spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජල ගැලීම් නවතන්න, දෙපා ඇල සුද්ද කරන්න

Must read

පසුගිය වසර කිහිපයක සිට වර්ෂා කාලවලදී විටින් විට මීගමු නගරයට ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් ම ජලයෙන් යටවුණු දැක ගත හැකි විය.
නිසි ලෙස වැසි ජලය ගලාගෙන යාමට තනා ඇති කානු පද්ධතියේ ඇතිවන අවභිරතා මෙන්ම විශේෂයෙන්ම ජලය ගලා යාමට ඇති ප්‍රධානතම ඇල මාර්ගවල පවතින අවහිරතා නිසා ද මෙම ප්‍රදේශ සුළු වර්ෂා කාලවලදී පවා ජලයෙන් යටවන තත්ත්වයකට පත්ව ඇත.

මෙලෙස වැඩි වශයෙන්ම වර්ෂා කාලවලදී ජලයෙන් යටවන ප්‍රදේශ ලෙස මීගමු නගරයට ආසන්නව ඇති කටුවාපිටිය ජයරත්න පාරේ, ගෝමස්වත්ත , කටුවපිටිය දේවස්ථානය ආශ්‍රිත ප්‍රදේශය,එමෙන්ම ඩීන් හංදිය සිට කටාන දෙසට වන්නට පිහිටි රබර් වත්ත ප්‍රදේශය, දළුපත දේවස්ථානය පිටුපස ප්‍රදේශයද, එලෙසම ඊට ආසන්න දෙනියාව ප්‍රදේශයේද, එම ප්‍රදේශයට ආශ්‍රිතව ඇති සෙල්ල කන්දවත්ත නමැති ප්‍රදේශයද ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.

පෙරියම්මුල්ලේ ඩිපෝ පාරේ විස්ඩම් පාසල අසල දෙපා ඇල‍
විස්ඩම් ජාත්‍යනතර පාසල අසල දෙපා ඇල

