spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් 5 ක් මිගමුව රෝහලට !

Must read

Goverment-hospital-Negomboමීගමුව මහ රෝහලේ කොරෝනා අසාධිතදැයි සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ඊයේ (01) එම රෝගීන් සංඛ්‍යාව 05 ක් ලෙස සටහන් වී ඇත . මේ සියළු දෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රිලාංකිකයන් බව සදහන්ය.
මේ අනුව කොරියාවෙන් – 02
ඉතාලියෙන් – 01
මක්කම ගිය – 02
වශයෙන් වේ.
ඉන් රෝගීන් දෙදෙනකු IDH උණ රෝහලට මාරු කර යවා ඇත .එසේ මාරුකර යවා ඇත්තේ මිගමුවට ඇතුළත් කළ කුඩා දරුවන් දෙදෙනාවය.
ඉන් එක් අයෙක් අවුරුදු 13 ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරදු 2 කකි .
මේ වන විට රෝගීන් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.
ඉදිරියේදි මෙසේ පැමිණිය හැකි රෝගින් ගණන වැඩිවිය හැකි බව කොරෝනා දැයි සැකසහිත රෝගින් හට වෙනකර ඇති රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසති.
ඒ වෙනුවෙන් අවැසි පහසුකම් නොපමාව ලබාදිම අදාල ක්ෂේත්‍රයේ සියළු බලධාරින්ගේ වගකිම බව යලිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article