spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා ආසාදිත වු මිගමු දරුවා සුවය ලබා නිවසට ! පවුලේ කිසිවෙකුටත් කෝරෝනා ආසාදිත වි නෑ !

Must read

1582958900-IDH_Lමිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හතරාමාරක දරුවකු කොරෝනා ආසාදිත විම හේතුවෙන් අංගොඩ අයිඩිඑච් රෝහල වෙත මාරු කර යවා තිබුණි.
දින 7 ක් එහි නේවාසිකව ප්‍රතිකාර ගැනිමෙන් අනතුරුව සම්පුර්ණ සුවය ලබා ඊයේ දිනයේ අක්කර 50 කඳසුරිදුගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.
අප කළ විමසිමකට පිළිතුරු දුන් මේ දරුවාගේ ලොකු අම්මා කියා සිටියේ පවුලේ කිසිවෙකුත් කොරෝනා ආසාදිතයැයි පරික්ෂණවලදි ඔප්පු වි නැති බවය.දරුවාට වෛරසය වැළදුන පසු ඒ අවට පාරවල් වසා ඇති අයුරුද සමගින් සියල්ල මාධ්‍ය මගින් පෙන්වා තිබුණද දරුවාගේ පවුලේ කිසිවෙකුටත් වෛරසය අසාදනය වි නැති බව කියන්නට දැන් කිසිදු මාධ්‍යයක් නැති බවද අප හා අවධාරණය කර සිටියාය.
කෙසේ වෙතත් මේ පවුලට සම්බන්ධ ඇතැම් ඥාාතින්ට පවා තවමත් කඩවලින් බඩු වත් නොදෙන තත්වයක් උදාවි ඇතැයිද ඇය කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article