spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝඨාට එරෙහි උතුරු නැගෙනහිර ජනයාගේ අත්අල්ලා ගන්නට හංස පෙරමුණ සුදානම්ද ?

Must read

sajithමෙවර ජනපතිවරණයේදි උතුරු නැගෙනහිර ඡන්ද අතිශය තිරාණාත්මකය.පසුගිය දිනක බැසිල් රාජපක්ෂ පවා ඉන්දිය මාධ්‍ය හමුවේ කියා තිබුනේ ජයගැනිම සදහා උතුරේ සහ නැගෙනහිර ඡන්දවල වැදගත්කම ගැනය.
එහෙත් පොහොට්ටුවේ බහුතරයක් දෙනා මේ අවස්ථාවේ කටයුතු කරගෙන යනු ලබන්නේ සිය සුපිරුදු සිංහල බෞද්ධ තැටිය වාදනය කරමින් බව පැහැදිලිය.
ඒ නිසා ඔවුන් ඇල්පිටියේදිද ඉතා හොදින් උරගා බැලු පරිදි දකුණේ බහුතරයක් ජනයා වහලුන් සේ මේ අවස්ථාවේදි සිටින්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධිත්වය වැළදගෙන ඒකාධිපතියන් අපට වඩා හොදයැයි සිතන පදනම පිහිටාය.
තතු මෙසේව තිබියදි සජිත් ප්‍රේමදාස මොළෙන් නොව ඇගෙන දේශපාලනය කරගෙන යමින් දකුණු චූන් කරන කථා තවදුරටත් කියමින්  සිටින්නේ නම් එය බරපතල අවාසියක් නිර්මාණය කරනු ලබන බව ඉතා පැහැදිලිය.
එහි ඇති සැබැ අභියෝගය නම් දකුණු රාජපක්ෂ වහලුන්ව සොලවන්නට සජිත්ගේ ඒ දේශප්‍රේමි කථාවලට නොහැකි බවය.
මේහිදි සජිත් මෙන්ම සජිත් වටේ සිටින ඇගෙන් දේශපාලනය කරන්න පුළුවන් යැයි සිතන පිරිස  උතුරේ සහ නැගෙනහිර ජනයාට ඇමතිමට තවමත් නොහැකිව ඇතුවා පමණක් නොව සජිත් විසින් දකුණු චූන් කරවිමට කියන රණවිරු ප්‍රේමි කථා ටික උතුරෙත් නැගෙහිරත් දමිළ පරිවර්ථනය සහිතව රුපවාහින තිරමතින් ඒ සමාජය තුලට යැම හරහා ඒ ජනයා තුල ඇතිවන්නේ කිනම් හැගිමක්ද යන්න බරපතල ලෙසින් මේ අවස්ථාවේදි කල්පනා කළ යුතුව තිබේ..

නිදසුනක් ලෙසින් ඊයේ (26) පස්වරුවේ හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස කියා තිබුනේ

විදේශ රටවලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බවය. .
එහිදි වැඩිදුර අදහස් දක්වමින් කියා තිබුනේ  “අපේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇප කැප වුණු ශවේන්ද්‍ර සිල්වා අභීත රණවිරුවාණන්ව,මම මගේ පනට වඩා ආරක්ෂා කරමින් අපේ රටේ හමුදාපති ලෙස එතුමාව ඉදිරියටත් තබා ගන්න කටයුතු කරනවා යනුවෙනි..

ශවේන්ද්‍ර සිල්වා ව දෙමළ සමාජය සලකන්නේ දරුණුතම අපරාධකාරයෙකු ලෙසිනි.තතු එසේව තිබියදි සජිත් ප්‍රේමදාසගේ බ්‍රේක් නැති මුවෙන්  පිටවන මේ කථාවලට වන්දි ගෙවන්නට වෙන්නේ සජිත්ට කෙසේ වෙතත් ගෝඨා බලයට පැමිණිමට එරෙහිව කටයුතු කරමින් සිටින විවිධ සමාජය කොටස්වලටය.මන්ද  රාජපක්ෂලා යළි බලයට පැමිණිමට දෙනුලබන ඉඩ යනු  සැමගේ මළගමද වන බැවිනි.
දෙමළ ජනතා සංධානය සිය ස්ථාවරය ලබන 31 වෙනිදාට ප්‍රකාශ කරන්නට නියමිතව තිබේ.සජිත් ප්‍රේමදාස විසින් දකුණු ඉල්ලක්ක කොට ගෙන කරන රණවිරු ප්‍රේමි කථා සහ දේශප්‍රේමි කථා සැබැවින්ම අවාසියක්ම වනු ඇත,මන්දයත් කොයිතරම් දකුණු චුන් කළද උතුරු නැගෙනහිර ඡන්ද නැතිව සජිත් දිනනවා  බොරුය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article