spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විපතට පත් කටුවපිටිය ප්‍රදේශවාසීන්ට පංසලෙන් වියලි ආහාර මල්ලක් .

Must read

IMG-20191027-WA0051IMG-20191027-WA0057කෝට්ටේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරස්ථානයේ නායක වැලිගල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්වහන්සේ විසින් අද දින වියලි ආහාර තොගයක් කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ ඛේදවාචකය නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රධානය කරන ලදී .IMG-20191027-WA0054
මෙම අවස්ථාවට දේවස්ථානයේ නායක පියතුමා වන මංජුල නිරෝෂන් පියතුමා සහ සහායක පියතුමා වන සචිත ජයලත් පියතුමාද සහභාගී විය .
එසේම තවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් සහ එම පංසලේ දායක පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය .
මේගැන පැහැදිළි කළ ස්වාමීන්වහන්සේ ප්‍රකාශකළේ ප්‍රදේශයේ වසරක් පාසා පැවැත්වෙන කටින පිංකම පාදක කර ගනිමින් එකතු වන දේවල් මත මෙම පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කළ බවයි . මේ සඳහා කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ මෙම විපත වෙනුවෙන් වියලි ආහාර එකතු කරන ලෙස ප්‍රදේශවාසීන් දැනුවත් කළ අතර එසේ දැනුවත් කිරීමෙන් පසුව ලැබුන ආහාර මළු අද දින පරිත්‍යාග කිරීම සඳහා ගෙන ආ බවත් ප්‍රකාශ කරන ලදී .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article