spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුවිප් ටිකට් වලින් ජීවිතේ වාසනාව හොයන කොමඩි නළුවා!

Must read


IMG_20181230_090624 සුවිප් ටිකට් වලින් ජීවිත වාසනාව උරගාන කොමඩි නළුවා.e
ඒ සෙනසුරාදා දිනයකි. මිගමුව සුපර්මාකට් බිමේ විවිධාකාරවූ වෙළෙන්ඳන් අතර එක් විශේෂිත වෙළෙන්දෙකු හමුවිය. ඔහු නමින් සුනිල්ය. ගම මාරවිලය. උසින් අඩි 3යි අඟල් 4යි. තැනින් තැනට යමින් සුවිප් විකුණා තම පවුල නඩත්තු කිරීමේ අරගලයක යෙදී සිටින මේ පුද්ගලයා සමඟ කථාබහක යෙදෙන්නට අදහස් කළේ ඔහුගේ බාහිර ස්වරූපය නිසා පමණක් නොව මෙවැනි කටයුතු වල යෙදී ජීවන ගමන යන චරිත පිළිබඳව අප වෙබ් අඩවියේ ඉඩක් වෙන්කර ඇති බැවිනි. සුවිප් ටිකට් විකුණන අතර තුර මේ සුවිප් වෙළෙන්දා මා ලඟට පැමිණියේ කලක සිට දන්නා අඳුනන අයෙකු ලෙස මුවඟ රැඳි සිනාවකුත් සමඟය. ඔහු තමඅත රැඳි සුවිප් තොගය මාදෙසට දිගුකරමින් ටිකට් එකක් ගමුද? කියා ඇසූවිට අප දෙදෙනා අතර කෙටි කථා බහකට එය නිමිත්තක් විය. ඒ අනුව ඔහු මා සමඟ දොඩමළු වුයේ මෙසේය.

කොහොමද? ඔයාගෙ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

මගෙනම සුනිල් කරුණාදාස. ඉන්නෙ මාරවිල. සුවිප් විකුණන්න මීගමුවටත් එනවා. මගෙ වයස අවුරුදු 57යි. මගෙ බිරිඳ සිලිනෝන.එයාටත් අවුරුදු 57යි. මට එක දරුවෙක් ඉන්නවා. එයා කසාද බැඳල ඉන්නෙ. ඉතිං ජීවත්වෙන්න සුවිප් විකුණන එක තමයි කරන්නෙ.

මීට ඉස්සෙල්ල මොනවද කළේ?

මම කොමඩි නළුවෙක්. සර්කස්වල කොමඩි අයිටම් කළා. නාට්‍යවලත්, චිත්‍රපටිවලත් , ටෙලිනාට්‍ය වලත් රඟපාල තියෙනව. ඒකාලෙනම් මාව හොයාලෙන එනව ඒ වගේ වැඩවලට , දැන්නම් කව්රුත් මා ගැන බලන්නෙ නෑ.

ඔයා රඟපෑව චිත්‍රපටි, නාට්‍ය එහෙම මොනවද?

බජාර්එකේ චන්ඩියා, රාක්ෂ කැලේ, ප්‍රාර්ථනා වගේ චිත්‍රපටි වල රඟපෑව. ටාසන් ද අපේමෑන් කියල ටෙලිනාට්‍යක චරිතයක් කළා. වැඩියෙන් කළේ සර්කස්වල කොමඩි චරිතවල රගපාන එකයි.

ඉදිරි බලාපොරොත්තු එහෙම.

මට නැවතත් රගපාන්න අවස්ථාවක් ලැබෙනවනම් ඒක තමයි මගෙ ආශාව. වෙන විශේෂ දෙයක්නෑ.

සමාජය තුළ උස මිනිසුන් අතර උසස් අය සිටිති. ඒවෙග්ම පහත් අයත් සිටිති. සුනිල් උස නැත. නමුත් උස අය හා උෙරනුර ගැටී වැඩ කරන, සාධාරණ ලෙස තම ජීවිකාව කරගෙනයන උත්සාහවන්ත මිනිෙසකි. ඔහු තම පවුලේ කටයුතු සඳහා යෙදෙන අතරතුර තමා සතුව පවතින කලා හැකියාවන් තුළින් සමාජයට යම් මෙහවරක් කිරීමට අදහස් කරයි. ඒ් සදහා ඔහු අවස්ථාවක් ෙසායමින් සිටියි. ඒ්නිසා ඔබෙග් කලා නිර්මාණයට සුනිල් දායක කරගන්ෙන්නම් ඒය ඒක්තරා අන්දමක සත්ක්‍රියාවක් වනු අැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article