ගම්පහින් ආසාදිතයන් 551 ක් !සීදුව,කටාන,මිගමුවෙන් 131 ක්

0
210
covid 19

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිට

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී ඇති අතර දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙස ආසාදිතයින් ලෙස සටහන් ව තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර – දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, අගලවත්ත 20ක්, හොරණ 21ක්, පානදුර 27ක්, කළුතර 28ක්, මතුගම 31ක්, වැලිපැන්න 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 321ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. පිළියන්දල 50ක්, තලංගම 35ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක්, කොළඹ නගර සභා බල සිමාවේ 32ක්, අවිස්සාවේල්ල සහ හෝමාගම ප්‍රදේශ වලින් ආසාදිතයා 18 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here