චමිලා ඝාතනයේ සැකකාර වෛද්‍යවරයා යළිත් බන්ධනාගාරයට..??

0
244

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කරන ලද නිදහස්් වෙළඳ කලාප සේවිකාවක වු චමිලාගේ නඩුව නැවතත් අද විභාගයට ගැණුනි.
මෙම නඩුවේ පළමු සාක්ෂි විමසිම අද දිනයේ මීගමුව මහාධිකරණයේදි සිදුවිය.
මෙහිදි මෙම ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන එවකට මීගමවේ රෝහලේ පවිත්‍රතා සේවිකාවක ලෙසින් කටයුතු කළ බ්‍රියට්‍රිස් මහත්මිය ඇතුළු පිරිසකගෙන් සාක්ෂි විමසිම සිදුකරන ලදි
.එමෙන්ම නඩු භාණ්ඩ ලෙසින් ඉදිරිපත් කර තිබු චමිලාගේ අත්බෑගය ඇතුළු ඇය සතුව තිබු අනෙක් දෑ මෙහිදි පරික්ෂාවට ලක්කිරිම සහ ඒවා හදුනා ගැනිමද සිදුවිය.එහිදි චමිලාගේ යෙහෙළික විසින් චමිලා විසින් ඝාතනයට ලක්වු දිනයේ පාවිච්ච කරන ලද ඇගේ සියළු දෑ හදුනාගන්නා ලදි.
වැඩි දුර සාක්ෂි විභාගය හෙට දිනයේදිද පැවැත්විමට නියමිතය.
සාක්ෂි විමසිමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු එම්.එම්. ඒ ගපුර් මහතා  විසින් මෙම සැකකාර වෛද්‍යවරයා වු සුදර්ශන බාලගේ නැමැත්තාව අද යළිත් බන්්ධනාගාරගත කරන ලෙසින් නියෝග කරන ලදි.
මෙම සැකකරු මෙතෙක් ඇප පිට කල් ගෙවු අතර ඒ කාල සිමාව තුලදි මීගමුෙව් කුරණ ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලවක සේවය කළේය.

අචලාට සාධාරණය ..? චමිලාට ..? බ්‍රියට්‍රිස් ඇත්ත කියයි..http://www.meepura.com/stories/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here