spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹින් ආ කට්ටිය සොයමින් පොලිසිය දකුණේ හෝටල් කාමර පීරයි. ! – නීතිය මෙන්න

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
 ඔක්තොම්බර් 29 බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවන බවට රජය විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම පළාතෙන් විශේෂයෙන් කොළඹින් දකුණු පළාතේ සංචාරක
හෝටල් වෙත ගොස් නවාතැන් ගෙන සිටින පිරිස් සොයමින් පොලිසිය ඊයේ (30) හා අද (31) දිනයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 28 බදාදා පස්වරුවේ දී ය.
ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස යුධ හමුදාපතිවරයා 28 දා රාත්‍රී මාධ්‍ය ඔස්සේ විශේෂ ඉල්ලීමක් ද කර තිබිණ.

කෙසේවෙතත් 29 දිනයේ පෙරවරුවේ දක්ෂිණ අධිවේගයේ රථවාහන තදබදයක් පැවති අතර ඇතැම් මාධ්‍ය එය වාර්තා කර තිබුනේ කොළඹ පදිංචි දකුණේ වැසියන් සිය ගම්බිම් බලයාමට උත්සුකවීම නිසා මෙවැනි වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි.
මාධ්‍ය විසින් දිගින් දිගටම සිදුකළ බියගැන්වීම හේතුවෙන් කොළඹින් පැමිණි සංචාරකයින් නිසා තම තමන්ගේ ගම්බිම් ප්‍රදේශවලට කොරෝනා වසංගතය ව්‍යප්තවනු ඇතැයි බියට පත් ඇතැමුන් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට පැමිණිලි කර තිබු බව ද වාර්තාවේ.
 Corona Police
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දකුණු පළාතේ ඇතැම් පොලිස් ස්ථාන මාතර පොල්හේන, මිරිස්ස, අහංගම, වැලිගම සංචාරක හෝටල් වටලමින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර හෝටල්වලට හා ලැගුම්හල් වලට බස්නාහිර පළාතෙන් පැමිණ සිටි පුද්ගලයින් හඳුනා ගනිමින්, එම පුද්ගලයින් සමග හෝටල්  දින 14ක නිරෝධායන වැඩපිළිවෙලට යටත් කර එම හෝටල් ඉදිරිපිට දැන්වීම් ද ප්‍රදර්ශනය කර ඇත.
ඉදිරි දෙසතිය සඳහා එම හොටල හා ලැගුම්හල්වලට මුදල් ගෙවාගත නොහැකි අය සිටිනම්, රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යන බවටද පොලිසිය තර්ජනය කර තිබේ.
දකුණට ගිය පිරිස බරපතල අසීරුතාවයක !
බස්නාහිර පළාතේ ඉකුත් 29 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට පනවන බවට දින එක හමාරකට කලින් ප්‍රකාශයට පත් කොට, පසුව එම පළාතෙන් පිටවූ පුද්ගලයන් දැනට සිටින ස්ථානවලම දින 14 ක් නිරෝධායනය විය යුතු බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ (30) දැනුම් දීමත් සමග බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව theleader.lk වෙත වාර්තාවේ.
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය 29 දින මධ්‍යම රාත්‍රී 12 ට පනවන බව යුධ හමුදාපති නිවේදනය කළ බව ‘අද දෙරණ’ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් මහජනතාව දැනුවත් කළේ 28 වන බදාදා පෙරවරු 10.02 ට පමණය.
 ඉන් අනතුරුව, ඇඳිරි නීතිය පනවනු ලබන්නේ තාවකාලික පියවරක් ලෙස බැවින්, බස්නාහිර පළාතෙන් ඇඳිරි නීතිය පැනවීමට කලින් පිටව නොයන ලෙස යුධ හමුදාපතිවරයා මහජනතාවගෙන් ‘ඉල්ලා සිටින’ බව ‘අද දෙරණ’ පස්වරු 5.15 ට පමණ කෙටි දුරකතන පණිවුඩයක් මගින් මහජනතාවට දැනුම් දෙන ලදී.
යුද හමුදාපතිවරයාගේ ‘ඉල්ලීමට’ කලින් සමහර පිරිස් බස්නාහිර පළාතෙන් පිටව ගොස් ඇති අතර, තවත් පිරිස් 29 වන දින පිටව ගොස් තිබේ.
ඉල්ලීමක් යනු නියෝගයක් නොවේ !
”මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු පෙන්වා දුන්නේ ‘ඉල්ලීමක් යනු නියෝගයක් නොවන බැවින්’ තීරණය ගැනීම මහජනතාවට ඉඩහැර ඇති බවක් එම ප්‍රවෘත්තියෙන් හැඟුණු බවයි. ”
 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු පෙන්වා දුන්නේ ‘ඉල්ලීමක් යනු නියෝගයක් නොවන බැවින්’ තීරණය ගැනීම මහජනතාවට ඉඩහැර ඇති බවක් එම ප්‍රවෘත්තියෙන් හැඟුණු බවයි.
එබැවින්, ඇතැම් පිරිස් සිය දෙමව්පියන් බැලීමටද, ඇතැම් අය විවේකය පිණිසද, තවත් අය වෙනත් පෞද්ගලික කටයුතු වලටද බස්නාහිර පළාතෙන් පිටව වෙනත් ප්‍රදේශ වලට ගොස් ඇති බවත් ඔහු පැවසීය.
ඉන් අනතුරුව, ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව, 30 වෙනිදා පෙරවරු 10 ට පමණ පොලිස් ප්‍රකාශයක් ලෙස ‘අද දෙරණ’ කෙටි පණිවුඩයක් මාර්ගයෙන් මහජනතාවට දැනුම් දුන්නේ බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙසට කළ ඉල්ලීම නොතකා, බස්නාහිර පළාතෙන් ඇඳිරි නීතිය පැනවීමට පෙර පිටව ගිය පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

