spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොමසාරිස්ගේ ඉල්ලිමට තේක්ක ගස් කපන්න ගිය ගිනි භටයන් බරපතල තුවාල සහිතව මිගමුව රෝහලට ?

Must read

sugath kumaraමීගමුව මහනගර සභාව පිටුපස පිහිටි තේක්ක ගස් කිපයක් කැපිමට  නාගරික කොමසාරිස්වරයාගේ ඉල්ලිම පිට එහි නිරතවු ගිනි නිවන අංශයේ ගිනි භටයන් දෙදෙනකු මතට ගසේ අතු කඩා වැටිම නිසා බරපතල තුවාල සහිත රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මේ එක් ගිනිනිවන භටයෙකු  කොදු ඇට පෙළට සිදුව ඇති හානි හේතුවෙන්  ඇවිදිමට පවා නොහැකි වි තත්වයකට පත්ව තිබේ..
මේ අතර මේ කටයුත්ත සදහා යොදාගත් ගිනි නිවන ඒකකයට අයත් රථයකට හානිසිදුව තිබේ.
දැනට කාලයක සිට නාගරික කොමසාරිස්වරයා විසින් මීගමුවේ විවිධ ස්ථානවල ඇති ගස් කඩිමුඩියේ කපා දමමින් සිටින බව මහජන නියෝජිතයෝ පෙන්වා දෙති.
කොච්චිකඩේ නගර සභා උපකාර්යාල භුමියේ පිහිටි ගස් කිහිපයක්ද නාගරික කොමසාරිස්වරයා විසින් කපා දමා ඇතැයි ද කියැවේ.DSC_0110new
රාජපක්ෂ උද්‍යානය තුල මිට මාස කිපයකට ඉහතදි කපා බිම හෙල ලද ඉතා පැරණි ගස තවමත් ඒ භුමියෙන් පවා ඉවත් කරගෙන නොමැත.
මේ නිසා උද්‍යානයේ ඇවිදින මංතිරුවට අනතුරු සිදුව ඇති අතර එය ඇවිදින අයට මහත් හිරිහැරයක් වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article