spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළ කැද අළෙවිය , තෘප්තිමත් ජීවිකාවක් කරගත් ව්‍යාපාරිකයෙක්

Must read

මාකස් මහතා

වසර 25ක් තිස්සේ අඛන්ඩව කොළ කැද අලෙවිය සිය ජීවිකාව කරගනිමින් එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගත් පුද්ගලයෙකු සමඟ කතාබහක් පැවැත්වීමට අවස්ථාවක් අපට හමු විය. ඒ කටුනායක , මීගමු පාරේ අංක 07-බී දරණ නිවසේ වෙසෙන කවුරුත් හදුනන ”මාර්කස් අය්යා නොහොත් මාර්ක් ඇන්ටනී පෙරේරා මහතායි . වසර ගණනාවක් තිස්සේ , සෑම උදෑසනකම විශාල පාරිභෝගීකයන් සංඛ්‍යාවකට ගුණාත්මක කොලකැද සපයමින් ප‍්‍රදේශ යේ හොද නමක් දිනා ගත් පුද්ගලයෙකි.
කොහොමද ඔබ මේ කො

ලකැද ව්‍යාපාරයට යොමු වුනේ?
මාගේ උපන් ගම කදාන , මම පළමුවෙන් පාසල් ගියේත් කදාන ශාන්ත සෙබස්තියන් පාසලට.ඉන් පසුව මම හැදුනේ වැඩුනේ ආච්චියි, සීයයි ගාව. පසුව පාසල් ගියෙත් කොළඹ. එහෙම ඉන්න අතරේ ගැල්වනයිස් වැඩපලකට රැුකියාවකට ගියා. එහීදී මට කාර්මික උපකරණ,මෙවලම්,ආයුධ ගැන යම් ආකාරයක හොද දැනුමක් ලැබුනා,ප‍්‍රයෝගීකව හොද පුහුණුවකුත් ලැබුණා. පී.ජී. මාර්ටින් එකේ මම රැකියාවකුත් කළා. ඔය අතරේදී මම කුවේට් රටේ අවුරුදු 03 ක් විතර රැකියාවකුත් කළා.

ආපහු ලංකාවට ඇවිත් කොළඹ ටොරින්ටං වල ආච්චියි සීයාගෙයි කඩයක් තිබුනා ඒක කලා. ඒත් මට අවශ්‍ය වුනා මගේම කියලා යමක් පටන් ගන්න. මට අවශ්‍ය වෙලා තිබුනා මට ඒ වෙද්දී තිබුණ කාර්මික දැනුම සහ නිර්මානාත්මක හැකියාව භාවිතා කරලා කරන අත්කම් භාන්ඩ නිර්මානය කරන්න. ඒත් එක්කම මේ කොල කැද ව්‍යාපාරය ගැනත් මාගේ සිතේ මුල සිටම තිබුනා. ඉතින් මාගේ අත්කම් භාන්ඩ නිර්මාණ කිරීමට අවශ්‍ය කාලය සපුරා ගන්න පුඵවන් හොදම ව්‍යාපාරයක් විදිහට තමයි මම මේ කොළ කැද ව්‍යාපාරයට යොමු වුනේ. මොකද මේ ව්‍යාපාරය දවසේ සීමිත