 ඒ අනුව ප්‍රදේශ කිහිපයක හෝටල් වලට පොලිස් නිළධාරීන් ගොස් බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස කළ ඉල්ලීම නොසලකා පැමිණි පිරිස් දින 14ක් නිරෝධායනය ලක් කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන කතාව :
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ බස්නාහිර පළාතෙන් පිටවූ පිරිස් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තීරණය ගැනීමට තම සංගමයේ අදහස් නොවිමසූ බවය.
එසේම, දින එක හමාරකට කලින් ඇඳිරි නීතිය පනවන බව ප්‍රකාශ කිරීම නිසා එම පළාතෙන් පිටව යාමට අවස්ථාව සැලසුණු බවද, බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස කළ ඉල්ලීම එතරම් බරක් සහිත නියෝගයක් ලෙස මහජනතාවට නොවැටහුණු බව තමන්ගේ පෞද්ගලික මතය වන බවද එම ප්‍රකාශකයා පැවසීය.
”දින එක හමාරකට කලින් ඇඳිරි නීතිය පනවන බව ප්‍රකාශ කිරීම නිසා එම පළාතෙන් පිටව යාමට අවස්ථාව සැලසුණු බවද, බස්නාහිර පළාතෙන් පිටව නොයන ලෙස කළ ඉල්ලීම එතරම් බරක් සහිත නියෝගයක් ලෙස මහජනතාවට නොවැටහුණු බව තමන්ගේ පෞද්ගලික මතය වන බවද එම ප්‍රකාශකයා පැවසීය.”
නිරෝධායන නීතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් !
ඇඳිරි නීතිය පැනවීමට පෙර එම පළාතෙන් පිටවී වෙනත් ප්‍රදේශවලට ගිය සියලුම පිරිස් සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියා කිරීමට අදාල වන නීතිය කුමක්ද? යන්න පිළිබඳව ‘theleader.lk එම ප්‍රකාශකයාගෙන් විමසූ අතර ඔහුගේ පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් අදාල කර ගත හැකි සියලු දෙනාටම එක ලෙස බලපාන පොදු නීතියක් නොමැති බවත්, වලංගු නිරෝධායන නීතිය අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට එය වෙනස් වන බවත්‍ ය.
ඒ අනුව බස්නාහිර පළාතේම ඇඳිරි නීතිය පැනවීමට කලින් පිටවූ පුද්ගලයන් පදිංචි ප්‍රදේශ හෝ කලාප අවදානම් කලාප ලෙස නම් කර, ඇඳිරි නීතිය පනවා තිබුණේ නම් සංචරණ සීමාවලට අදාල නීතිය එවැනි පදිංචිකරුවන් සම්බන්ධයෙන් වලංගු වන බවයි.
එසේම, සමහර පළාත් පාලන බල ප්‍රදේශ වලට ඇතුළු වන පුද්ගලයන් දින 14 ක් නිරෝධායනය කළ යුතු බවට එකී පළාත් පාලන ආයතන ප්‍රධානීන් හෝ එවැනි ප්‍රධානියෙකු නොමැති ප්‍රදේශ වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ තීරණය කර තිබුණහොත්, එවැනි ප්‍රදේශවලට පැමිණි පුද්ගලයන් නිරෝධායනයට ලක් කරවීමට හැකි බවයි.
 එසේ නොමැති ප්‍රදේශ සම්බන්ධයෙන් අදාල වන නීතිය පිළිබඳ තමන්ට පැහැදිලිතාවයක් නොමැති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article