළිකුල් කළ අන්දමින්ම පිළිකුල් කරන්නෙමු.
එබැවින් මීගමුව යහපාලනය නිවරදි ලෙසින් කැදවාගෙන ඒමේ වගකිම මේ අවස්ථාවේදි එහි සේවය කරන සියලුම රාජ්‍ය නිළධාරින් වෙත පැවරි තිබේ.
රජයේ පාලනය ට එහලින් වෙනත් කිසිදු පාලනයක් නැතැයි සිතා ක්‍රියාත්මක කිරිමේ වගකිමේ දැන් රාජ්‍ය නිළධාරින් හට පැවරි තිබේ.ඥානසාර මෙන්ම පිස්සු කෙලින්න යන ඇතැම් කතෝලික පියතුමන්ලා ගැනද රජය වගබලා ගත යුතුය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article