spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෙවුන පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 334 ක් !වැඩිම පිරිස කටානෙන් !

Must read

බ්‍රන්ඩික්ස් සහ පෑලිගොඩ පොකුර බිහිකළ ගම්පහ දිස්ත්‍රික්කය තවදුරටත් කොරෝනා අවධානම දැන් පැතිර යමින් ඇත්තේ අලුත් අවුරුදු පොකුර යන නාමකරණයෙනි.මේ අනුව ගතවු පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයන් ගණන 334 ක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මින් 77 දෙනකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවලින් සහ 257 දෙනකු දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී හමුව ඇත

ආයෝජන මණ්ඩලය කලාපයට අයත් බියගම කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 7 දෙනකුද හමුව ඇත.

මේ අතුරින් 55 දෙනකු වන වැඩිම ආසාදිතයින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද වාර්තා වි තිබේ.
මහර කොට්ඨාසයෙන් – 48 දෙනකු ද , දිවුලපිටිය  – 35දෙනකු ද , අත්තනගල්ල  – 34 දෙනකු ද , වත්තල  – 26 දෙනකු ද , මිනුවන්ගොඩ , මීරිගම  සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් 21 දෙනකු බැගින්ද , දොම්පෙ  – 1දෙනකු ද , බියගම  – 16 දෙනකු  සහ මීගමුව කොට්ඨාසයෙන් 10 දෙනකු වශයෙන්ද හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article