spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුවන් විදුලියේ පාර්ලිමේන්තු සජිවි විකාශය නවතා දැමු සෝමේ දැන් බබා පාට් දායි!

Must read

some 2කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ගුවන් විදුලියට කිසිදු නීතිමය පදනමක් නැතිව පත්කර ඇති ලොක්කෝ දෙදෙනෙකි.මේ අයට ලොක්කෝ වෙනුවට ලෝකයෝ යැයි කීවද කම් නැත.මන්ද මේ දෙන්නා මහජන දේපලක් වු ගුවන් විදුලිය පසුගිය දවස් වල භාවිතා කළේ සෝමේලාගේ සහ ජයරත්නලාගේ බූදලයක් ලෙසින්ය.ඒ රාජපක්ෂලාට කඩේ යෑම වෙනුවෙනි.මුදල් ගෙවා ගිවිසුමක්ද තිබියදි පාර්ලමේන්තුවේ සජිවි ගුවන් විදුලි විකාශය නවතා දැමිමට ප්‍රවෘත්ති ලොක්කා සහ සභාපති සෝමරත්න දිසානායක විසින් කටයුතු කර තිබුණි.මේ බරපතල වැරැද්ද ගැන අද පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්ණ කර සිටියදි  කථානායකවරයා කියා සිටියේ ගුවන් විදුලියේ සභාපතිවරයා හිතුවක්කාරයෙකුනැ ලෙස කටයුතු කර ඇති බවය .ඉන් නොනැවතුන කථානායකවරයා ගුවන් විදුලි සභාපතිවරයාව අද පාර්ලිමේන්තුවට කැදවා ඔහු විසින් සිදුකර ඇති බරපතල වැරැද්ද පෙන්වා දි තිබුණි .එහිදි බාබා පා⁣ට් දමා ඇති සෝමරත්න කියා ඇත්තේ සජිවි විකාශය නැවැති තිබිම ගැන තමන් කනගාටු වන බවය.එය ඉක්මනින් නිවරදි කරන බවද කියා ඇත.සෝමරත්න මෙසේ කණගාටු වෙනවා යැයි කියන්නේ ඒ වැරැද්ද තමන් විසින් සිදුනොකරද වෙනත් අයෙකු විසින් කර ඇති බවද.එසේ නම් ඒ කව්ද?ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ ලොක්කා ලෙසින් බලෙන්ම ඇතුලු වි සිටින ඉන්දික ජයරත්නද.මොකා විසින් මේ බරපතල නීතිවිරෝධි හැසිරිම සිදුකර තිබුණද ඒ ගැන කොන්දේසි විරහිතව දඬුවම් පැමිණිවිය යුතුය.පෙරළුන පිට හැමදාම හොදයි කියන සෝමේලාට කටඋත්තර නැතිවෙන තැනට අවැසි ක්‍රියාමාර්ග ගැනිම⁣ට අදාල සියලු බලධාරින් කටයුතු කල යුතු අතර මෙයට අමතරව රටතුල යහපාලනය ස්ථාපිත කිරිමට පෙරමුණ ගත් පුරවැසියන්ද මේ මෝඩ හිතුවක්කාරයන්ට නිසි ප්‍රතිචාර නොපමාව දැක්විය යුතුව තිබේ.

පහත පලවන්නේ කථානායක කාර්යාලය විසින් නිකුත් කරන්නට යෙදුන මාධ්‍ය නිවේදනයයි.

 

 

 

කථානායක – ප්‍රවෘත්ති නිවේදනය

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවට අද (2018.12.05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරනය තුල පූර්ණ ස්වාධිනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කරන ලදී.

‍මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, ගුවින් විදුලි සංස්ථාවේ සජීවී විකාශණය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශකල ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කරන ලදී.FB_IMG_1544015617467

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article