spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඬේ දේවස්ථානයේ නියමයෙන් පදික කඩ 02 ක් ඉවත් කෙරේ

Must read

බ්‍රියට්‍රිස් මහත්මියමීගමුව, කොච්චිකඬේ නගරයේ කොළඹ – හලාවත මහා මාර්ගයට මුහුණලා තිබෙන කතෝලික දේවස්ථාන භූමිය ආසන්නයේ පදික වේදිකා සීමාවේ වසර 23 ක් තිස්සේ පවත්වාගෙන ගිය පත්තර කඩයක් සහ වසර 13 ක් තිස්සේ පවත්වා ගෙන ගිය පළතුරු කඩයක් පසුගිය මැයි මස 10 වැනි බ‍්‍රහස්පතින්දා දින බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. මීගමුව මහා නගර සභාව විසින් මෙලෙස එම තාවකාලික පදික කඩ දෙක කඩා බිද දමා එම ස්ථ,ානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ එම දේවස්ථානයේ දායක සභාව හරහා එම දේවස්ථානයේ මීසම් පාලක පියතුමන් කර ඇති ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙනි. එම දේවස්ථානයේ ඉදිරියේ ඇති ප‍්‍රධාන මහා මාර්ගයටත් දේවස්ථාන භූමියටත් අතර මැදිව පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ පදික වේදිකාවේ පවත්වා ගෙන ගිය මෙම කඩ 02 සදහා එම කඩ හිමියන් නියමිත පරිදි අදාල වන බදු මුදල් ද මීගමුව මහා නගර සභාවට ගෙවා නිකුත් කරන ලද රිසිට් පත් පවා ලබා ගෙන තිබේ. එලෙස නීත්‍යානුකූලව නගර සභාවේ අවසරය පවා මෙම පදික කඩ 02 ක සදහා ලැබී තිබියදී මෙලෙස බලහත්කාරයෙන් ඒවා ඉවත් කිරීම දැඩි ආසාධාරණයක් බව එම කඩ පවත්වා ගෙන ගිය අය පවසති. වාර්තා වන පරිදි කොච්චිකඬේ දේවස්ථාන භූමියේ ඉදි කිරීමට යෝජිත වී ඇති නව ගී‍්‍රල් වැට ඉදිකිරිමට බලාපොරොත්තු වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම කඩ පිහිටි පදික වේදිකාව අයත් බිම් කොටසේ සිටය. ඒනිසා එවැනි වටිනා ගී‍්‍රල් වැටක් ඉදි කල පසු මෙවැනි පදික කඩ 02 ක් එම ස්ථානයේ තිබීම එම ගී‍්‍රල් වැටේ හි අලංකාරයටත් එම දේවස්ථානයේ අලංකාරයටත් විශාල බාධාවකි. මෙම කරුණු හේතු කර ගෙන මෙම දෙවස්ථානයේ දායක සභාවේ බල කිරීම මත මීසම් පාලක ජයන්ත පියතුමා මීගමුව මහා නගර සභාවට දැන්වූ ලිබිත පැමිණිල්ල මත මහා නගර සභාව විසින් මෙලෙස මෙම කඩ 02 ක එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම කඩ ඉවත් කිරිම නිසා මෙම ස්ථානයේ පත්තර අලෙවි සැල පවත්වාගෙන ගිය 62 හැවිරිදි එක්දරු මවක් වූ එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය සහ මෙම ස්ථානයේ පළතුරු අලෙවි සැලක් පවත්වා ගෙන ගිය 45 හැවිරිදි සිව් දරු මවක් වූ ආර්.එම්. අනෝමා මහත්මිය මේ වන විට දැඩි ලෙස අසරණභාවයට පත් වී තිබේ. මේ ඔවුන් මේ පිලිබ`දව පැවසු අදහස් කිහිපයකි.
එල්.ඞී. හිල්ඩා බියටී‍්‍රස් මහත්මිය
මම මේ පත්තර කඬේ පටන් අවුරුදු 23ක් වෙනවා. ඉන් පස්සේ දැනට අවුරුදු 14 ක් තිස්සේ තවමත් මම නගර සභාවට වේලාවට බදු මුදල් ගෙවලා අවසර ඇතිව තමයි මේ කඬේ කර ගෙන ගියේ. මාගේ මහත්තයා මැරිලා. මට පුතෙක් ඉන්නවා. එයාටත් හරි හමන් ආදායමක් නැහැ. මාසෙකට රු.5000 ක් විතර පොඩි ආදායමක් අපිට මේ කඬේ කරන එකෙන් ලැබෙනවා. මට මගේ මේ වයස එක්ක වෙන රස්සාවක් කරන්නත් බැහැ , මේක ඇරෙන්න. ඒකෙන් තමයි පුතයි මායි ජීවත් වෙන්නේ. අනෙක අපි හිටියේ ආර්.ඞී.ඒ. එකට අයිති කොටසේ එහෙම හිටපු අපිව තමයි මේ විදිහට පාරට දැම්මේ. පස්සේ අපි පල්ලියේ පාදර්ගෙන් ඉල්ලීමක් කලා අපි මෙතන ඉන්න එක පල්ලියට අවලස්සන නම් පල්ලියේ තාප්පයට මෙහායින් තියෙන ටෙලිකොම් කනුවේ සිට අඩි දෙකක කුඩා බිම් ප‍්‍රමානයක මේ පත්තර ටික දාගන්න දෙන්න කියලා. නමුත් ඒකටවත් මේ අය කැමැති නැහැ. ඒ අය කියන්නේ අපිට මෙතැනින් යන්නම කියලයි. අපි මෙතැනින් කොහාට ගිහින් බිස්නස් එකක් කර ගන්නද?. මොකද අපි අවුරුදු ගනනක් බිස්නස් කරලා මේ තැන හදා ගත්තේ. ඉතින් අපි කොහේ යන්නද. මම ඉන්නෙත් ඕවිටියාවත්ත ප‍්‍රදේශයේ කුලියට ගෙදරක. අනෙක මමත් කතෝලිකයෙක්, මම හැමදාම පල්ලියේ පුජාවට යනවා. ඒත් පල්ලිය මාව මේ විදිහටෙ පාරට ඇදලා දැම්මා කියලා හිතෙන නිසා දැන් මට පල්ලියට ගිහින් ආගම අදහන්නවත් හිතෙන්නේ නැහැ. අපි වගකිව යුතු අයගෙන් ඉල්ලා හිටිනවා අපේ අසරණ කම බලලා අපිට සාධාරණයක් කර දෙන්න කියලා”

