spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවට ප්‍රෝටීන් ලබාදෙන මාළු විකිණිල්ලට පොලීසිය විරුද්ධද?

Must read

    මීපුර වෙබ් අඩවියේ  පළව තිබූ එක ප්‍රවෘත්තියකට  අනුව ප්‍රාදේශීය  මාළු සහ එලවළු  වෙළඳසැල්  වැසීමට  කටාන පොලිසිය නියෝග නිකුත් කර තිබිණ . මෙය ඇත්තක්දැයි දැන ගැනීම සඳහා  මා කටාන Y හංදියේ රැල්ල මාළු වෙළඳ මධ්‍යස්ථානයට දුරකතන  මාර්ගයෙන් ඇමතීමක් ගත්තෙමු .

මේ අනුව පැහැදිළි වූයේ රැල්ල මාළු වෙළඳසැල සහ ඒ ආසන්නයේ ඇති එලවළු සහ පලතුරු වෙළඳසැලද වසා දැමීමට කටාන පොලිසිය කටයුතු යොදා ඇති බවයි.
පවතින නිරෝධායන ඇදිරි නිති කාලය තුල ජනතාවට අවැසි එළවළු සහ මාළු ලබාගැනිමට රජය විසින් කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොතිබුන පසුබිමක අතරින් පතර හෝ එළවළු කඩයක් මාළු විකුණන තැනක් පැවැතිම ජනතාවට අස්වැසිල්ලකි.
බේත් හේත් ගැනිමට පාමසි වලට යන ගමන් හෝ වැඩ ඇරි ගෙදර යන ගමන් හෝ මේ තැන් වලින් මාළු ටිකක් මිළට ගැනිමට පහසුවක් තිබුණි.

අවට ප්‍රදේශ වාසීන්ට මෙම වෙලඳසැල් නිසා මාළු සහ එලවළු මිලදී ගැනීම කිසිදු අවහිරයකින් තොරව ඉටුකර ගැනීමට හැකියාවක් තිබිණ . පවතින තත්වය හමුවේ ලෙල්ලමට ගොස් තෙරපෙමින් කොරෝනා වසංගතයට බිලිවෙනවාට වඩා මෙම වෙළඳසැල් තුළින් ඉමහත් ඉසුපාසුවක් ලැබුනු බව මෙහි පැමිණෙන පාරිභෝගික ජනයා සඳහන් කරති.

වසංගතයට මුහුණ දීම සඳහා එන්නත් කරණයට අමතරව සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාගැනීමද වැදගත් බව ප්‍රකාශ කරමින් වෛද්‍යවරු නිතර දැනුවත් කිරීම් කරති. ප්‍රධාන වශයෙන් මේ සඳහා ප්‍රෝටීන වල අවශ්‍යතාවය අවධාරණය කෙරේ. අප කාටත් පහසුවෙන් ප්‍රෝටීන් ලබාගත හැක්කේ මාළු පරිභෝජනය කිරීමෙනි.

තත්ත්වය එසේ තිබියදී තොග වෙළෙන්දා හට ලෙල්ලමට යාමට ඉඩදී රැකගෙන ඉඳිමින් ඔහු මාළු ⁣රැගෙන එන ස්ථානය දක්වා අවසර දී එහිදී එම මාළු වෙළඳාමට අවසර නොදුන්නේ ඇයි? එක්කෝ පොලිසිය මාළු වෙළෙන්දා සමඟ අමනාපයක් තිබිය යුතුය . එසේ නැතහොත් ජනතාව මාළු පරිභෝජනය කර ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගැනීම ගැන අකමැත්තක් තිබිය යුතුය . මෙය අපට නොතේරෙන්නේ ආණ්ඩුව විසින් ද අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලබාදී ඇති බැවිනි .

තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයින් සඳහා රට තුළ සියළු පහසුකම් සළසන ආණ්ඩුව වසංගතය ඔවුන්ට වසන්තයක් බවට පත්කර ගැනීමට අවස්ථාව ලබාදීමට මැදිහත් විය. කෝටි ප්‍රමාණ වලින් ඔවුන් ලාභ ලැබූ ආකාරය මාධ්‍ය තුළින් ප්‍රකාශිත විය .

නමුත් එසේ නොවන ව්‍යාපාරිකයින්ට එවැනි ඉඩ අවසරයක් නොලැබ බංකොලොත් වීමට සිදුව ඇත . අපි පහළින් අත්දකින්නේ එවැන්නක් ද? යන ප්‍රශ්ණය මතුව ඇත්තේ එබැවිනි .

⁣කරුණු කෙසේ වෙතත් මෙම අමන තීරණ වලින් පීඩාවට පත්වන්නේ අසරණවූ ජනතාව බව කිවයුතුය .
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article