මාකස් මහතාගේ බිරිද සහ දියණිය

වෙලාවයි කරන්න තියෙන්නේ. ඒ ඉතිරි කලය මට මාගේ අත්කම් නිර්මාණය කරන්නත් , නිවසේ කටයුතුත් වෙනත් බාහිර කටයුතුත් සදහා යොදන්න පුඵවන්. එහෙම බලාපොරොත්තුවෙන් 1987 දී කදාන ප‍්‍රදේශයේ කුලියට ගත් කඩයක මේ කොලකැද ව්‍යාපාරය ආරම්භ කලා. කදානේ අවුරුදු 22 ක කාලයක් තුන් හතර තැනකම හිටියා. ඒ කුලියට. අවසානයේ මම තීරනය කළා. කටුනායක එන්න. මම දැන් කටුනායක ඉන්නෙත් කුලියට. මේ නිවසේදීම මට පුඵවන් වුනා කොල කැද ව්‍යාපාරය කරන අතරතුරම මාගේ අත්කම් නිර්මාන කරනයට අවශ්‍ය ඒ වර්ක්ෂොප් එකත් මේ නිවසේදීම යම් විධිමත් විදිහකට හදා ගන්න.
ඔබේ මේ ව්‍යාපාරය ගැන අඩුම තරමින් පාරට පේන්න නාම පුවරුවක් වත් සවි නොකර වැඩි ප‍්‍රචාරයක් ලබා නොදෙන්නේ ඇයි ?
මට එහෙම බෝර්ඞ් දාල ප‍්‍රචාරය කරලා කොළ කැද අලෙවි කරන්න අවශ්‍ය නැහැ. මොකද මා ළගට එන මාගේ පාරිභෝගිකයින් මා ගැනයි මා අලෙවි කරන කොල කැද ගැනයි හොදට දැනුවත් .ඉතින් ඒ අය මා ගැන මා අලෙවි කරන දේ ගැන වෙනත් අයට කරන දැනුවත් කිරීම හරහා මට ලැබෙන්නේ යහපත් ප‍්‍රචාරයක්. මට ඒ ඇති. මම මෙහෙට ඒ කියන්නේ කටුනායකට එන්න කලින් කදාන ප‍්‍රදේශයේත් මේ ව්‍යාපාරය අවුරුදු 22 ක් කලා. දැන් මම මෙහේ පදිංචි වෙලා මේ ගතවන්නේ තුන්වැනි අවුරුද්ද.ඉතින් බලපුවාහම අවුරුදු 25 ක් මම මේ ව්‍යාපාරය කරලා තියෙනවා. දැන් ඔබේ පුවත්පතින් මාව සොයා ගෙන ආවෙත් මාගේ පාරිභෝගිකයින් හරහා සිදුවුන දැනුවත් කිරීමකින්නේ. අනික මම දන්න දෙයක් තමයි අද විශාල විදිහට ප‍්‍රචාරය කරලා, ප‍්‍රසිද්ධ කරලා අලෙවි කරන දේවල් වල කියන තරම් ගූණාත්මකභාවයක් නැහැ. විශේෂයෙන්ම ප‍්‍රචාරය කරලා වෙළද පොලේ අලෙවි කරන බොහෝ ක්ෂනික කෑම බීම අපේ ශරීරයට බොහෝම අහිතකරයි. ඉතින් අද කාලේ අපිට අයහපත් දේ අලෙවි කරන්නෙත් ප‍්‍රචාරය කරලා, ප‍්‍රසිද්ධ කරලා. ඉතින් මම අලෙවි කරන්නේ ශරීරයට බොහෝම හිතකර ගූණාත්මක දෙයක් නිසා මම හිතනවා මම දෙන ගුණාත්මක ආහාර වලට වැඩි ප‍්‍රසිද්ධියත් ප‍්‍රචාරයක් අනවශ්‍යයි කියලා. ඔබේ කොළ කැද වල ඇති විශේෂතාවයන් ? අපි හදන කොලකැද වලට වැල්පෙනෙල , කරපිංචා, ඉරමුසු, පොල්පලා, හාතවාරිය වාගේ ෙඖෂධීය වටිනාකමකින් යුත් ගුණාත්මක ස්වභාවික දේ තමයි යොදා ගන්නේ. මීගමුවේ කාමච්ඡෝඬේ පොලෙන් මේ දේවල් මිලදී ගත හැකියි. ඊට අමතරව මම දන්න අයත් අපිට මේ දෙවල් සමහර අවස්ථා වලදී ගෙනත් දෙනවා. අනික මේවා හදද්දී, කොටන්න කරන්න බ්ලෙන්ඩර් භාවිතා කරන්නේ නැහැ. ඒ කාර්්‍යය කරන්න අපි තවමත් යොදා ගන්නේ වංගෙඩියයි-මෝල්ගහයි. ඒවාගේම මේවා හදන්න අපි ගෑස් ලිප් භාවිතා කරන්නේ නැහැ. තවම අපි භාවිතා කරන්නේ දර ලිප. ඒනිසා අපේ කොලකැද වල රසය ගුණය නියම විදිහට ආරක්ෂා වෙලා තියෙනවා. පාරිභෝගිකයාට විස්වාශයෙන් යුතුව මේ කොල කැද අපිට අලෙවි කරන්න පුඵවන්. කොලකැද වලට අමතරව අපි හදනවා කුරක්කන් කැද එකක්. ඒත් එක්කම අපි තව හදනවා කඩල සුප් එකක් . පාරක් අයිනක පොඩි මේසයක් දාගෙන බාල්දියක් එහෙම නැත්නම් මුට්ටියක් තියාගෙන කරන කොල කැද ව්‍යාපාරයක් නෙමෙයි අපේ තියෙන්නේ. මාගේ ගෙදර වෙනමම කොටසක නිවී සැනසිල්ලේ ඇවිත් කොලකැද බිලා යන්න පුඵවන් විදිහට තමයි මම මේ ව්‍යාපාරය කර ගන යන්නේ. මට අවශ්‍ය නැහැ හදිසියෙන් ඇතිත් ගත්තා, බිව්වා දුවන ජාතියේ පාරිභෝගිකයෝ. මේ කොල කැද ව්‍යාපාරය සමාජයෙන් යම් ගෞරවයක් ලැබෙන පිළිවෙලට විධිමත් විදිහට කරන කෙනෙක් මම. මගේ කොලකැද ව්‍යාපාරයේ තියෙන වෙනස තමයි ඒක. ඔබේ ව්‍යාපාරයට සමාජයෙන් ලැබෙන විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කෙබදුද ? විවිධාකාරයේ පාරිභෝගිකයින් අපි ළගට එනවා. විශේ්ෂයෙන්ම පාපැදි තරග වලට පුහුණුවෙන අය අතර අපි හදන කඩල සුප් එක බොහෝම ජනපි‍්‍රයයි. උත්සව කාලෙට පාපැදි තරග පවත්වන කාලෙට මෙහෙට එන පාපැදි තරග පුහුණුවන අය වැඩි වෙනවා. තවත් ශාරීරික ව්‍යායාම් කරන අයත් වැඩියෙන් මෙහෙට එනවා. ඒවාගේම විධායක මට්ටමේ සිට විවිධාකාරයේ රැකියා කරන්නන් අපි ළගට දිනපතාම වාගේ එනවා. වෙනසක් නැහැ. අපි ලබා දෙන දේ හොද නිසානේ ඔවුන් හැමදාම මෙහෙට එන්නේ. ඒවාගේම මට මේ ව්‍යාපාරය තුලින් ලැබෙන විවේකය තුල මම යම් ආකාරයක සමාජ සේවා කටයුතු වලද නියැලෙනවා. සමාජය තුල මට යම් ගෞරවයක් ලැබී තියෙනවා මේ ව්‍යාපාරය නිසා.
මේ ව්‍යාපාරය තුලින් ලැබෙන ආදායම ගැන ඔබට සැහීමකට පත්වෙන්න පුඵවන් ද?.