එලෙසම පෙරියමුල්ල බස් ඩිපෝව ආසන්නයේ ඇති සමහර ප්‍රදේශයන්ද,එලෙසම වයි හංදිය ආසන්නව ඇති නුගවෙල හංදියට සමීපව පිහිටි ඇවැන්රා හෝටලය ආශ්‍රිත ප්‍රදේශයද සමහර වර්ෂා කාල වලදී ජලයෙන් යටවන ආකාරය දැකගත හැකි විය.
මෙලෙස ප්‍රදේශ ගණනාවක්ම බොහෝවිට සුළු වර්ෂා කාලවලදී පවා මෙම ප්‍රදේශය ජලයෙන් යට වන්නේ මේ ප්‍රදේශය හරහා ගලා බසින” දෙපා ඇල” නමින් හඳුන්වන ජලය ගලාගෙන යෑමට ඇති ප්‍රධානතම ඇල මාර්ගය බොහෝ ස්ථානවලදී අවහිරවී තිබීමයි. ඇල මාර්ගයේ සමහර ස්ථානවල ජපන් ජබර සහ වල් හබරල වැනි ශාක පද්ධතීන් අධික ලෙස වැවී තිබීමෙන් ජලය නිසි ලෙස ගලාගෙන යෑමට විශාල බාධාවක් වී තිබෙනු දැකගත හැකිය. මීගමුව ලයිට් මෝල හන්දියේ සිට කිඹුලපිටිය දෙසට වන ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණෙන විට හමුවන ප්‍රථම පාලමේ දෙපස සිට නිරීක්ෂණය කල විට මෙම කරුණ මනාව වැටහෙනු ඇත.
එමෙන්ම පෙරයමුල්ල ප්‍රදේශයේ දෙපාඇල ගලායන මාර්ගයේ ඇතැම් ස්ථාන වල ඇළ මාර්ගය ඉතා පටු වී ඇති ආකාරය ද දැක ගත හැකිය.එලෙසම සමහර ස්ථානවල ඇළ ඉවුරු ගොඩ කර ඒ මත තාප්ප වැනි දේ ඉදිකිරීම් කර පෞද්ගලික ඉඩම් ලෙස වෙන්කරගෙන ඇති ආකාරයද දැක ගත හැකිය.
කෙසේ වෙතත් දෙපා ඇලේ ජලය නිසි ලෙස ගලායාමට ප්‍රධාන බාධකය බවට පත්වී ඇත්තේ වල් හබරල හා ජපන් ජබර ඇතුළු ජලාශ්‍රිතව ඉතා සරුවට වැවෙන ශාකයන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියයි. මේ ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව පවසන්නේ දෙපාඇල වැසි කාලයන්ට ප්‍රථම අඛණ්ඩව ශුද්ධ පවිත්‍ර කරන්නේ නම් මෙලෙස සුළු වර්ෂා කාලවලදී පවා සිදුවන ජලගැලීම් අවම කරගත හැකි බවයි.
විටින් විට සිදුවන මෙවැනි ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය දෛනික වැඩ කටයුතු ඇනහිටීමෙන් ගැටළු ගණනාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත.එමෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ මේ ප්‍රදේශ හරහා රථවාහන ගමනාගමනයටද බාධාවන් සිදු විය හැක. එලෙසම මෙහිදී සිදුවන අහිතකර මම බලපෑම වන්නේ ජලය නිසි ලෙස ගලා යෑම සිදු නොවීමෙන් , ගලා නොබසින ජලය මත මදුරු කීටයන් බෝ වීමෙන් ප්‍රදේශයේ ජනතාව ඩෙංගු , මැලේරියා සහ බරවා වැනි මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වේ. නිසා මේ ප්‍රදේශ වලට විටින් විට සිදුවන ජල ගැලීම් වලක්වාලීමට හෝ අවම කිරීමට නම් දෙපාඇල අනිවාර්යයෙන්ම අඛණ්ඩව සුද්ද පවිත්‍ර කිරීම කළ යුතුවේ.
දෙපාඇල වනාහි මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය සහ කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙන් කරන මායිම් සීමාවයි.ඒ නිසා දෙපාඇල සුද්ධ පවිත්‍ර කිරීමේ සෘජු වගකීම ඇත්තේ කාටද ??
මෙම තත්ත්වය මත අප මුලින්ම මීගමු මහා නගර සභාවේ කොමසාරිස්තුමාගෙන් මේ පිළිබඳව විමසුවෙමු. එවිට ඔහු පැවසුවේ පසුගිය වසරේදී දෙපාඇල ලක්ෂ 45 ක පමන මුදලක් වැය කර සුද්ද පවිත්‍ර කර ඇතත් වල්හබරල වැනි ශාක පද්ධතීන් සති තුනක හතරක පමණ කාලයක් තුළ ඉතා ඝනව නැවත නැවතත් වැඩී දෙපා ඇලේ ජලය ගලා යාමට විශාල බාධාවක් වී ඇති බවයි. එලෙසම මීගමු නගර සභාවට ඒ සඳහා වැය කිරීමටඇති ප්‍රතිපාදන මත ප්‍රදේශයේ සිදුවන ජල ගැලීම් අවම කිරීමට තෝරාගත් ඇලමාර්ග කීපයක්ම මේ වන විට සුද්ද පවිත්‍ර කරමින් සිටින බව ද පැවසීය. අලූත් පාර ඇළ මාර්ගය, තිඹිරිගස්කටුව හරහා යන ඇල මාර්ගය, පාතිමා වත්ත හරහා යන ඇළ මාර්ගය, එලෙසම පල්ලන්සේන බන්ධනාගාරය අසල සුමිතුරු මාවතේ ඇති ඇල මාර්ග දෙකක් සහ දළුපත ඇල මෙලෙස ශුද්ධ පවිත්‍ර කිරීම සිදු කර ඇති බව කොමසාරිස්තුමා පවසයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ දෙපා ඇල මාර්ගය අඛණ්ඩව මාස තුනෙන් තුනටවත් ශුද්ධ පවිත්‍ර කිරීම සිදුකළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය වන දිය මත යා හැකි බැකෝ යන්ත්‍රයක් වැනි විශේෂිත යන්ත්‍රයක් මිලදී ගැනීමට නගර සභාවට මේ වනවිට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

දෙපා ඇල සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධව විමසීම සඳහා කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් අප උත්සාහ කලද එය ව්‍යාර්ථ විය. ඒ අනුව කටාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙක් වන පර්සි මහතා අප වෙත සඳහන් කළේ දෙපාඇල ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම පැවරී ඇත්තේ ගම්පහ යක්කල පාරේ පිහිටි, පළාත් සුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article