spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුරුකමේ අභිමානය රැකගත් මසූදා ගුරු මාතාව

Must read

සිත්ති මසූදා (මසාහිමා)

සිත්ති මසූදා මරික්කාර්,  මීගමුව – පෙරියමුල්ල ලොයලා විදුහලේ ගුරු මාතාවකි. එතුමිය තම ගුරු සේවය ගරු සේවයක් ලෙස සළකා කටයුතු කළ සැබෑ ගුරු චරිතයකි. මේ වනවිට වසර 77 ක්වූ තම ජීවිත කාලය තුළ සිසු දරුවන්ට යහපත් අධ්‍යාපන මාර්ගෝපදේශයක් ලබාදුන් ගුරු තුමියක් බව කිව යුතුය . පාසලේ සියලු ශ්‍රේණිහට ඉස්ලාම් සහ දමිල විෂයභාර ගුරුවරිය විය .දැනට විශ්‍රාම සුවයෙන් පසුවන එම ගුරු චරිතය ඇගයීමකට ලක් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වන්නේ එබැවිනි .

ඉස්මයිල් මරික්කාර් සහ කාසිම් සුබෙයිදා යුවලට ලැබුණු දරු සම්පත් අතර 1946 අප්‍රේල් 21 වන දින මෙලොව එළිය දුටු එතුමිය සහෝදර සහෝදරියන් 6 දෙනෙකු අතර පස් වැන්නා විය. මීගමුව ,පෙරියමුල්ල , මිනු/ අල්හිලාල් මහ විදුහලේ 7 ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලැබූ මසූදා මරික්කාර් මහත්මිය වැඩිදුර අධ්‍යාපනය සඳහා අළුත්ගම මුස්ලිම් බාලිකා විදුහලට අැතුලත්වූ අතර එහිදී SSC සහ HSC විභාගද පෙනීසිටියේය.
1967 මැයි 24 විවාහ දිවියට පිවිසෙන ඇයගේ සහකරු වන්නේ නිට්ටඹුව,හොරගොල්ල ප්‍රදේශයේ මොහොමඩ් පාරුක් නම් ගුරු භවතෙකි. මේ දෙදෙනාගේ වැඩිමහල් දියණිය ගුරුවරියක් විය. වැඩිමහල් පුතා රණවිරු මේජර් ෆික්‍රි ෆාරුක් උතුරේ පැවති යුධ සමයේදී දමිල සිවිල් ජනතාවගේ විවිධ ගැටළු සඳහා මැදිහත් වූ බව සඳහන් කළ යුතු වේ.පවුලේ දෙවැන්න ෆරුඩ් ෆාරුක් මව්ලවි තුමා කොළඹ ඊසානියා මදරසා පාසලේ විදුහල්පති වේ. ( මීගමුව ලොයලා ආදිශිෂ්‍යයෙකි.)

මසූදා ගුරුතුමිය විශ්‍රාම යාමෙන් අනතුරුව පවා තම සේවය ගුරු වෘත්තියට ලබා දෙමින් මීගමුව පෙරියමුල්ල අල් අස්හාර් පෙර පාසලේ විදුහල්පති ලෙස සේවය කරන ලදී . එසේම තම දරුවන් රට,ජාතිය ආගමට අනුව නිසි මග යැවීම සඳහා මෙන්ම සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරීමට වෙහෙසෙන ලදී . එසේම තමන්ගෙන් අධ්‍යාපනය ලබන සියළු දරුවන්ටද එකී මාර්ගය අනුව කටයුතු කිරීමට උනන්දු කරවන ලදී . මීගමුව පෙරියමුල්ල ලොයලා විදුහලේ පළමුව බිහි වු මුස්ලිම් කාන්තා වෛද්‍යවරියක් වන ශිනා රාසික් විය. රෝමානු කතෝලික පාසලක සේවය කළද එම විදුහලේ ආචාර්ය වරු, සිසුදරුවන් අතර නිහතමානී සිනහවක් නිතර මුවඟට නගා ගනිමින් , සියළු දෙනාහට කරුණා හරිතව මවක ලෙස කටයුතු කිරීමෙන් සහ අවශ්‍ය උපදෙස් දෙමින් ඇය ක්‍රියාත්මක වූ ආකාරය ආදර්ශමත් වූවක් බව කිවයුතුය .

මෙවන් පසුබිමක තම ජීවිතය නිවැරැදි මගක මෙහෙයවා අද විශ්‍රාම සුවයෙන් පසුවන මසූදා ගුරුතුමියට මෙම සටහන උපහාරයක් වේවා!!!

ඡායාරූප සහ සටහන – මීපුර පුරවැසි මාධ්‍යකරු ලොයලා ආදිශිෂ්‍ය එම්. එස්. සුජායිල් මුනීර්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article