spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනාසාදිතයන්ට “කුවේට් බෝම්බ” කී මහින්දානන්දට සඟරුවනේ විරෝධය

Must read

 Mahindananda-bikkuකුවේට් රාජ්‍යයේ සිටි කෝවිඩ්19 ආසාදිත ලාංකික ශ්‍රමිකයන් සියරට එවා කුවේටය ශ්‍රී ලංකාවට බෝම්බයක් ගැසු බවට

හිටපු අමාත්‍යවරයකු විසින් සිදු කළ ප්‍රකාශය “නින්දිත” ප්‍රකාශයක් ලෙස බෞද්ධ සංවිධානයක් විසින් හෙලා දැක තිබේ.

දෙරණ රූපවාහිනි නාලිකාවේ මැයි 25 දින පැවැති දේශපාලන සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද පවසා තිබුනේ “අපේ රටෙත් බබ්බු නෙවෙයිනේ ඉන්නේ. මේක ඉතාම පැහැදිලියි ඒ රටේ ඉන්න අපේ කෝවිඩ් ලෙඩ්ඩු ටික මෙහෙට එව්වා. අපට බෝම්බයක් ගැහුවා කියන එක තමයි මේකෙන් අපිට තේරෙන්නේ” යනුවෙනි.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සභාපති  බුදුගල ජිනවංස හිමියෝ එවැනි ප්‍රකාශ කරන ඇමැතිවරුන් මෙරට සිටීම ගැන කණගාටුව පල කරති.

“දැනටමත් ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය වැනි රටවල් තම රටවැසියන් වන මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ රෝගී තත්වය නොසලකා හරිමින් සිය රටවල් වෙත ගෙන්වා ගැනිමට කටයුතු යොදා ඇති තත්වයක “කුවේට් රාජ්‍යයෙන් අපට බෝම්බයක් ගැසුවා” වැනි නින්දිත ප්‍රකාශ කරන ඇමැතිවරුන් මෙරට සිටීම ද කණගාටුවට කරුණකි.”

මීට ඉහතදී ජනමාධ්‍යවේදීන් හා එක්වී කෝවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් මුස්ලිම් විරෝධී වෛරක්කාරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේට විරෝධතා එල්ලවී තිබුණි.

 

බරපතල චෝදනාවක් !

අසරණ වූ මැදපෙරදිග ශ්‍රමිකයන් නොසලකා නොහරින ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටින බුදුගල ජිනවංස හිමියන් පෙන්වා දෙන්නේ වර්තමානයේ පත්ව ඇති කොරෝනා වසංගතය හමුවේ ගෘහ සේවය සදහා පිටත් වූ විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස අවදානම් තත්වයට පත්ව ඇති බවයි.

නව කෝවිඩ් වංසගතය ලොව පුරා පැතිර ගිය මුල් වකවානුවේදී එලෙස මැදපෙරදිග රටවල ගෘහ සේවය ඇතුළු විවිධ සේවාවන්හි නියුතු ලාංකිය ශ්‍රමික පිරිස මෙරට ගෙන්වා ගන්නා ලෙස තානාපති කාර්යාල හරහා ඔවුන් විටින් විට බලවත් ලෙස ඉල්ලිම් කළ බව අවධාරණය කරන ජිනවංස හිමියන් චෝදනා කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් දිනෙන් දින ප්‍රමාද කරමින් කල් මැරූ ආණ්ඩුවේ බලධාරින් තමන්ගේ හා හිතවතුන්ගේ විදේශ ගත පිරිස් පමණක් යුරෝපා හා ඕස්ට්‍රේලියා හා කැනඩා ආදි රටවලින් මෙරටට ගෙන්වා ගැනිමට කටයුතු කළ බවයි.

 

ගුවනින් බැරිනම් මුහුදෙන්

total

මේ වන විට ද සේෂෙල්ස් රාජ්‍යයෙන් රෝගීන් ගෙන්වා ගෙන ප්‍රතිකාර ලබා දිමට කටයුතු කරමින් සිටින බවද සිහිපත් කරන හෙළ බොදු සවිය සභාපති හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මව්බිමට පැමිණීමට බලාපොරොත්තු සහගතව මැදපෙරදිග රටවල තානාපති කාර්යාලවල හා නේවාසිකාගාරවල අඩු පහසුකම් යටතේ ඉතා දුක්ඛිතව රැදි සිටින  පිරිස් ගුවන් යානා මගින් ගෙන්වා ගැනීමට නොහැකිනම් මුහුදු මාර්ගයෙන් ගෙන්වා ගත හැකි බවයි.

කොරෝනා වසංගතය පවතින මෙම කාලය තුළ  එහි ගොදුරක් බවට පත්ව මැද පෙරදිග රටවල සිර වි සිටින  සිය ශ්‍රමය වගුරවමින්, මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියට 7 ක් පමණ විදේශ විනිමයක් උපයා දෙන එම පිරිස් පිළිබදව අමාත්‍යවරයාගේ   විශේෂ අවධානය යොමු විය යුතු බව පවසන බුදුගල ජිනවංස හිමියන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ එසේම දැනට ලංකාවේ සිටින එම පවුල් ආරක්ෂා කරගැනීම හා  ඔවුන්ගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතුව ඇති බවයි.

 

ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක්

ජනාධිපති මාධ්‍ය ඒකකය මැයි 26 නිවේදනය කර තිබුනේ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකසන බවයි.

ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට මෙසේ ලංකාවට ගෙන්වා  ගෙන තිබු  පිරිස 5485 කි.

ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

එම මාධ්‍ය අංශය නිවේදනය කරන පරිදි පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට මෙරටට  පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතයන් බව නිගමනය කර තිබේ.

කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් මැයි 26 වන විට  150දෙනකු  PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර ඔවුන්ගෙන්  96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගෙන තිබුනි.

කුවේට්හි සිට ලංකාවට  ආ සියලුදෙනාම  විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article