ආර්.එම්. අනෝමා මහත්මිය
මම ඉන්නේ මේ පල්ලිය පිටිපස්සේ රේල් පාර ගාව රජයට අයිති ඉඩමක පොඩි ගෙදරක. මමයි මාගේ මහත්තයයි., දුවලා 04 දෙනෙකුයි මට ඉන්නවා. මාගේ මහත්තයයි. මමයි තමයි මේ පලතුරු කඬේ කරන්නේ. දැනට අවුරුදු 13 ක් තිස්සේ නගර සභාවට බදු ගෙවලා නීතියට අනුව තමයි මම මේ කඬේ කර ගෙන ගියේ. මගේ එක දුවෙකුටවත් තවම රැුකියාවක් නැහැ. ඒත් එක්කම මාගේ අක්කාගේ මහත්තයා මැරිලා එයයි එයාගේ දුවයි බලා ගන්නෙත් මම . අපි ඔක්කොම 08 දෙනෙක් මේ කඬේන් ලැබෙන ආදායමින් තමයි රැුකුනේ. ඒත් මේ පල්ලියේ අයගේ ඉල්ලීමෙන් නගර සභාව අපිව මෙතැනින් අයින් කරලා අපි සේරමන්ලාවම අන්ත අසරණ කෙරුවා. අපි ඉල්ලීමක් කෙරුවා අපිට කඬේ නැතත් කමක් නැහැ. රෝද හයි කරපු කරත්තයක් විදිහටවත් මෙතැන ඉන්න දෙන්න කියලා. නමුත් ඒකටත් පල්ලියෙන් කිසිම සහණයක් නැහැ. මේ විදිහට පවුල් අනාථ කරලා පල්ලි විතරක් ලස්සනට තියාගෙන ඔවුන් ලබන ස්වර්ගය මොකක්ද කියලා මට නම් හිතා ගන්න බැහැ”

මේ ගැටළුව සම්බන්ධව ප‍්‍රදේශයේ දේශපාලනික නායකයන්ටද මැදිහත් වීමට නොහැකි වතාවරණයක් නිර්මානය වී ඇති බවද වාර්තා වුණි. මේ ප‍්‍රදේශය නියෝජනය කරන එක් දේශපාලන නායකයෙකු වන්නේ මොහොමඞ් සකාවුල්ලා උප නගරාධිපතිවරයායි. ඔහු මුස්ලිම් ජාතිකයෙකු නිසා මෙම ප‍්‍රශ්නයට මැදිහත් නොවන්නයි මේ කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ. එලෙසම මෙම ප‍්‍රදේශය නියෝජනය කරන තවත් නාගරීක මංතී‍්‍රවරයෙකු වූ බන්ධුල ශී නාඔටුන්න මහතා උපතින් බෞද්ධාගමිකයෙකු වීම නිසා මෙම ප‍්‍රශ්නයට අත් පෙවීමෙන් වැලකෙන ලෙස මෙම කතෝලික දේවස්ථානයේ දායක පිරිස ඉල්ලීම් කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණි. එමෙන්ම සරත් ගූණරත්න නියෝජ්‍ය ඇමතිවරයා හමු වී මෙම කඩ හිමියන්ට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලීම් කල අවස්ථාවේදී ඔහු පවසා තිබුනේ මෙය කතෝලික දේවස්ථානය සම්බන්ධ සිදුවීමක් බැවින් මෙය පියතුමන්ලා සමග එය විසදා ගත යුතු බවත් තමාට ඒ සදහා මැදිහත් විය නොහැකි බවත්ය. මේ සම්බන්ධයෙන් කොච්චිකඬේ දේවස්ථානය අයත් වන පල්ලන්සේන මීසම් පාලක ජයන්ත පියතුමාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දුන්නද එය වතා කිහිපයක්ම කි‍්‍රයා විරහිත කර තිබූ නිසා මෙම කඩ ඉවත් කිරිම පිලිබදව  පියතුමාගේ අදහස් දැන ගැනීමට නොහැකි විය.

තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

3 COMMENTS

  1. oyala paththareta yamak daddi hodata hoyala balala danna…………… ehema nathuwa ekpaththakata wasi wena vidiyada liyanne nathuwa…………………………….

  2. අපිත් බලාගෙන ඉන්නේ මීපුර නමින් ඉන්න අවස්තාවාදි බලු සේනාව ගැන…ළඟදීම බලා ගමු..ජාතිවාදය වපුරන ඔහෙලා වගේ අයට වෙන්නෙ මොකක්ද? කියලා..

Comments are closed.

- Advertisement -spot_img

Latest article