spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රොෂෙන් ඝාතනය කොට වසර 10යි ! කම්කරු ක්‍රියාකාරින් පසු පස පොලිස් දඩයම දිගටම …

Must read

සේවක අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට පසුගිය රාජපක්ෂ පාලනය මාන බලද්දි එයට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාප කම්කරුවන් උද්ඝෝණය කරද්දි තිරිසන් ලෙසින් කම්කරුවන්ට එදා වෙඩි තැබු රාජපක්ෂ පොලිසිය රොෂෙන් චානකගේ තරුණ ජිවිතයද බිලි ගනිමින් තවත් සිය ගණනකට තුවාල සිදුකර තිබුණි.

ඒ 2011 වසරේ මැයි 30 වනදාය.

ඒ ම්ලේච්ජ ඝාතනයට තවමත් සාධාරණයක් ඉටුව නැත.
එදා මේ පොලිස් පහරදිම් වලට අණදුන් පොලිස්පති උසස් විම් ලැබ බ්‍රසිලයට තානාපතිවරයෙකු ලෙසින් පත්වගිය අතර මෑතකදි ජිවිතයෙන්ම සමුගන්නටද යෙදුණි.

දැන් යළිත් වරක් පොලිසිය එලිපිට කම්කරු ක්‍රියාකාරින් පසුපස හඹා යමින් අමුතු ආකාරයේ දඩයමක් අරභා තිබේ.
මේ පිළිබදව සටහනක් තබන theleader වෙබ් අඩවිය සදහන් කරන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්ගේ පුද්ගලික තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් එළිපිටම රැස් කිරීම ඇරඹීමත් සමග ඔවුහු සිය ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් භිතියට පත්ව සිටින බවය

  “එහෙනම් අපේ ආරක්ෂාව කොතනද තියෙන්නේ? ඒ ආරක්ෂාව සලසා ගත යුතුතේ කෙසේද? එවන් වු කාර්යයන් ගොඩක් අපේ සිත් තුළ තියනවා.  ”   මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED) (කටුනායක) හි චන්ද්‍ර දේවනාරායන ඒ බව සදහන් කළේ අප්‍රේල් 27 අගහරුවාදා ජන බල පවුර සංවිධානය විසින් කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  

දශක තුනකට වැඩි කාලයක් කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය  වෙනුවෙන් මැදිහත් වී තිබෙන චන්ද්‍ර දේවනාරායන එම මාධ්‍ය හමුවේ දී අනාවරණය කළේ  පසුගිය සතියේ  පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සිය කාර්යාලයට පැමිණ සියලු තොරතුරු ලබා ගත් බවයි.    “මේ අය මොනවද කරන්නේ, කොහෙන්ද ආධාර හම්බෙන්නේ, කා එක්කද වැඩ කරන්නේ, ඒ වගේ සියලු තොරතුරු ආයතනයට ඇවිල්ලා ලබා ගත්තා. ”   ඉන් නොනැවති සිය නිවසටද පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පැමිණි බව පවසන චන්ද්‍ර දේවනාරායන ප්‍රශ්න කරන්නේ  ඔවුන් සිය නිවසට පැමිණ පුද්ගලික තොරතුරු එක් රැස් කළේ කුමන නීතියක් යටතේද යන්නයි.   ” ඒ ගොල්ලන්ට උවමනා උනා මගේ උපතේම ඉදලා මේ දක්වා තොරතුරු ගන්න. මිය ගිය දෙමව්පියන්ගේ තොරතුරු, මිය ගිය සහෝදර සහෝදරියන්ගේ තොරතුරු, ගමේ ඉන්න නෑදැයන්ගේ තොරතුරු  ඇතුලු සියළුම තොරතුරු  එයාලට අවශ්‍ය උනා.  ”   ඇය එහිදී වැඩි දුරටත්  අනාවරණය කළේ ඉහලින් ලැබුන නියෝගයක් අනුව මෙම තොරතුරු රැස්කරන බව තමන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පැවසු බවයි.    නිවාස වලට පැමිණ පුද්ගලික ජීවිතයට හානි වන අයුරින් භිය වැද්දිම් සිදු කරමින් පුද්ගලික තොරතුරු රැස්කිරීම තරයේ හෙළා දකින බව ඇය එහිදී බලධාරීන්ට අවධාරණය කළේය.   නිවාස වල සිටින දරුවන්ද භිතියට පත් කරමින් සිදු කරනු ලබන පුද්ගලික තොරතුරු ඒකරාශි කිරීම විශාල මර්දනකාරී වැඩපිළිවෙල පෙරනිමිත්තක් බවටත්   චන්ද්‍ර දේවනාරායන මාධ්‍ය හමුවේදී  අනතුරු ඇගවීය.

පසුගිය දිනක මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ චන්ද්‍රා දේවනාරයන අවධාරණය කර සිටියේ මෙසේය.
”අපේ කාර්යාල විවෘතව තියෙනවා . අපි වැඩකරන්නේ ඒ කාර්යාලවල. අපිව ඇවිත් එහෙදිත් හම්බවෙලා මොකටද ආයෙත් අපේ ගෙවල් අවටිනුත් විස්තර අහල අපේ ගෙවල් වලට ඇවිත් කරදර කරන්නේ .”

ඒ ප්‍රකාශය තුල කියැවෙන්නේ පරණ රාජපක්ෂ පොලිසිය දැන් යළිත් වැඩ අරඹා ඇති බව නොවේද ?

පොලිසියට සැබැවින්ම තොරතුරු ලබාගත යුතුව ඇත්නම් එය කළ යුත්තේ අදාල ක්‍රියාකාරින්ගේ නිවෙස්වලට ගොස් නොව අදාල අයගේ කාර්යාල වලට ගොසින්ය.
ගණිතඥයන් අවැසි තැන්වලට නැට්ටුවන් පැමිණ විට අද රටේ කොතනකත් සිදුවෙමින් ඇත්තේ මෙයම බව දිනපතා හෙළිවෙමින් තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article