spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජලනලයක් පිපිරී මහපාරේ වලක් !

Must read

IMG_20181230_112956

ජල නලයක් පිපිරී මහපාරේ වලක්. සතියක් තිස්සේ ජලය ගලායයි.
මීගමුව, වැල්ලවීදිය විදුහල ඉදිරිපිට පාරේ පොලව යටින් ජලය රැගෙනයන නලයක් පිපිරීමෙන් ජලය කාන්දුවීමකි. මෙසේ නලය පිපිරීම නිසා මෙම ස්ථානයේ සෑදුනු වලකින් ජලය බැහැරට යන දසුන අප නෙත ගැටෙන්නේද අහම්බෙන්ය. මේ දෙස බලමින් යනඑන අය කොඳුරමින් යන්නේ කොතරම් විශාල ජලකඳක් මේ වනවිට අපතේ යන්නට ඇතිද? කියාය. මෙම සිදුවීමට මේවනවිට සතියකට වැඩි කාලයක් ගතවී ඇතිබව ප්‍රදේශවාසීන් පවසති. මේ ගැන ජලසම්පාදන මංඩලයට කිහිප වතාවක් දැනුම් දුන්නද තවමත් යම් පියවරක් ගැනීමට සමත්වි නොමැති බව ඔවුන් පවසයි.

වැල්ලවීදිය කතෝලික දේවස්ථානය ඇත්තේ මේ අසලය. විදේශිකයින් නිතරම ගමන් කරන්නේද මෙකී පාරෙන්ය. එසේ තිබියදී සතියක් තිස්සේ මෙම ජල නලය සකස් කිරීමට අසමත්වීම පිලිබඳව ඇතිවන්නේ පුදුමයක් නොව ලජ්ජාවකි. ජලසම්පාදන මංඩලය,මාර්ගසංවර්ධන අධිකාරිය, ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාලය, ඇතුළු ප්‍රධාන වගකිවයුත්තා වන මීගමුව මහ නගර සභාව යන මේ සියළු ආයතන ක්‍රියාත්මක වන නගරයක කුඩා ජලනලයක් කැඩී සතියකට වැඩිකලක් පාරපුරා ජලය ගලාගෙන යන්නේනම් කුමක් කරන්නද? ප්‍රශ්ණය වන්නේ නත්තල් උත්සව සමයද? නැතිනම් මීට වඩා වැදගත් රාජකාරි සඳහා මේ සතිය තුළ අවධානය දීම නිසාද? කෙසේ නමුත් මේ තත්වය තුළ අවසාන වශයෙන් අප වගකිවයුත්තන්ගෙන් මෙසේ අසමු. මහත්වරුනි! මෙම ජලනලය සකසා පිළිසකර කිරීම උදෙසා මේ වතුර වල තව තවත් ගැඹුරු වී පාරේ යන වාහනයක් එහි වැටී යම් අනතුරක් සිදුවනතුරු බලා සිටිය යුතුද?
Virus-free. www.avast.com

Journalist
www.meepura.com

Virus-free. www.avast.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article