කොතලාවල පාලම අසලට ජැටියක් !

0
437

කලක් සිට සාකච්ඡාවට පමණක් බඳුන්ව තිබූ මීගමුව කොතලාවල පාලම අසල ජැටිය ඉදිකිරීමේ කටයුත්ත කඩිනම් කර ගැනීම සඳහා ඊයේ දින මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ අනු කමිටුව මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

එහිදී පැමිණ සිටි සියලු පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් කඩිනමින් මෙම ජැටියේ වැඩ ආරම්භ කිරීමට තීරණය විය.

මෙම ජැටිය ඉදිකිරීම මගින් එම ප්‍රදේශයේ ධීවර කර්මාන්තය විධිමත් කිරීමටත්,ධීවරයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත්,සංචාරක ව්‍යාපාරයටත් උචිත පරිසරයක් නිර්මාණය වනු ඇත.

ඉන්පසු අදාළ ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහාද මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න සහභාගි වු අතර  පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු,මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද,නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු යන අය සහ  රාජ්‍ය නිලධාරීන්ද  එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here