spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝටි 4කට මිනිස් ජීවිත සහ පරිසරය පාවාදුන් වත්මන් ජුදාස්ලාගේ කථාව ?

Must read

මීගමුව,  වෙන්නප්පුව ,   හලාවත  දක්වාවූ  වෙරළ  තීරය අද  විශාල  ලෙස  ඛාදනය  වෙමින්  මුහුද  විසින්  ගොඩබිම   ආක්‍රමණය කරමින්  සිටී.  මේසා විශාල  හානියක්  සිදුවුවද  වෙනදා  නැගෙන  ධීවරයාගේ  හඩ  අද  අපට  අසන්නට  නැත. සමහර   සංවිධාන  හඬක්  නැගුවද  එය  නෑසෙන  තරම්ය.  මෙය  කුමන  අරුමයක්දැයි  කෙනෙකුට  හැඟන්නට  පුළුවන.  නමුත්  මෙම  තත්වය   නිර්මාණය  වන්නේ  සංකීර්ණ  වටපිටාවක්  තුළය.අප  මේ  පිළිබඳව  විමසා  බැලීම  සඳහා  ධීවර  සමාජය  තුළ  යම්  මෙහෙවරක්  කරමින්  සිටින  නාමල් ප්‍රනාන්දු  මහතා  සමඟ  කෙටි  කථාබහක  යෙදුනෙමු. මෙකී   පරිසර  විනාශය  සහ  ඊට  හේතුසාධක  පිළිබඳව  ඔහු  කථාකළේ  ඉතා  හැඟීම් බරවය.

මෙම  වෙරළ  ඛාදනය  තුළ  ඇතිවී  ඇති  තත්වය  ඔබ  දකින්නෙ  කොහොමද?IMG-20190821-WA0081IMG-20190821-WA0080IMG-20190821-WA0079IMG-20190821-WA0078

මේ  ගැන  කථාකලොත්   එහි  ආරම්භක  පියවර  තියන්නෙ  රාජපක්ෂ  කාලය  තුළයි.  චීනය  සමඟ  එකඟතාවයට  පැමිණ  ගැසූ  හොර  ගිවිසුමට  අදාලව  ඉදිකරන්නට  යන  වරාය  නගරයට  විරුද්ධව   වැල්ලවීදිය,  කුඩාපාඩුව,  පළඟතුරේ  යන  මීසම්  සහ  පල්ලි  හරහා  විශාල  ජනතා  විරෝධයක්  ගොඩ නැගුනා.  සටන්පාඨ  සහිත  පෝස්ටර්,  කටවුට්,  අත්පත්‍රිකා  මගින්  දියත් වෙමින්  තිබූ  මෙම  ජනතා විරෝධය   අතර  ධීවර  ඒකාබද්ධ  සංවිධානය  සහ  වැල්ලවීදිය  මීසම්  පාලක ටෙරන්ස්  බෝධියාගම  පියතුමා  එම විරෝධයට  එරෙහි  සාකච්ඡාවක  යෙදී  හිටියා.  මෙම  සාකච්ඡාවට  එවකට  රජය  නියෝජනය  කරමින්  කටයුතු  කළ  බස්නාහිර  පළාත්භාර නගර සංවර්ධන  ඇමති  චම්පික  රණවකත්  සම්බන්ධවී  සිටියා.   ඔවුන්  උත්සාහ  කළේ  මෙම  චීන  ව්‍යාපෘතියෙන්  කිසිදු  හානියක්  සිදුනොවන  බවට  ඔප්පු  කිරීමටයි. ඒ  අනුව  ඔවුන්  ඒ  සඳහා  සක්‍රීය  දායකත්වයක්  දුන්නා. එදා  රිදී  30 කට  ජුදාස්  ක්‍රිස්තුස්  වහන්සේ  පාවාදුන්නාසේ  කෝටි  4 කට  අනාගත  ධීවර  දරුවන්ට  අයිති  ආහාරදාමය  විනාශ කරන  වැඩපිළිවෙල  වෙනුවෙන්  පෙනී  සිටියා.

මේ සටන්  වලදි  කතෝලික  සභාව  ධීවරයගෙ  පැත්තෙ  හිටියෙ  නැද්ද?

