spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් කටාන ආසනය තුල ධර්ම දේශනා මාලාවක් !

Must read

LOGO-NEWජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනම මඟින් සෑම පොහෝ දිනකම කටාන ආසනය තුළ පිහිටි විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් “සද්ධර්ම දර්ශනී” නමින් සුමදුර ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනා වලට අමතරව අදාළ විහාරස්ථානයට අනුබද්ධව පවත්නා විවිධ සංවිධාන ඒකරාශී කරමින් ඔවුන් අතර සුහදතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීමද මෙමඟින් බලාපොරොත්තු වේ

තවද අඳාළ විහාරස්ථානයේ දහම්පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමද මෙහිදී සිදුවේ.මෙහි පළමු වැඩසටහන දිවංගත ගරු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 63 වන ජන්ම දිනය යෙදෙන 2016.01.11 වන දින සවස 07.00 අක්කර පනහ සමෘද්ධිගම ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

දේශකයාණන් වහන්සේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේයි.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article