

ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රතෝව ඔපෙරා භාෂණ අඬ හැර අත් පොත
මුල් පිටපත එහි කර්තෘ සුමුදු පතිරාජ මහතා විසින් කේමදාස මැතිනිය ට සහ ගයාත්‍රි මැතිනිය ට පිළිගැන්වීම පසුගියදා (දෙසැම්බර් 16)ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ රාජගිරිය නිවසේදී සිදු විය.
මධ්‍යම ආසියානු රටක් වන ,කිරිගිසියාවේ පිටිසර ගමක උපත ලද කිරිගීසියානු ජාතික වීන්ගීස් අයිත්මාතව් විසින් රචිත ” පියර් වී උචීතියෙල් ” හෙවත් “”ගුරු ගීතය”” (( THE FIRST TEACHER )) කෘතිය පාදක කරගනිමින් නිර්මාණය වු ගුරු ගීතය ඔපෙරාව ආශ්‍රයෙන් රචනා වු “” ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රිතෝව ” හෙවත් ඔපෙරා භාෂණ අඬහැර අත්පොත ග්‍රන්ථයක් ලෙස එළි දක්වා ඇත . මෙහි රචකයා වන්නේ මීගමුවෙන් බිහිවූ තවත් අති දක්ෂ සහ ප්‍රකට කලාකරුවෙකු වු සුමුදු පතිරාජය. සුමුදු පතිරාජය යනු මීගමුව ප්‍රදේශයේ වෙසෙන ප්‍රකට කලා ගුරුවරයකු ලෙස සහ නිර්මාණාත්මක අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකි.
මීට වසරකට පමණ පෙර ඔහු විසින් ගුරු ගීතය කෘතිය පාදක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රුසියානු භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් නිර්මාණය වු පළමු ඔපෙරාව වන ” ගුරු ගීතය ” ඔපෙරාව
( The First Techer Opera ) නිර්මාණය කරමින් අධ්‍යක්ෂණය කලේය.
ඉන් පසුව ඔහු විසින් එම ඔපෙරාව සිංහල බසින් ඔපෙරා ලිබ්‍රිතෝව, ඔපෙරා භාෂණ අඬහැර අත්පොත ලෙස මුද්‍රණ ද්වාරයෙන් ග්‍රන්ථයක් ලෙසින් මේ වන විට ශ්‍රී ලාංකික පාඨකයන් වෙත ප්‍රදානය කර ඇත.
සුමුදු පතිරාජ මහතා මීගමුවේ උපන් එලෙසම මීගමුව ,හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 1993 වසරේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියානන්ගේ පදනමට එකතු වෙමින් සංගීත කලාව නර්තන කලාව ඇතුළු සෞන්දර්යාත්මක කලාවන් පිළිබඳව සිය ප්‍රතිභාවන් සහ දක්ෂතාවයන් ප්‍රකට කළ කලාකරුවෙකි. ඒ අනුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පදනම තුළ ශිෂ්‍යයකු ලෙසත්, පසුකාලීනව එහි උපදේශයකවරයෙකු ලෙසත් දශක දෙකක පමණ කාලයක් අඛණ්ඩ අනුපමේය සේවාවක් එම පදනම වෙනුවෙන් ඉටුකළ සුමුදු පතිරාජයන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ මානසවිල ,දොරමඩල , සොඳුරු වර්ණදාසි,සහ අග්නි යන ඹපෙරාවන් සඳහා සක්‍රීය ලෙස දායක වූ කලාකරුවෙක් ලෙසද හැඳින්විය හැකිය එලෙසම ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ
“” අග්නි “” ඔපෙරාවේ ධවල චරිතයට පණ පොවමින් ඔපෙරා ශිල්පියෙකු ලෙස සිය දස්කම් සහ ප්‍රතිභාවන් මනාව ප්‍රකට කළේය.

1996 වසරේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගොස් එහි සංස්කෘතික නිවසේ සංගීත ගුරුවරිය වූ “” වේරා පිතරොවිනා ” මහත්මිය යටතේ රුසියානු ගයනාවන් හදාරමින් පසුව ඇයගේ සම්බන්ධීකරණය යටතේ ඔපෙරා කලාව පිළිබඳවද සුවිශේෂී ලෙස අධ්‍යනය කරන්නට සුමුදු පතිරාජයන්ට අවස්ථාව උදා.විය .
ඔහු මීගමුව ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය පෞද්ගලික පාසලක කලා අධ්‍යක්ෂකවරයා ලෙසද වසර ගණනාවක් සේවය කළ අතර එම වෘත්තිය තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කලාව සහ, සෞන්දර්යාත්මක කලාව ඇතුළු සකලවිද කලාවන් පිළිබඳව සිසු දරු දැරියන් දහස් ගණනක් පෝෂණය කල කලා ගුරුවරයෙක් ලෙසද ප්‍රකටය. මේ වන විට එම වෘත්තියට සමු දී ඇති සුමුදු පතිරාජයන් දැනට ඔහුගේ නිවසේ පවත්වාගෙන යනු ලබන පතිරාජ ඔපෙරා හවුස් නැමැති පුහුණු ඇකඩමිය තුලින් ඔපෙරා කලාවට ලැදි අය වෙනුවෙන් නොමිලේ ඔපෙරා නාට්‍ය පුහුණුව ලබාදීම සිදුකරගෙන යනු ලබයි.
සුමුදු පතිරාජයන් විසින් අභිනවයෙන් රචනා කර ඇති ගුරු ගීතය ඔපෙරා ලිබ්‍රිතෝව, ඔපෙරා භාෂණ අඬහැර අත්පොත ග්‍රන්ථයේ මුල් පිටපත පසුගියදා, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දයාබර බිරිඳ වන ලතා කේමදාස මැතිනියට සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දයාබර දියණිය වු සංගීතවේදී ගයත්‍රි කේමදාස මහත්මිය වෙත පිළිගැන්වීම , ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී සිදුවිය.
මෙම ග්‍රන්ථය පිළිබඳ සියලු විමසීම් පහත දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය .
දුරකථන අංක ÷94 71 406 5506 (whats app)
ඡායාරූප/ ප්‍රවීණ ඡායාරූප ශිල්පී , දයාන් විතාරණ