ධීවර  සටන්  වලට  සහභාගීවෙමින්  අවසානයෙදි  පාවාදීමක්  තමයි  හැම  අවස්ථාවෙම  කළේ.  එදා  ඉරණවිල  ජනතාවගේ  බිම  කොල්ලකෑමට  ඇමරිකාව  සූදානම්වූ  අවස්ථාවෙ  ඒ  ජනතාව  කළ  අරගලයට සහාය  දෙන  මුවාවෙන්  ඇවිත්  ඒ  සටනත්  පාවාදුන්නෙ  අපි  ඉදිරියෙමයි. අපේ  සහෝදරයෙකුගෙ  ජීවිතයක්  ඒ  සඳහා  බිලිගත්තා.  එය  කෙලවරවුනේ  විශාල  ජනතා  පරාජයකින්.

චීනය  ලබාදුන්  කෝටි  4ට  මොකද වුනේ?

මේ  මහපොළොව  නුහුලන  අපරාධය  සිදුවෙද්දි  වචනයක් කථා නොකල  කතෝලික  සභාව  ,  එක  පෝස්ටරයක්  හෝ  ඇලවීමට  නොපැමිණි  ධීවර  ඒකාබද්ධ  සංවිධානය පසුගිය  දිනවල  මේ  වන්දිමුදල  ලහිලහියේ  බෙදාගනිමින්  ඉන්නවා.  මේ  වනවිට  ධීවරයින්  අතර මේ  නිසාම  ගැටළු  රාසියක්  නිර්මාණය  වෙමින්  තිබෙනවා.  තේවත්ත  දේවස්ථානයේ  ප්‍රතිසංස්කරණ  කටයුතු  සඳහා  යැයි  කියා  චීනය  විසින්  දුන්  මුදල්මත  පැමිණි  එකඟතාවයන්  අනුව  අපේ  වෙරළ  ආසන්නයේ  වැලි  හෑරීම  ගජරාමෙට  සිද්ධවුනා.  මේ  නිසා අගතියක්  වනබව  දැනගෙන  ඊට  අදාලව  තමයි  මෙම  වන්දි මුදල  ලබා  ගන්නෙ.  එය  මේසා  විශාල  පරිසර  විනාශයක්  සඳහා  අනුබලදීමක්.

මේ  වන්දි  මුදල  ගැන  ඔබේ  අදහස  කුමක්ද?

මේ  වන්දිය  දෙන්නෙ  සමස්ථ  ධීවරජනතාවම  වෙනුවෙන්.  මොකද,  හානිය වුනේ  මේ  සියළු  දෙනාටයි.  එකී  තත්වයට  අනුවයි  වැඩපිළිවෙල  සකස් විය යුත්තේ.   නමුත්  එසේ  සිදුවුනේ නෑ. සමහර  ධීවර  සමීති  සාමාජිකයො  අතර  අසමාන  ලෙස  මුදල්  බෙදුනා.  මේ  අතර  ග්‍රාමීය  ධීවර  සංවිධානය  නමින්  අටවාගත්  සමීති  සමඟ  කිසිදු  විනිවිදභාවයකින්  තොරව  මෙම  මුදල්  පරිහරණය කළ බව  හෙළිවෙමින්  අතිබෙනවා. ඒ  නිසා  යම්දිනයක  මේ  සම්බන්ධව  පුළුල්  පරීක්ෂණයක්  කළ යුතුව  තිබෙනවා.  එය  අධිකරණයට  යොමුවියයුතු  කාරණයක් .  නමුත්  මෙම  සොබාදහමේ  සාපය  ගැන  මාගේ  අපරාධයයි,  මාගේ  අපරාධයයි,  මාගේ  බලවත්  අපරාධයයි  කියමින්   සැබෑ  සටන්කාමියාවූ  ජේසුස්  ක්‍රිස්තුස් වහන්සේ  සිහිකරමින්  නුඹලාගේ  පපුවට  තට්ටුකර  බලාපල්ලා  යැයි  කියනලද වචන  අපි ඔවුන්ගේ  අවධානයට  යොමුකරනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article