මට මේ ව්‍යාපාරයේදී කිසිම බාධාවක්, තරගයක් නැතිවයි මම මේ ව්‍යාපාරය කර ගෙන යන්නේ. මේ ව්‍යාපාරය තුලින් මහා ලොකු ආදායමක් නොලැබුනත් මටත් මාගේ බිරිද සහ දරුවන් තිදෙනාටත් සමාජයේ යහපත් ලෙස ජීවත් වීමට හැකි ආදායමක් ලැබෙනවා. අනෙක මම ගෙවන්නේ අල්පේච්ඡ ජීවිතයක්. ඒ කියන්නේ ලැබෙන ආදායම උපරිම ලෙස කළමණාකරනය කර ගනිමින් ජීවත් වීම. අනෙක මම මේ ව්‍යාපාරය තුලින් විශාල මානසිත තෘප්තියක් ලබනවා. මම සමාජයට ඒ කියන්නේ සමාජයේ වෙසෙන අයට මම හොද දෙයක් දුන්නාය කියලා ලබන හැගීම ඒ තෘප්තිය මට ලැබෙන අසීමිත අදායමට වඩා වටිනවා. ඔබේ පවුලේ විස්තරත් ඔබේ අත්කම් භාන්ඩ නිර්මාණකරණය ගැනත් දැන ගන්න කැමතියි? මගේ තාත්තා ලංගමේ බස්රථ රියදුරෙක්. මගේ මව, මට වයස අවුරුදු 03 දී විතර මිය ගිහින් තියෙනවා. මම වැඩිපුර හැදුනේ වැඩුනේ ආච්චියි, සීයයි ල`ග. මම කුවේට් වල ඉන්න කාලේ ඇති වුන පේ‍්‍රම සම්බන්ධතාවයක් මත මාගේ විවාහය සිදු වුනා. මාගේ බිරිද සුබද්‍රා. අපිට පුතෙක් සහ දියණියන් දෙදෙනෙක් ඉන්නවා. පුතා වැඩිමලා,එයා බොස්කෝ එකේ ගුරුවරයෙක්. දෙවැනි දුව රාමඩා එකේ රැුකියාව කරනවා. බාල දුව රැකියාවක් කරන්නේ නැහැ. බාල දුවයි, මගේ බිරිදයි තමයි මේ කොලකැද ව්‍යාපාරයටත් මගේ අත්කම් භාන්ඩ ව්‍යාපාරයටත් උදවි උපකාර කරන්නේ. මම වැඩිපුරම අත්කම් භාන්ඩ කරන්නේ පොල්කටු සහ වෙනත් ස්වභාවික ද්‍රව්‍ය මගින්. 1996 දී මම ලිපක් හැදුවා ලී- කුඩු වලින් කි‍්‍රයාත්මක කරන, පැය 24 ම ඇවිලෙන. ඒකට ඒකාලේ සම්මාන පවා මට ලැබිලා තියෙනවා. ඉදිරියටත් මේ නිර්මාණකරණයේ යෙදෙන්න මම කැමතියි.

ඔබේ කොලකැද අලෙවි සැල සහ අත්කම් නිර්මාණය කෙරන ඔබේ නිවසට පැමිණෙන්නේ කෙසේද ? අංක 07-බී, මීගමු පාර , ( මහජන බැංකුව – කටුනායක දුරකතන අංක.. 011- 3122466

සාකච්ඡා සටහන – තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article