spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයේ ආදායම කොල්ල කන කල්ලිය කව්ද ?

Must read

ටෙනිස්-2

මීගමුව  ,  කඩොල්කැලේ  ක්‍රීඩාංගණය  අංශ  කිහිපයකින්  සමන්විත  ක්‍රීඩාංගණයකි.  එහි  ක්‍රිකට්, ටෙනිස් සහ   පාපන්දු   (සරත්චන්ද්‍ර ගුනරත්න  පාපන්දු  ක්‍රීඩාපිටිය)  අංශ  තුනටම  අදාලව  ක්‍රීඩා  පැවැත්වෙයි. එසේම  එහි  ජෙයරාජ්   ප්‍රනාන්දුපුල්ලේ  ගෘහස්ථ   ක්‍රීඩාංගණයද  පිහිටා  ඇත. වැඩි  ප්‍රසිද්ධියක්  නැති  මෙම   කඩොල්කැලේ  ක්‍රීඩාංගණය  තුළ  වැඩි  ප්‍රසිද්ධියක්  නැතිව  සිදුවන  සමහර  දේවල්  පිළිබඳව  ජනතාවගේ   සහ  නගරයේ  වගකිවයුත්තන්ගේ   අවධානයට  ලක්වී  නොමැත.
මේ  අතරින්   වැඩි  කථාබහට  ලක්වන්නේ  ජෙයරාජ්  ප්‍රනාන්දුපුල්ලේ  ගෘහස්ථ  ක්‍රීඩාංගණය  පිළිබඳවයි.   මෙය ඉදිකරන ලද ඉඩම   අයත්ව  තිබුනේ  මහකොළඹ  ආර්ථික  කොමිසමටය.

ජෙයරාජ්  ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගණය  ඉදිවන්නේ  2008  දී පමණ  නගරසභා  මුදල්  වලිනි. ඒ සඳහා  කෝටි  7ක  පමණ  මුදලක්  වැයවී  ඇත.  එවකට  නගරාධිපති  ලෙස  කටයුතු  කළේ  නිමල්  ලංසාය.  ගොඩනැගිල්ල  ඉදිකර  අවසන්වූ  පසුව  එහි  යතුරු  නගරසභාවට  භාරදිය යුතු  වුවත්  එසේ  භාරදීමක්  මේ වනතෙක්  සිදුනොවීය.  එහි  යතුරු  භාර දෙන්නේ  නිමල් ලංසාගේ  හිතවත්  පිරිසකටය.
එහි  නායකයා  ජයනාත්  නම් වූ  මීගමුව  නගරසභාවේ   සේවය  කරන  අයෙකි.
ඔහු  නගරසභාවේ  සේවය  කරන  අතර  මෙම  ගෘහස්ථ  ක්‍රීඩාංගණයේද  කටයුතු  කරයි.  ඊට  විරුද්ධව  කිසිවෙකු   කථා  නොකරයි.
මෙම  ක්‍රීඩාංගණයේ   ටෙනිස්,  බැඩ්මින්ටන්,  බර ඉසිලීමේ  ක්‍රීඩාවන්ට  අමතරව  බාර් එකක්ද  ඇත.  මේ  සඳහා  අයකිරීම්  කෙරෙන  අතර  ඒ  මගින්   මසකට  රු.  ලක්ෂ 5ක  පමණ  ආදායමක්  ලැබෙන බවත්,  නමුත්  මේ  කිසිදු  ආදායමක්    මීගමුව  නගරසභාවට  ලැබෙන්නේ  නැතිබවද සැලය.
නිමල් ලංසා  පාර්ලිමේන්තුවට  ගොස්  ස්වදේශකටයුතු  නියෝජ්‍ය  ඇමති  පදවියක්ද  ලැබූ  අවස්ථාවේදී  මිගමුව  නගරසභාවේ  පාලනය  කොමසාරිස්  යටතේ  විය.
මෙහිදී  මෙම  ජෙයරාජ්  ප්‍රනාන්දු පුල්ලේ  ගෘහස්ථ  ක්‍රීඩාංගණයේ  ප්‍රශ්ණය  මසකට  වරක්  නගරසභාවේ  සිදුකෙරෙන  සාකච්ඡා  තුළ  මතුවිය.  නමුත්    මේ  ගැන  කොමසාරිස්   නිහඬ  කරවිමට  නිමල්  ලංසාට  හැකියාව  තිබින.   ඒ  පළාත්සභාවේ  මහ  ඇමති   ඉසුර  දේවප්‍රිය  හරහාය.
2008   සිට  වසර  11 ක්   වනතෙක්  මේ  දක්වාම    මෙම  සාපරාධී  ක්‍රියාව   සිදුකිරීමට  මෙම  හොරුන්ට  හැකියාව  ලැබී  ඇත.
ඊට  ප්‍රධාන  හේතුව  වන්නේ  නාගරික  කොමසාරිස්    නිලයේ  සිට  සියළු  වගකිවයුත්තන්  සහ  එ. ජා. ප. සහ  ජේ. වී. පී. මන්ත්‍රීවරුද  මේ  පිළිබඳව  ගොළුවන්  බිහිරන්සේ  සිටින  බැවිනි.  නමුත්  මහදවල්  සිදුවන  මේ  මංකොල්ලය  පිළිබඳව  ඉතිහාසයේ    යම්  දිනෙක  මොවුන්ට  සාක්ෂි දැරීමට  සිදුවනු  ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article